Key Points
- සංක්‍රමණිකයින් හට ඇතිවන "migratory grief" හෙවත් දුක සංකීර්ණ වේ
- සංක්‍රමනයේදී යමක් අහිමි වීමෙන් ඇතිවන හැඟීම් කළමනාකරණය කිරීම, වඩාත් අපහසු වේ
- දිගුකාලීන ශෝකය වැදගත් තීරණ ගැනීම ප්‍රමාද කළ හැකි අතර ඉදිරි ස්ථාවරත්වයට බාධාවක් විය හැක
- මෙවැනි ගැටළු මත ඇතිවන තත්වයන් ජයගැනීම සංකීර්ණ විය හැකි අතර ඒ සඳහා සහාය ලබා ගත හැක
වෙනත් රටකට සංක්‍රමණය වීමෙන් අනතුරුව එම සංක්‍රමණිකයින් හට විවිධාකාරයේ ශෝකයන් දැනිය හැක.
භූගෝලීය වෙනස්වීම, හුරුපුරුදුකම සහ සුපුරුදු ආධාරක ජාල අහිමි වීම, තමාට අයිති දෑ නොමැතිකම සහ ස්ථානය පිළිබඳ හැඟීම වැනි දෑ නව සංක්‍රමණිකයන්ට බොහෝ විට ගැටලුකාරී වේ.
තමා උපන් මුල් සංස්කෘතිය අහිමි වීමේ කම්පනය සහ homesick වැනි ආතතීන් මෙන්ම භාෂාමය ගැටළු වලට අමතරව, බොහෝ සංක්‍රමණිකයින් සහ සරණාගතයින් හට තවත් පාඩු අත්විඳීමට සිදු විය හැක.
මෙම හැඟීම් බොහෝ විට migratory grief වශයෙන් හැඳින්වේ
Beyond Blue හි සායනික ප්‍රධානියා වන ආචාර්ය Grant Blashki පැහැදිලි කොට සිටින්නේ යම් පුද්ගලයකු ශෝකයට පත් වූ විට සහ ඔවුන්ට යම් ආකාරයක අලාභයක් සිදු වූ විට, බොහෝ විට එය හොඳින් හඳුනාගත හැකි බවයි.
ඔබට ආදරය කල අයකු හෝ සුරතලකු ඔබට අහිමි වීම හේතුවෙන් නැතහොත් ඔබට රැකියාවක් අහිමි වීම හේතුවෙන් ඇතිවන දුක හෝ කෝපය හඳුනාගත හැක.
කෙසේ නමුත් වෙනත් රටවලට සංක්‍රමණය කල පිරිස, නොපැහැදිලි සහ නිර්වචනය කල නොහැකි වෙනත් ආකාරයේ මානසික පීඩන අත්විඳිමද දැකිය හැක.
ආචාර්ය Grant පෙන්වා දෙන්නේ යම් හෙයකින් තමා අත්විඳින මානසික පීඩනය නිර්වචනය කල නොහැකි නම් ශෝකය කළමනාකරණය කිරීම අපහසු වන බවයි.
එමෙන්ම ආචාර්ය Grant කියා සිටින්නේ සංක්‍රමණිකයින් ඇතැම් විට ඔවුන්ගේ අනන්‍යතාවය බිඳවැටීම සහ ඔවුන්ගේ සමාජ තත්වයේ පහත වැටීමක් ඇති බව දැනීම වැනි කරුණු සඳහා මුහුණ දෙන බවයි.

Uruguay හි උපන් සායනික මනෝවිද්‍යාඥ Jorge Aroche, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වධහිංසා සහ කම්පනයෙන් මගින් දිවි ගලවා ගත් පිරිසට ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා වූ සේවාවෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වේ.
Jorge කියා සිටින්නේ මිතුරන්, නෑදෑයන්, ආදරය කරන පුද්ගලයින් සහ ආදරය කරන ස්ථාන අතහැර දැමීම, එමගින් ඈත් වීම මත migratory grief තත්වය උද්ගත වන බවයි.

