ඔස්ට්‍රේලියාවේදී හිරු එළියෙන් සම ආරක්ෂාකර ගන්න හරි විදියට 'sunscreen' භාවිතා කරන්නේ කොහොමද?

Australia Explained: Sunscreen

Sunscreen is a vital part of our sun protection toolbox. Credit: LOUISE BEAUMONT/Getty Images

ඔබ හිරුඑලියෙන් සම ආරක්ෂා කරගන්න ඒ සඳහා වන ආලේපන එහෙම නැතිනම් 'sunscreens' භාවිතා කරනවාද ? ඔස්ට්‍රේලියාව කියන්නේ සමේ ඇතිවන පිළිකා ඉතා බහුලවම වාර්තා වෙන රටක්. ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔබ හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්න ආලේපන භාවිතා කරන එක ඉතාම වැදගත් කියල විශේෂඥයින් පවසනවා. ඒ වගේම මෙවැනි ආලේපන භාවිතා කිරීමේදී එය නිසියුරින් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔබ හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට මේ ආලේපන භාවිතා කලයුතු ආකාරය ගැන විශේෂඥ අදහස් 'Australia Explained' මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


ඔස්ට්‍රේලියාව කියන්නේ සමේ ඇතිවන පිළිකා බහුල වශයෙන් වාර්තා වෙන රටක්

ඔස්ට්‍රේලියාව කියන්නේ ඉතා හොඳින් හිරු එළිය වැටෙන රටක්. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් හිරුඑළියේ කාලය ගතකරන්න දැඩි කැමැත්තක් දක්වනවා. නමුත් ඔස්ට්‍රේලියාව කියන්නේ සමේ ඇතිවන පිළිකා ඉතා බහුලවම වාර්තා වෙන රටක්. වෛද්‍ය Linda Martin කියන්නේ නිව්සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ චර්මරෝග පිලිබඳ අංශයේ ප්‍රධානියා වගේම Melanoma Institute Australia ආයතනයේ උපදේශක වරියක්ද වනවා. සෑම ඕස්ට්‍රේලියානුවන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙක් පමණ තමන්ගේ ජීවිත කාලය ඇතුලත සමේ පිළිකා තත්වයකට මුහුණ දෙනබව ඇය පවසනවා.

Australia Explained: Sunscreen
Melanoma is the most serious type of skin cancer. Credit: LordHenriVoton/Getty Images

මේ පිළිකා අවදානම අඩුකර ගන්න ඔබට කල හැකි දේවල් මොනවාද?

ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන බොහොමයක් සමේ පිලිකා සඳහා ප්‍රධාන හේතුව වෙන්නේ අධික හිරු රශ්මියට නිරාවරණය වීම බවට තොරතුරු වාර්තා වෙනවා. මේ අතරින් වඩාත්ම භයානකම පිළිකා තත්වය මෙලනෝමා තත්වය වෙනවා. නමුත් මෙය සුලභව දක්නට ලැබෙන පිළිකා තත්වයක් නෙමෙයි. කෙසේ උවත් අපේ හැසිරීම් රටාවල සහ ඇතැම් පුරුදු වෙනස් කර ගත්තොත් පහසුවෙන් මේ පිළිකා අවදානමෙන් මිදෙන්න පුළුවන් කියල වෛද්‍ය ලින්ඩා පවසනවා. හිරුඑළියේ ගතකරන කාලය අඩුකරගැනීම වගේම, සම ආවරණය වන අයුරින් ඇඳුම් ඇඳීම සහ හිරු ආවරණ ආලේපන භාවිතා කිරීම හරහා මේ පිළිකා අවදානම අඩුකරගන්න පුළුවන් බව වෛද්‍ය ලින්ඩා පවසනවා.

Slip Slap Slop යනුවෙන් 1980 දශකයේ සිට ඔස්ට්‍රේලියානුවන්ට හිරුකිරනින් ආරක්ෂා වීමට උපදෙස් මාලාවක් ලබා දෙනවා. එය මේ වනවිට කොටස් 5කින් සමන්විත උපදෙස් මාලාවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

  • Slip on sun-protective clothing - හිරු කිරණින් ආරක්ෂාවීමට සුදුසු ඇඳුම් වලින් සැරසීම
  • Slop on SPF 30 or above, broad-spectrum, water-resistant sunscreen - SPF අගය 30 හෝ ඊට වැඩි හිරු ආවරණ අලේපනයක් භාවිතා කිරීම 
  • Slap on a broad-brimmed hat - සුදුසු හිස් වැසුමක් භාවිතා කිරීම
  • Seek shade - හිරු එළියෙන් ආරක්ෂාවීමට සෙවන ඇති ස්ථානයක යාම
  • Slide on sunglasses - අවු කන්නාඩි පැළඳීම
Slip slop slap.png
Credit: healthdirect.gov.au

හිරු ආවරණ ආලේපන (Sunscreen) භාවිතාව ඇත්තටම ඵලදායීද?

