SKIP TO MAIN CONTENT

Minister Kirialla says not allowing to take place the no confident motion against Rajitha

Minister Laksman Kirialla -
Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Sri Lanka



Skip to article content

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි  යෝජිත විශ්වාසභංගය නීතිමය ගැටලු සහිත බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පළපුරුදු නිතීඥයන් විසින් සකස් කළ යුතු එම විශ්වාසභාංගය සකස් කොට ඇත්තේ ගොඩ පෙදෙකරේරුවන් පිරිසක් විසින් යැයි ඊයේ  (අගෝස්තු 28) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කීවේය.

ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංගයේ පිටපතක් අන්තර් ජාලය තුළින් තමන් දුටු බවත් එය සකස් කර ඇත්තේ නිතිමය ගැටලු සහිතව වන බැවින් විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස කථානායකවරයාට දැනුම් දෙන බව ද අමාත්‍යවරයා කීවේය.

එහි පවතින නීතිමය ප්‍රශ්න කථානායකවරයා වෙත දැනුම් දෙන බවත් එම නීතිමය ගැටලු කවරක්ද යන්න මෙහිදී ප්‍රකාශ නොකරන බව කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ  කළේය.

"....ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන මැතිවරණ දෙකක් පරාජයට පත්වුණා. ඔවුන්ට හිමි තත්ත්වය ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී දැකිය හැකියි. එවිට කාටත් දැන ගත හැකියි ජනතාව සිටින්නේ කවුරුන් සමගද කියා. ඉදිරි මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය සූදානම්. ඒ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීම සිදුකළා. මගේ ආසනයේ අපේක්ෂකයන් තෝරා ගැනීම කළේ වසරකට පමණ ඉහතදීයි. මන්ත්‍රීවරුන් 108ක නියෝජනයක් සහිතව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග සිටියදී ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ගේ ආණ්ඩුවක් බිහිකරනවා යැයි පැවසීම ඔවුන් දකින දහවල් හීනයක් ...."යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.

කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුව වෙත


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now