මැයි මාසයේදී, සිරියාවේ සිට කාන්තාවන් 11 දෙනෙක් සහ ළමයින් 21 දෙනෙක් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණියා. ඔවුන්ගේ පැමිණීමත් සමඟ මාධ්‍යවල විශාල අවධානයක් ඇතිවුණා. සමහර අය කියන්නේ, ඔවුන් ඔස්ට්‍රේලියාවට ආපසු පැමිණීම සිදු නොවිය යුතු බවයි. විශේෂයෙන් ළමයින් ගැන සලකා බලද්දි, මෙය ඉතා සංවේදී තත්ත්වයක් බව තවත් සමහරක් දෙනා පවසනවා
ඔවුන්ගේ පැමිණීම ගැන විශේෂයෙන්ම කතාබහ වැඩිවෙලා තියෙන්නේ, බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි. ඒ ප්‍රහාරයත් IS සන්විධානයට සම්බන්ධ බවට සැක කෙරෙන නිසා ජනතාව අතර ආරක්ෂාව පිළිබඳ යම් ගැටලුකාරී තත්වයක් ඇතිවෙලා තිබෙනවා. මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්න තිබෙන එක ක්‍රමයක් තමයි ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක Countering Violent Extremism, නැතිනම් CVE කියන වැඩසටහන. මේ හරහා අන්තවාදී මත දරන පිරිස් වල මතවාද වෙනස් කිරීමට උපකාරී වනවා. මේ CVE වැඩසටහන කුමක්ද? මෙය ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අද SBS Examine විශේෂාංගය ඒ පිළිබඳවයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