වසර 10ක් පුරා කණ්ඩායම් දෙකක් යොදාගෙන හිරු ආලේපන භාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකල අධ්‍යයනයකින් හිරු ආවරණ ආලේපන භාවිතාව ඉතාම ඵලදයීබව පෙනෙන්නට තිබෙන බව වෛද්‍ය ලින්ඩා පෙන්වා දෙනවා. මෙහිදී එක කණ්ඩායමක් දිනපතා හිරු ආවරණ ආලේපන භාවිතා කල අතර එම කණ්ඩායමේ මෙලනෝමා රෝගීන් වාර්තා වීම අනෙකුත් කණ්ඩායමට සාපේක්ෂව අඩකටත් වඩා අඩුවෙන් සිදු වූ බව වාර්තා වෙනවා.

Australia Explained: Sunscreen
Use sunscreen on all parts of your body that you can't protect with other sun safety measures. Credit: Darren Robb/Getty Images
පැය දෙකකට වරක් නැවත ආලේප කිරීම, ප්‍රමාණවත් ලෙස ආලේප කිරීම සහ හිරුඑළියට නිරාවරණය වීමට මිනිත්තු 20කට පමණ පෙර මේ ආලේපන භාවිතා කිරීම යන කාරණා සියල්ල මෙහිදී ඉතා වැදගත් වෙනවා
Dr Anna Wang

SPF අගයෙන් කියවෙන්නේ කුමක්ද?

මේ හිරු ආවරණ ආලේපන SPF අගයක් සටහන් කරලා තියෙනවා ඔබට දැකගන්නට පුළුවන්. Sun Protection Factor කියන යෙදුම තමයි මේ SPF ලෙස කෙටියෙන් සඳහන් වෙන්නේ. SPF අගය වැඩිනම් ඒ ආලේපනය හරහා සමට වැඩි කාලයක් පුරාවට ඵලදායී ආරක්ෂාවක් ලබා දෙනවා. නිසි අයුරින් සම ආරක්ෂා කර ගැනීමට නම් ඔබට SPF අගය 30 හෝ ඊට වැඩි අගයක් ඇති හිරු ආවරණ ආලේපන භාවිතාව සුදුසු බවට ඕස්ට්‍රේලියාවේ ඖෂධ පාලන අධිකාරිය විසින් සඳහන් කරලා තියෙනවා. නමුත් SPF අගය 50 හෝ ඊට වැඩි අගයක් ඇති ආලේපන වඩාත් සුදුසු බවට ඕස්ට්‍රේලියාවේ 'Cancer Council' ආයතනය නිර්දේශ කරනවා. එම අගය තමයි ඔස්ට්‍රේලියාවේදී ඔබට ලබා ගන්න පුළුවන් ඉහළතම SPF අගය සහිත ආලේපන වර්ගය වෙන්නේ.

නමුත් මෙහි ප්‍රතිපල නිසි අයුරින් ලබා ගන්න ඔබ මේ ආලේපන නියමිත ආකාරයට භාවිතා කිරීම වැදගත් වෙනවා.

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක ලෙස කටයුතු කරන භෞතික රසායන විද්‍යාඥ ඇනා වැන්ග් නැවත නැවත මේ ආලේපන භාවිතාවේ වැදගත්කම මෙසේ පැහැදිලි කරනවා. බොහෝදෙනා සෑම පැය දෙකකට වරක් මේ ආලේපන සමේ ආලේප කිරීම සිදු නොකරන බවත් අවුරශ්මියේ ගතකරන කාලය තුල සෑම පැය දෙකකට වරක් හෝ මේ ආලේපන නැවත අලේප කිරීම වැදගත්වන බවත් ඇය පවසනවා

හිරු ආවරණ ආලේපයක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

සූර්යයාගේ සිට එන UV විකිරණ ප්‍රධාන වර්ග දෙකක් තිබෙනවා. ඒවා UVA සහ UVB ලෙස හඳුන්වනවා.

මේ දෙවර්ගයම සමේ පිළිකා ඇති වීමට හේතු වෙන්න පුළුවන්. UVB කිරණ සම පිළිස්සීමට හේතු වෙනවා. UVA කිරණ වලට සමේ ගැඹුරට යාමේ හැකියාවක් ඇති අතර DNA අනුවලට වලට හානි කිරීමේ හැකියාවක්ද තිබෙනවා.

මේ නිසා මේ දෙවර්ගයෙන්ම ආරක්ෂාව සලසන 'broad-spectrum' ලෙස ලේබල් වල සඳහන් කර ඇති ආලේපනයක් තෝරා ගැනීම වැදගත් බව වෛද්‍ය වැන්ග් පවසනවා.

