ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ගන්න වසර 8 ක් බලා සිටිය යුතු බවට යෝජනාවක්. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය උදෙසා අයදුම් කිරීමට දැනට බලා සිටිය යුතු වසරක කාලය වෙනුවට වසර 8 ක් බලා සිටිය යුතු වීම මෙම යෝජිත සංශෝධන වල ප්‍රධාන කරුණකි.

Australian citizenship

Source: SBS

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පනතට සංශෝධන කිහිපයක් පසුගිය පෙබරවාරි 07 වන දින One Nation පක්ෂයේ නායිකා Pauline Hanson විසින් සෙනට් සභාවට ඉදිරිපත් කළ බව migration alliance වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ දී අදාළ අවශ්‍යතා සහ සුදුසුකම් වෙනස් කිරීමට පසුගිය වසරේ ටර්න්බුල් රජය යෝජනා කළ යෝජනාවලට මෙම යෝජනා සමාන කමක් දක්වන අතර ඇතැම් කරුණු ඊට වඩා දැඩි බව ද වාර්තා වේ.

නමුත් පසුගිය වසරේ ටර්න්බුල් රජය ගෙනා එම යෝජිත වෙනස්කම් සