SKIP TO MAIN CONTENT

හිටපු ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල්ගේ Wentworth ආසනය ලිබරල් සන්ධානය නූලෙන් ජයගනියි.

Kerryn Phelps to concede defeat in Wentworth to Dave Sharma
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ  අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් නියෝජනය කළ මැතිවරණ ආසනය වන සිඩ්නි කලාපයේ Wentworth මැතිවරණ ආසනයේ තියුණු ජයක් ලබාගැනීමට ලිබරල් සන්ධානය සමත් විය.

Wentworth ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ ස්වාධීන මන්ත්‍රිනී Kerryn Phelps සහ ලිබරල් සන්ධාන අපේක්ෂක Dave Sharma අතර Wentworth ආසනය ජයගැනීම සඳහා පැවති තියුණු තරගයෙන් Dave Sharma වැඩි ඡන්ද ලබාගත් බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ ඡන්ද ගණනය කිරීම නවත්වන විට ලිබරල් සන්ධාන අපේක්ෂක Dave Sharma, ස්වාධීන මන්ත්‍රිනී Kerryn Phelps ට වඩා ඡන්ද 1,751 කින් ඉදිරියෙන් සිටි බව සඳහන්.

කෙසේවෙතත්, Dave Sharma හට 51.16% ක ඡන්ද ප්‍රතිශතයක්ද Kerryn Phelps හට 48.84% ක ඡන්ද ප්‍රතිශතයක්ද ලැබී තිබේ.

Kerryn Phelps to concede defeat in Wentworth to Dave Sharma
Source: AAP

පසුගිය වසරේ අගෝස්තු 30 වන දින හිටපු අගමැති Malcolm Turnbull පාර්ලිමේන්තුවෙන් සමුගත් පසු Wentworth ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එයින් ලිබරල් සන්ධාන අපේක්ෂක Dave Sharma පරදා ස්වාධීන අපේක්ෂිකා Kerryn Phelps ජයග්‍රහණය කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now