Australia Explained: Sunscreen
Water-resistant sunscreen is a must when swimming or exercising outdoors. Credit: MesquitaFMS/Getty Images

ඔබ දිය නෑමට හෝ ජල ක්‍රීඩා සඳහා යොමු වෙනවානම් ඒ සඳහාම නිර්මාණය කර ඇති ජල ප්‍රතිරෝධී හිරු ආවරණ ආලේපන තෝරා ගත යුතු වෙනවා. මේවා ජලයට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. නමුත් එවැනි අලෙපනයක් උනත් පැය දෙකකට වරක් නැවත නැවත ආලේපනය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ජල ක්‍රීඩා වලින් පසුව, දහඩිය දැමු අවස්ථාවකින් පසුව හෝ තුවායෙන් සම වියලීමට කටයුතු කල අවස්ථාවකින් පසුව නැවත මේ ආලේපන යෙදීමට අවශ්‍යවනවා. මීට අමතරව ඕස්ට්‍රේලියානු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය මේ ආලේපන වලට ලැබී තිබෙනවාද යන්නත් සලකා බැලීම වැදගත් වෙනවා. අනුමැතිය ඇති බව සඳහන් වන AUST L ලෙස අංකයක් ලේබලයේ සටහන් කර තිබෙනවාද යන්න සොයා බලන ලෙසට ඇඩිලේඩ් විශ්ව විධ්‍යාලයේ සේවයේ නියුතු ඖෂධවේදියෙකු වන ඉයන් මස්ග්‍රේව් පවසනවා.

හිරු ආවරණ ආලේපන ගැන තියෙන මිත්‍යා විශ්වාස මොනවාද?

රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන වලත් යම් ප්‍රමාණයකට හිරු කිරණින් සම ආරක්ෂා කරන රසායනිකයන් ඇතැම් විට අඩංගු වනවා. නමුත් හිරු ආවරණ ආලේපන වලින් ලැබෙන ආරක්ෂාව එවැනි රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන වලින් නොලැබෙන බව ඉයන් සඳහන් කරනවා.

මීට අමතරව හිරු ආලේපන සම්බධයෙන් විවිධ මිත්‍යා මත පවතිනවා. මේ ආලේපන නිසා හිරුඑලියෙන් සැමට ලැබෙන විටමින් D ප්‍රමාණය අඩුවන බවට මතයක් පවතිනවා. නමුත් ඕස්ට්‍රේලියාවේදී දක්නට ලැබෙන අධික UV කිරණ ප්‍රමාණය නිසා ආලේපන භාවිතාවෙන් විටමින් D ලැබීමට බාධාවක් සිදු නොවන බව ඉයන් පෙන්වා දෙනවා

මීට අමතරව 'ඛනිජ පමණක්' භාවිතාකර නිස්පාධිත ආලේපන එහෙම නැතිනම් Minerals Only ලෙස සඳහන් ආලේපන වල රසායනික ද්‍රව්‍යයන් අඩංගු නොවන බවටත් මතයක් පවතිනවා. මෙය සත්‍ය නොවන බව වෛද්‍ය ඉයන් පවසනවා.

ඒවගේම මේ හිරු එළියෙන් සම ආරක්ෂා කරන ආලේපන ඉහල ප්‍රමිතීන් යටතේ විද්‍යාගාර තුල නිපදවිය යුතු වනවා. මෙවැනි ආලේපන නිවසේදී සකසා ගත හැකි බවටද වැරදි මත සමාජ ගතවී තිබෙන බව වෛද්‍ය ඇනා වැන්ග් පවසනවා.

Australia Explained: Sunscreen
Cosmetic products may have an SPF rating, but unlike TGA-approved sunscreens, they don’t offer adequate protection. Credit: Lajst/Getty Images

ඕස්ට්‍රේලියාවේ දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂාකර සමේ පිළිකා ඇතිවීමේ අවදානම අඩුකරගැනීමට භාවිතා කරන්න පුළුවන් ඉතාම හොඳ ක්‍රමයක් තමයි මේ හිරු කිරණින් සම ආරක්ෂා කරන ආලේපන එහෙම නැතිනම් 'Sunscreen' භාවිතා කිරීම. නමුත් ඉහල මිල ගණන් තිබු පමණින් එවැනි ආලේපන වලින් ඉහල ආරක්ෂාවක් ලැබෙන බවට සහතික විය නොහැකියි. අනුමැතිය ලත් ඉහල ආරක්ෂාවක් දෙන ආලේපයක් භාවිතා කිරීමෙන් සම ආරක්ෂා කරගන්න පියවර ගන්න කියල වෛද්‍ය ඇනා වැන්ග් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔබට උපදෙස් දෙනවා

මෙම ලිපියේ අඩංගු වන්නේ පොදුවේ සැම දෙනාටම බලපාන සාමාන්‍ය තොරතුරු පමණි. ඔබේ පෞද්ගලික තත්ත්වය පිළිබඳ උපදෙස් සඳහා, සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයෙකු හමුවන්න.

————————————————————————————————————

ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔබ දැනගත යුතුම කරුණු ඔබවෙත සෑම සතියකම ගෙන එන්න Australia Explained මේ විශේෂාංග මාලාව හරහා අපි කටයුතු කරනවා. මේ විශේෂාංගවලට සවන්දෙන්න SBS සිංහල අපගේ වෙබ් අඩවියේ ඔස්ට්‍රේලියාව වටහාමු ලෙස සඳහන් කොටසට පිවිසෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now