බටහිර ඕස්ට්‍රේලියාවේ ගබ්සා කිරීම් සම්බන්ද නව නීති ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ. ගබ්සා කිරීමේ ක්‍රියා පටිපාටිය සාපරාධී ක්‍රියාවක් වීම මේ හරහා නවතා දමා ඇත. මේ හරහා ගබ්සාවකදී කාන්තාවන් සඳහා වැඩිදියුණු කළ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා ඇති හැකියාව පුළුල් කර තිබේ. සාපරාධී නීති වලට ඇතුලත්ව තිබූ ගබ්සා කිරීමේ පෙර පැවති නීති මේ හේතුවෙන් අහෝසි වීමක් සිදු වේ.
මෙම නව නීති හරහා ගබ්සා කිරීමේදී පැවති අනවශ්‍ය බාදක ඉවත් කිරීමක් සිදු කර ඇත. මේ හරහා බටහිර ඔස්ට්‍රේලියාව ගබ්සා නීති සම්බන්දයෙන් අනෙකුත් ප්‍රාන්ත හා සම මට්ටමකට පැමිණීම සිදුවේ.
ප්‍රාන්ත අගමැති රොජර් කුක් පැවසුවේ තම ප්‍රාන්තයේ අඩු පහසුකම් සහිත සහ දුරස්ථ ප්‍රදේශවල කාන්තාවන් මුහුණ දෙන අසාධාරණ තත්වයන් අවම කිරීමට තම රජය කැපවී සිටින බවයි.
මෙහිදී ගබ්සා කිරීම් වලට විරුද්ද වීමට වෛද්‍ය වෘත්තිකයන්ට හැකියාව පවතී. කෙසේ උවත් එවැනි අවස්තාවකදී අදාළ රෝගීන් එම සේවාව ලබා දෙන වෛද්‍ය වෘත්තිකයන් වෙත යොමුකිරීමට ඔවුන් කටයුතු කලයුතු වේ.
මෙම නව නීති ප්‍රතිසංස්කරණ ඉතා ඉහල වැදගත්කමක් ඇති ප්‍රතිසංස්කරණ වන අතර මෙම කාන්තාවන් ප්‍රාන්තයේ කුමන ප්‍රදේශයක ජීවත් උවත් ඉතා උසස් තත්වයේ වෛද්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටී.
ගබ්සා කිරීමක් සඳහා වෛද්‍ය වරුන් දෙදෙනෙකුගේ අනුමැතිය ලබා ගැනීමට මින් පෙර අවශ්‍ය උවද මෙම නව නීති හරහා එය එක වෛද්‍ය වරයකු දක්වා අඩු කර තිබේ.
හෙද වෘත්තිකයන්ට සහ වින්නඹු මාතාවන්ට ඔවුන්ගේ විෂය පථය තුළ ගබ්සා ඖෂධ නියම කිරීමට අවසර ලැබෙනු ඇත. එසේම අනිවාර්ය උපදේශනය සඳහා වූ අවශ්‍යතාවයද ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ප්‍රමාද වූ ගබ්සා කිරීම් සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය සේවාවන් සඳහා අමාත්‍ය අනුමැතිය ලබාගැනීම තවදුරටත් අවශ්‍ය නොවේ.
මෙහිදී ගබ්සා කිරීම් වලට විරුද්ද වීමට වෛද්‍ය වෘත්තිකයන්ට හැකියාව පවතී. කෙසේ උවත් එවැනි අවස්තාවකදී අදාළ රෝගීන් එම සේවාව ලබා දෙන වෛද්‍ය වෘත්තිකයන් වෙත යොමුකිරීමට ඔවුන් කටයුතු කලයුතු වේ.
මෙහිදී ගබ්සාවක් සිදුකිරීම සඳහා පෙර පවතී සති 20 සීමාව සති 23 දක්වා ඉහල දමා තිබේ.
මෙම නව නීති වෙනස්කම් හරහා මූලික සෞඛ්‍ය සේවා සඳහා කාන්තාවන්ට අනෙකුත් ප්‍රාන්ත රාජ්‍ය වෙත ගමන් කිරීමට අවශ්‍ය නොවන බව කාන්තා අවශ්‍යතා පිළිබඳ අමාත්‍ය සූ එලරි පවසා සිටී.
එය ව්‍යවස්ථාදායක ජයග්‍රහණයක් වන අතර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුල ගබ්සා කිරීම් සම්බන්දව සාධාරණ තත්වයක් ඇතිවන බවද ඔස්ට්‍රේලියාව තුළ ආරක්ෂිත ගබ්සා කිරීම් සහ උපත් පාලන සත්කාර සපයන එකම ජාතික සහ ස්වාධීනව පිළිගත් සැපයුම්කරු වන MSI ඕස්ට්‍රේලියා ආයතනය පවසා සිටී.
රොජර් කූක් ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රමුඛ ප්‍රාන්ත රජය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මුලින්ම මෙම නීති පිලිබඳ ප්‍රකාශ කර සිටි අතර ප්‍රාන්තයේ ප්‍රජාව සහ කාන්තාවන් පැහැදිලිවම මෙම නව වෙනස්කම් බලාපොරොත්තු වන බව එහිදී ප්‍රකාශ වී තිබේ.
ඕස්ට්‍රේලියාව ගැන රසවත් කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් ඕනෑම පොඩ්කාස්ට් මාධ්‍යක SBS සිංහල සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.





