ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවට ඇති කාර්යභාරය කුමක්ද යන්න ගැන SBS සිංහල වෙතින්

QE2 Members Of The Royal Family Attend Events To Mark The Centenary Of The RAF

LONDON, ENGLAND - JULY 10: (L-R) Prince Charles, Prince of Wales, Prince Andrew, Duke of York, Camilla, Duchess of Cornwall, Queen Elizabeth II, Meghan, Duchess of Sussex, Prince Harry, Duke of Sussex, Prince William, Duke of Cambridge and Catherine, Duchess of Cambridge watch the RAF flypast on the balcony of Buckingham Palace, as members of the Royal Family attend events to mark the centenary of the RAF on July 10, 2018 in London, England Credit: Chris Jackson/Getty Images

ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයේ උරුමයක් වශයෙන් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමඟ විධිමත් සම්බන්ධතාවයක් පැවැත්වීම සිදු කරයි. 2022 සැප්තැම්බර් මස 8 වන දින 96 වියේ පසුවද්දී "II වන එලිසබෙත්" රැජිනගේ අභාවයත් සමග වත්මන් ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමග පවතින කාර්යභාරය කුමක්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා තුල කුතුහලයක්ද මතුව තිබේ.


Key Points
  • බ්‍රිතාන්‍යයේ රජු ඕස්ට්‍රේලියාවේ රාජ්‍යනායකයා ද වේ
  • පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් සියලුම රටවල් ස්වෛරී ජාතීන් වේ
  • රජු ඕස්ට්‍රේලියාවේ එදිනෙදා කටයුතුවලට සෘජුව සම්බන්ධ නොවේ
  • ඕස්ට්‍රේලියානුවන් තමන්ගේ රාජ්‍ය නායකයා තෝරා ගත යුතු බව ඔස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරය විශ්වාස කරයි
Museum of Australian Democracy හි පර්යේෂක Campbell Rhodes පවසන්නේ ඕස්ට්‍රේලියාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වශයෙන් ඇරඹි අතර ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාව තුල බොහෝ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් පවතින බවයි.

"Monarchy" නොහොත් "රාජාණ්ඩුව" එමගින් එකක් වශයෙන් හැඳින්විය හැකි අතර මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රජු ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා වශයෙන් සැලකේ.

1952 පෙබරවාරි මාසයේදී Elizabeth Alexandra Mary Windsor "II එලිසබෙත්" රැජින වශයෙන් පත් වූ අතර ඇයගේ පාලනය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14ක් පැවතින.

"II එලිසබෙත්" රැජින, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ පාලකයා වශයෙන් සැලකේ. ඇයගේ මරණයත් සමග "II එලිසබෙත්" රැජිනගේ පුත්‍රයා වන "චාල්ස්", "III චාල්ස්" රජු වශයෙන් පත් විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය සියලුම රටවල් ස්වෛරී ජාතීන් වන අතර ඔවුන්ට ඔවුන්ගේම නීති සහ ආණ්ඩු පවතී.

Australian Republic Movement හි ජාතික අධ්‍යක්ෂ Sandy Biar පවසන්නේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඕස්ට්‍රේලියානු රජයේ ව්‍යුහය සහ බලතල ගෙනහැර දක්වා ඇති බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාවට ලිඛිත ව්‍යවස්ථාවක් පවතින අතර එම ව්‍යවස්ථාවේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ රැජින හෝ රජු වන බවත් Sandy පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා ඕස්ට්‍රේලියාවෙන් බොහෝ දුරින් සිටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන නියෝජිතයෙකු පත් කිරීම සිදු කරයි.

QE2 Camilla and Charles
With the death of Queen Elizabeth II, her son Charles became King. He has begun his reign as King Charles III. Credit: Carl Court/AP/AAP Image

ඕස්ට්‍රේලියාව 'ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක්' වශයෙන් හඳුන්වයි

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා, ඵලදායි ලෙස චාරිත්‍රානුකූල තනතුරක් වන බව La Trobe විශ්වවිද්‍යාලයේ දේශපාලනය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය Judith Brett පවසයි.

ඔවුන්ට විධායක බලතල නොමැති අතර ආණ්ඩුවේ ප්‍රධානියාට එම බලය පවතී. මේ හේතුවෙන් රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින සංකේතාත්මක රාජ්‍ය නායකයා සහ මැතිවරණ තරඟය සඳහා පෙනී සිටින නායකයා අතර වෙනසක් පවතී

බ්‍රිතාන්‍යයේ රජු ඕස්ට්‍රේලියාවේ එදිනෙදා කටයුතුවලට සෘජුව සම්බන්ධ නොවන අතර රටේ සමාජයට, ආර්ථිකයට හෝ රජයට සෘජු බලපෑමක් සිදු නොකරයි.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ රජු ඕස්ට්‍රේලියානු කරුණු පිළිබඳව ඉතා හොඳින් දැනුවත් වන අතර, රජු අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයෙකු සහ විශ්වාසවන්තයෙකු ලෙස ක්‍රියා කළ හැක.

ආණ්ඩුකාරවරයාගේ කාර්යභාරය

"III චාල්ස්" රජු, ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ආණ්ඩුකාර ජනරාල්වරයා විසින් සහ සෑම ප්‍රාන්ත අගනුවරකම ආණ්ඩුකාරවරයෙකු විසින් නියෝජනය කරනු ලබයි.

