රැකියා ස්ථානවල සිදුවන ලිංගික හිංසන ක්‍රියා නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 3.8ක පාඩුවක්

harrasment.jpg

A new survey has examined attitudes toward workplace sexual harassment and equality. Photo by Yan Krukau/pexels.com

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ලිංගික හිංසනයන් යන කාරණාවන් පිළිබඳව වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ ශ්‍රම බලකාය දැඩි අවධානයෙන් සිටින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. ලිංගික හිංසන ක්‍රියා සම්බන්දුයෙන් නිසි ක්‍රියා මාර්ග නොගන්නා රැකියා ස්ථාන වලින් ඉවත් වීමට කාන්තාවන්ගෙන් 83%ක්ද පිරිමි පුද්ගලයින්ගෙන් 67%ක්ද බලාපොරොත්තු වන බව Our Watch ආයතනය විසින් සිදුකල සමීක්ෂණයක් හරහා හෙළිවී තිබෙනවා.


රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසන ක්‍රියා සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ බොහෝ පිරිසක් දැඩි අවධානයෙන් සිටින බවට තොරතුරු වාර්තා වනවා. මේ අනුව ලිංගික හිංසන ක්‍රියා පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගන්නා රැකියා ස්ථානවලින් ඉවත් වීමට බොහෝ පිරිසක් බලාපොරොත්තු වන බවද මෙහිදී හෙළිවී ඇති බව Our Watch සංවිධානයේ විධායක අධ්‍යක්ෂ Cara Gleeson පවසා සිටිනවා.
2025-02-11_18-21-46.jpg
Source: SBS News
රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසන ක්‍රියා හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව වාර්තා වනවා ලිංගික හිංසනයට ලක්වීම නිසා සේවකයින්ගේ ඵලදායීතාවය අඩුවන අතර ඒ හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 2.62ක් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට අහිමිවන බව වාර්තා වනවා. මීට අමතරව සේවක සුභාසාධනය අඩපණවීම හේතුවෙන් ඩොලර් බිලියන 0.25ක්ද ලිංගික හිංසන ක්‍රියා වල අතුරුප්‍රතිපලයක් ලෙස සේවකයින්ට බලපාන අනෙකුත් හේතු නිසා ඩොලර් බිලියන 0.94ක්ද අහිමි වන බව වාර්තා වනවා.

Deloitte Access Economics ආයතනය 2018 වසරේදී සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.

මේ අනුව ලිංගික හිංසනය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආර්ථීකයට සිදුවන මුළු පාඩුව ඩොලර් බිලියන 3.81ක් ලෙස සටහන් වනවා.
2025-02-11_18-20-12.jpg
Source: SBS News
 
රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසන ක්‍රියා හඳුනා ගන්නේ කෙසේද?

ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම වාර්තා කරන පරිදි කාන්තාවන්ගෙන් 40%ක් ද පිරිමින්ගෙන් 26%ක්ද රැකියා ස්ථානයේදී ලිංගික හිංසනයන්ට මුහුණ දී තිබෙනවා.

 
ලිංගික හිංසන ක්‍රියා, මුහුණට මුහුණ හමුවන අවස්ථාවලදී මෙන්ම අන්තර්ජාලය හරහා සම්බන්දවීමෙදීද සිදුවන බව National Association of Women in Operations ආයතනයේ විධායක අධ්‍යක්ෂ Louise Weine පෙන්වා දෙනවා. මේ සඳහා උසුළු විසුළු කිරීමක්, යම් අයකුගේ ශරීරය සම්බන්දයෙන් සිදුකරන ප්‍රකාශ මෙන්ම අවසරයකින් තොරව ඇතැම් පුද්ගලයින් සමග සම්බන්ධ වීමට නිරන්තරයෙන් උත්සාහ දැරීම් වැනි ක්‍රියා ඇතුලත් වන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

 
රැකියා ස්ථානයේ ලිංගික හින්සන ක්‍රියා මැඩලීමට සේවා යෝජකයාට ඇති වගකීම කෙබඳුද ?

රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර සහ වෙනස්කම් කිරීම ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව නීති විරෝධී වන අතර, 2023 වසරේ සිට සිදුවන වෙනස්කම් යටතේ, සේවා යෝජකයින් ලිංගික හිරිහැර සහ වෙනස්කම් කිරීම කල්තියා වැළැක්වීම සහ ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු වනවා.

2024 දී නිකුත් කරන ලද Our Watch සමීක්ෂණ දත්ත වලට අනුව, සේවා යෝජකයින්ගෙන් 40%ක් ලිංගික හිරිහැර සහ වෙනස්කම් කිරීම් සම්බන්දයෙන් සේවා යෝජකයින්ට ඇති නීතිමය බැඳීම් ගැන නොදැන සිටි අතර, රැකියා ස්ථානයේ ලිංගික හිංසන ක්‍රියා නීති විරෝධී බව දැන සිටියේ සේවා යෝජකයින්ගෙන් 76% ක් පමණක් බවද වාර්තා වනවා.

රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයන් පිටුදැකීම පහසු කරවන සංස්කෘතියක් සේවා ස්ථානය තුල ඇතිකිරීම මෙහිදී ඉතාම වැදගත් වන බව National Association of Women in Operations ආයතනයේ විධායක අධ්‍යක්ෂ Louise Weine පවසා සිටිනවා.

ඔබ හෝ ඔබ හඳුනන කෙනෙකු ලිංගික අතවරයට ලක්වී ඇත්නම්, 1800 737 732 අංකය හරහා 1800RESPECT අමතන්න. මීට අමතරව 0458 737 732 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීමේ හැකියාවද ඔබට පවතිනවා. නැතහොත් 1800RESPECT.org.au වෙත පිවිසෙන්න. හදිසි අවස්ථාවක් නම් 000 අමතන්න.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service