Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සෞඛ්‍යයට හිතකර අලුත් ලුණු වර්ගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිදේශ කරයි

lunu.jpg

Evidence clearly shows the sodium in salt can harm our health when we eat too much of it. Source: AAP / PA / Alamy / Anthony Devlin

අධික ලුණු භාවිතාව ශරීරයට අහිතකර බවට වෛද්‍ය උපදෙස් නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනවා. ආහාර සම්බන්දයෙන් වන ඕස්ට්රේලියානු මාර්ගෝපදේශ තුලද ලුණු භාවිතාව අවම කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් වර්තමානයේ පවතින සාමාන්‍ය ලුණු වෙනුවට ශරීරයට හිතකර වෙනත් ලුණු වර්ගයක් නිර්දේශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා.


Published

By Dinesh Liyanage, Bruce Neal, Xiaoyue (Luna) Xu

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


අධික ලුණු භාවිතාව ශරීරයට අහිතකර බවට වෛද්‍ය උපදෙස් නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනවා. ආහාර සම්බන්දයෙන් වන ඕස්ට්රේලියානු මාර්ගෝපදේශ තුලද ලුණු භාවිතාව අවම කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් වර්තමානයේ පවතින සාමාන්‍ය ලුණු වෙනුවට ශරීරයට හිතකර වෙනත් ලුණු වර්ගයක් නිර්දේශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා.


සාමාන්‍ය ලුණු භාවිතාව හේතුවෙන් සිදුවන අහිතකර සෞඛ්‍ය බලපෑම් අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව මර්ගොපදෙෂණයන් ලබාදී තිබෙනවා. මේ අනුව සාමාන්‍ය ලුණු වෙනුවට සෝඩියම් අන්තර්ගතය අඩු වෙනත් ලුණු වර්ගයක් භාවිතා කිරීම සඳහා නිර්දේශ ලබාදී තිබෙනවා.

පොටෑසියම් බහුල මෙම ලුණු වර්ගය බොහෝ දුරට සාමාන්‍ය ලුණු හා සමාන අතර පෙනුමෙන් සහ රසයෙන්ද සාමාන්‍ය ලුණු වලට ඉතා සමාන වනවා

මෙම නව ලුණු වර්ගය කුමක්ද ?

අධික ලුණු භාවිතාව හේතුවෙන් ශරීරයට අධික සෝඩියම් ප්‍රමාණයක් ඇතුළුවීම නිසාඅ ශරීරයට අහිතකර තත්වයක් ඇති වනවා. ලුණු වල ඇති සෝඩියම් වැඩි වශයෙන් ඇතුළුවීම නිසා ශරීර සෞඛ්‍යයට අහිතකර තත්වයක් ඇතිවන බවට පරීක්ෂණ හරහා සනාථ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුලද අධිරුධිර පීඩනය, හදවත් රෝග සහ අක්මාවේ රෝග සඳහා අධික ලුණු භාවිතාව හේතු වන බවට අනාවරණය වී තිබෙනවා.

ලුණු භාවිතාව දිනකට උපරිම වශයෙන් 2g කට සීමා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබෙනවා. කෙසේ උවත් එක් පුද්ගලයකු දිනකට සාමාන්‍යයෙන් 4.3g ප්‍රමාණයක් ලුණු භාවිතා කරන බව වාර්තා වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිදේශ කරන මෙම නව ලුණු වර්ගය පොටෑසියම් බහුල ලුණු ලෙස නම්කොට තිබෙනවා. මෙහිදී මෙම නව ලුණු වර්ගයේ ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය ලුණු වල ඇති සෝඩියම් ක්ලෝරයිඩ් වෙනුවට පොටෑසියම් ක්ලෝරයිඩ් එක් කර තිබීමයි. පොටෑසියම් යනු ශරීරයේ සියලුම ක්‍රියාකාරකම් සිදුවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජයකි. සාමාන්‍ය ජනතාව ඉතා ඉහල සෝඩියම් ප්‍රමාණ ලබාගත්තද පොටෑසියම් ලබාගැනීම ඉතා අඩු මට්ටමක පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය දිනකට පොටෑසියම් 3.5g ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කලද බොහෝ පිරිසක් ඉතා අඩු පොටෑසියම් ප්‍රමාණයක් ලබා ගන්නා බව වාර්තා වනවා.

පොටෑසියම් බහුල මෙම ලුණු භාවිතයට ජනතාව පෙළඹුණහොත් චීනයේ සහ ඉන්දියාවේ පමණක් සෑම වසරකම හෘද රෝග (හෘදයාබාධ සහ ආඝාත වැනි) හේතුවෙන් වන මරණ සිය දහස් ගණනක් වලක්වා ගැනීමට හැකියාව ලැබෙන බව සිදුකෙරුණු අධ්‍යයන හරහා පෙන්වා දී තිබෙනවා. මෙම පොටෑසියම් බහුල ලුණු වර්ගය බොහෝ දුරට සාමාන්‍ය ලුණු හා සමාන අතර පෙනුමෙන් සහ රසයෙන්ද සාමාන්‍ය ලුණු වලට ඉතා සමාන වනවා.

කෙසේ උවත් පොටෑසියම් බහුල මෙම ලුණු වර්ගය සෝඩියම් බහුල සාමාන්‍ය ලුණු හා සංසන්දනය කිරීමේදී මිලෙන් තරමක් අධික වනවා. සාමාන්‍ය ජතාව මෙම ලුණු භාවිතයට හුරුකිරීම මේ හේතුවෙන් තරමක් අභියෝගාත්මක කාර්යයක් වනවා. මීට අමතරව ඇතැම් වකුගඩු රෝගීන්ටද පොටෑසියම් බහුල මෙම ලුණු භාවිතාව අහිතකර වනවා.

කෙසේ උවත් සෝඩියම් ප්‍රමාණය අඩු මෙම පොටෑසියම් බහුල ලුණු වර්ගය භාවිතාව හරහා හෘදයාබාධ වැනි හදවත් රෝග තත්වයන් අවම කර ගත හැකි බවට මේ සම්බන්දයෙන් සිදුකෙරුණු අධ්‍යයන හරහා පෙනී ගොස් ඇති බව වාර්තා වනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now