ආණ්ඩුකාර ජනරාල්වරයා පත් කරනු ලබන්නේ ඕස්ට්‍රේලියානු රජයේ උපදෙස් මත රැජින හෝ රජු විසින් වේ.අතිගරු ජෙනරාල් David Hurley, වත්මන් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරයි.

රජු මෙන්ම ආණ්ඩුකාර ජනරාල්වරයා ද එදිනෙදා පාලනයට සම්බන්ධ නොවන නමුත් වැදගත් වගකීම් දරන බව Sandy Biar පවසයි.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නීතියක් සම්මත කරන සෑම අවස්ථාවකම, හෝ ඕස්ට්‍රේලියාව මැතිවරණයකට යන සෑම අවස්ථාවකම, ඒ සඳහා බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිතයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

Sandy Biar ඕස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරයේ ජාතික අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරයි. Sandy පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් රජතුමාගේ නියෝජිතයා ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයාට අත්සන් තැබීමද සිදු කරන බවයි.

බැඳීම් කපා හැරීම

1986 වසරේදී ඕස්ට්‍රේලියානු පනත මගින්, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු රජයන් අතර රාජාණ්ඩුව හැරුණු විට අවසන් නිල සබඳතා බිඳ දැමීම සිදු විය.

බොහෝ බ්‍රිතාන්‍ය යටත් විජිත, රාජාණ්ඩුව සමඟ ඔවුන්ගේ සබඳතා කපා හැර ඇති අතර, Barbados දූපත් මෙය මෑතකාලීනව සිදු කළේය.

එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වතාවට වත්මන් Labour රජය, ජනරජයේ සහකාර අමාත්‍යවරයකු වශයෙන් Matt Thistlethwaite පත් කිරීම සිදු විය.

බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින ඕස්ට්‍රේලියාවේ ප්‍රධානියා ලෙස සිටීම වෙනුවට ඕස්ට්‍රේලියානුවන් විසින් තෝරා ගන්නා ලද ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සිටිය යුතු බව ඕස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරය විශ්වාස කරයි.

Sandy Biar මේ සම්බන්ධයෙන් පවසන්නේ, අප වැනි ස්වාධීන රටක සියලුම තීරණ ප්‍රජාතන්ත්‍රවාදීව ගනු ලබන බවත් අපගේ නියෝජිතයින් ඕස්ට්‍රේලියාවේ අවශ්‍යතාවලට මුල් තැන දෙන බවත් අර්ථවත් වන බැවින් අපි මෙය විශ්වාස කරන බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව කෙරෙහි ඇති හැඟීම් ද වෙනස් වෙමින් පවතින බව මහාචාර්ය Judith Brett පවසයි.

එමෙන්ම පසුගිය දශකවලට වඩා, මේ වනවිට ඕස්ට්‍රේලියාවට සිදු වන රාජකීය සංචාර කෙරෙහි, පුද්ගලයින්ගේ අඩු උද්යෝගයක් පවතින බවත් හෙළිව තිබේ.

The Duke and Duchess of Cambridge visit Taronga Zoo, Sydney during their official 2014 tour to New Zealand and Australia
The Duke and Duchess of Cambridge visit Taronga Zoo, Sydney during their official 2014 tour to New Zealand and Australia Credit: Anthony Devlin/PA Images via Getty Images
මහාචාර්ය Judith Brett වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 1950 ගණන්වල මුල් භාගයේ රාජාණ්ඩුව පිළිබඳ හැඟීම ඉතා ඉහළ මට්ටමක පැවති බවයි. එවකට යුද්ධයෙන් හා මානසික අවපීඩනයෙන් දැඩි පීඩනයකට පත්ව සිටි ඕස්ට්‍රේලියානුවන්ට, ඕස්ට්‍රේලියාවේ සංචාරයේ නිරත වූ තරුණ එලිසබෙත් රැජින සහ පිලිප් කුමරු ඉතා ප්‍රසිද්ධ පුද්ගලයින් බවට පත් විය.

පොදුරාජ්‍යමණ්ඩලීය රටවල් කිහිපයකම ජනරජ ව්‍යාපාර මේ වනවිට මුල්බැස තිබේ. රුවන්ඩාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) විවෘත කිරීමේ උත්සවයේදී, "III චාල්ස්" රජු මෙම වෙනස පිළිගැනීමද සිදු කළේය. ඔහු පැවසුවේ පොදුරාජ්‍ය මණ්ඩලය සැමවිටම ස්වාධීන සහ ස්වයං පාලන ජාතීන්ගේ නිදහස් සංගමයක්" වනු ඇති බවයි.

ඕස්ට්‍රේලියානු ජනරජයක් කෙබඳු විය හැකිද යන්න තේරුම් ගැනීම සඳහා Australian Republic Movement ව්‍යාපාරය, පසුගිය වසර පුරා ඕස්ට්‍රේලියානුවන් 8,000කට වඩා වැඩි පිරිසක් සමග සාකච්චා කොට තිබේ. මෙමගින් ලබාගත් ප්‍රතිපලවලට අනුව 2022 වසරේ ජනවාරි මාසයේදී The Australian Choice Model නිවේදනය කොට තිබේ.

ඔස්ට්‍රේලියානු ජනතාව විසින් රාජ්‍ය නායකයා තෝරා පත් කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මෙහි විස්තර කෙරේ.


_______________________________________________________________________________________________

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service