නමුත් තම රටෙහි රැකියාව සහ සමාජ තත්වය වැනි දේ අහිමි වීම සහ වෙනත් රටකදී සිය අනන්‍යතාවය අහිමි වීම හේතුවෙන්ද මෙවැනි ආකාරයේ migratory grief තත්වයක් ඇතිවිය හැක.
මනෝවිද්‍යාඥ Jorge කියා සිටින්නේ ඇතැම් අවස්ථා වලදී "තමා පෙර සිටි ආකාරයට සිටියේ නම් කුමක් වේද?" යන සිතුවිල්ල මත මෙම මානසික බලපෑම සිදු විය හැකි බවයි.
කෙසේ නමුත් නව රට තුල ඔවුන් වඩා හොඳ ජිවිතයක් ගෙවීම මත මෙවැනි හැඟීම් ඇතිවීම සම්බන්ධයෙන් ඇතැම් පිරිසට යම් වරදකාරී බවක් දැනෙන බවත් ඔහු තවදුරටත් පවසයි.
යමකුට අපකීර්තියක් වේ යයි වන බිය නිසා විවෘතව ශෝකය ප්‍රකාශ කිරීමට නොහැකි වීම මත බොහෝ විට ඇතැමුන් හට දුකක් දැනීම සිදු වේ.
වෙනත් රටකට සංක්‍රමණය වූ Economic migrants and refugees හෙවත් ආර්ථික සංක්‍රමණිකයන් සහ සරණාගතයින් හට මෙම තත්වය දැඩි ලෙස බලපෑ හැක. ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන් තමන් උපන් රටේ දුක් විඳීම හෝ ඇතැම් විට භයානක තත්වයකට මුහුණ දීම හේතුවෙන් මෙවැනි පිරිසට මෙම තත්වය ඇති වේ.
කෙසේ නමුත් ඔහු පවසන්නේ සංක්‍රමණිකයන් ඔවුන්ගේ ශෝකය පිළිගෙන ප්‍රකාශ කිරීම වැදගත් වන අතර ඔවුන්ට ඊට මුහුණ දිය හැකි බවයි.

මේ තත්වය සඳහා මුහුණ දීමේ යාන්ත්‍රනය
R U OK? හි සභාපතිත්වය දරන ඉන්දියාවේ උපන් Kamal Sharma පවසන්නේ ඕස්ට්‍රේලියාවට පැමිණි මුල් අවධියේදී තමා මෙරට සමාජයේ ගැළපෙන ස්ථානය තේරුම් ගැනීමේ ගැටලුවක් ඇති වූ බවයි.
කාලයත් සමඟම, ඔහුගේ අනන්‍යතාවය වෙනස් වී ඇති බව පිළිගැනීමෙන් තමා වෙනත් තැනක තනිව ඇති බවට වන හැඟීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන ඉගෙන ගත් බව ඔහු කියා සිටී.
සංස්කෘතික අවකාශවල විනෝදාස්වාදය සහ සම පසුබිම් සහිත පිරිස සමග එක් කිරීමෙන් සංක්‍රමණිකයන්ට මානසික සුවයක් ලබාදිය හැකි බව Kamal පිළිගන්නා නමුත් ඔහු පවසන්නේ නව පිරිස හඳුනාගැනීමත් වැදගත් වන බවයි.
මේ සඳහා ධනාත්මකව මුහුණ දීමේ යාන්ත්‍රණයක් තිබෙන බවත් Kamal කියා සිටී.
යමකු එකම කණ්ඩායමක් සමග සිටීම යම් දුරකට සෘණාත්මක තත්වයක් වන බවත් ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් නව අදහස් සමඟින් වෙනස් සංස්කෘතියක් තුළ ඔබේ අනන්‍යතාවය සැබවින්ම ගවේෂණය කිරීම ඉතා වැදගත් බව ඔහු කියා සිටී.

ඇතැම් සංක්‍රමණිකයින් දෙගිඩියාවකින් සිටින විට ජිවිතයේ වැදගත් තීරණ ගැනීම ප්‍රමාද කළ හැකි බවත්, එය ඔවුන්ගේ අනාගත ස්ථාවරත්වයට බාධාවක් විය හැකි බවත් මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.
ඔවුනට පැවති ආධාරක ජාලයන් නොමැතිකම මත බොහෝ විට තනිකම, කාංසාව සහ නුරුස්නා බව වැනි හැඟීම් ඔවුන් තුල උත්සන්න කරයි.
භික්ෂු පුහුණුව හා සමාන පුහුණුවක් ලැබූ Kamal පවසන්නේ ඔබ ජීවත් වන දේශීය සංස්කෘතියට ඒකාබද්ධ වීමට මාර්ගයක් සොයා ගැනීම මෙම ගැටළු මඟහරවා ගැනීමට මාර්ගයක් බවයි. මේ සඳහා තමා කණ්ඩායම් ක්‍රීඩා වලට සම්බන්ධ වීම සිදු කල බවත් Kamal කියා සිටී.
කෙසේ නමුත් ක්‍රියාකාරකමකට හෝ සමාජයකට සම්බන්ධ වීම, ව්‍යායාම කිරීම හෝ භාවනා කිරීම වැනි ප්‍රායෝගික පියවර ගැනීමෙන් ඔබ්බට, ඔබ පෙරදිග හෝ බටහිර ක්‍රමවලට කැමතිද යන්න මත පදනම්ව, ඔබට ක්‍රියාත්මක කළ හැකි තවත් ප්‍රවේශයන් කිහිපයක් තිබේ.
බටහිර සාහිත්‍යය ඔස්සේ වෙනස් වීම තුළ දියුණු වීම ගැන සඳහන් වන බවත් ඒ ඔස්සේ ඔබට වෙනස් වීමට සහ අනුවර්තනය වීමට හැකිවන බවත් Kamal කියා සිටී.

ඔබ ඔබ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න
මානසික සෞඛ්‍ය විශේෂඥයින් නිර්දේශ කොට සිටින්නේ ඔබට නිරන්තරයෙන් හැඟෙන ආකාරය සම්බන්ධයෙන් ඔබ පරීක්ෂා කර බැලීම සිදු කරන ලෙසයි. කෙසේ නමුත් මෙහිදී ඔබේ හැඟීම් සම්බන්ධයෙන් ඔබට කරදරකාරී බවක් ඇති වේ නම් ඔබ වහාම උපකාර පැතීම යෝග්‍ය වන බවත් ඔවුන් පවසයි.
ශෝකයෙන් සිටින බොහෝ පිරිස නිවසේදී, රැකියාවේදී ගැටුම් ඇතිකරගන්නා අතර මත්පැන් සඳහා ඇබ්බැහි විය හැකි බව ආචාර්ය Grant පවසයි.
සංක්‍රමණිකයන් තුළ අතරමං වීමක් බවට හැඟෙන ලක්ෂණ බොහෝ විට ඔවුන් පැමිණ වසර ගණනාවක් ගත වුවද දැනිය හැක. එමෙන්ම පාලනයකින් තොර වූ දිගුකාලීන ශෝකය, බරපතල මානසික සෞඛ්‍ය තත්ත්වයන් දක්වාද වර්ධනය විය හැක.
ආචාර්ය Grant Blashki පවසන්නේ සායනික මානසික අවපීඩනයේ ලක්ෂණ අතරට මාස ගණනාවක් පුරා පවතින බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් ඇතුළත් වන අතර ඒ ඔස්සේ පුද්ගලයාට සමාජගත වීමට, රැකියා කිරීමට සහ අන්තර් පුද්ගල සබඳතාවල යෙදීමට ඇති හැකියාව සීමා කරයි.

කෙසේ නමුත් මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම හැඟීම් කළමනාකරණය කිරීම සඳහා සරල ක්‍රමයක් නොමැති අතර, ඔබ ඔබට ශෝක වීමට ඉඩදීම යම් විටක වැදගත් බවයි.
වැලපීම ඔබ සතු දුර්වලකමට හෝ ධෛර්යය නොමැතිකමට සමාන නොවන අතර ඒ සඳහා පිළිතුරු සෙවීමේ ක්‍රියාවලිය පුද්ගලික හා සංකීර්ණ වේ.
‘Heal’ හෙවත් "සුවපත්" යන වචනයේ තේරුම නැවත සම්පූර්ණ වීම යන්නයි, එබැවින් ඔබ නව පරිසරයකට නැවත අනුගත වීමට වීමට පටන් ගනී.
ආචාර්ය Grant පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් පැරණි දේ අත්හැර ඉදිරියේ තිබෙන අලුත් දේට තැනක් ලබා දෙන ලෙසයි.
ඔබට මානසික ගැටළු සම්බන්ධයෙන් සහය අවශ්‍ය නම්, 13 11 14 ඔස්සේ Lifeline හෝ 1800 22 463 ඔස්සේ Beyond Blue සම්බධ කර ගත හැක.





