SKIP TO MAIN CONTENT

නව සමාජ සුභ සාධන දීමනා ලබාගැනීමේ යෝජිත නීති පිලිබදව සංක්‍රමණික ප්‍රජාව කනස්සල්ලෙන්

Australian Social Services Minister Dan Tehan speaks during House of Representatives Question Time at Parliament House in Canberra, Thursday, February 8, 2018.  (AAP Image/Lukas Coch) NO ARCHIVING
Australian Social Services Minister Dan Tehan speaks during House of Representatives Question Time at Parliament House in Canberra, Source: AAP

සමාජ සුභ සාධන දීමනා ලබාගැනීමේදී සංක්‍රමණිකයින් හට දැනට පවතින පොරොත්තු කාලයට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදු වනු ඇති බවට පලවන වාර්තා සමගින් සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් ඒ පිලිබදව තම අප්‍රසාදය පල කර තිබෙනවා. වත්මන් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව වැඩි පුර වසරක් ඕස්ට්‍රේලියාව තුල පදිංචිව සිටීම අවශ්‍ය බවට රෙගුලාසියක් මෙම නීති සදහා ඇතුලත් කර ඇති බව සදහන්. මෙම නව යෝජනාවට අනුව, මෙරටට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් මෙරට වසර තුනක් වාසය කිරීමෙන් අනතුරුව, අදාල සුභ සාධන දීමනා සදහා සුදුසුකම් ලබන බව සදහන්. ඒ අනුව Newstart සහ Youth Allowance දීමනාද ඔවුන්ට හිමි වන්නේ වසර තුනකට පසුව බව වාර්තා වනවා. 1997 වසරේ සිට මෙම සමාජ සුභ සාධන දීමනා පොරොත්තු කාලය වසර දෙකක්. මෙම පිලිබදව අදහස් දක්වන සමාජ සේවා කටයුතු Dan Tehan පවසන්නේ රජයේ සමාජ සුභ සාධන වියදම් ගෙවී ගිය වසර කීපය තුල සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති බවත් සමාජ සුභ සාධන දීමනා ක්‍රම වේදයේ අනාගතය සුරක්ෂිත කිරීමට මෙම නව යෝජනා ඉතා වැදගත් බවත් අමත්‍ය වරයා පවසනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now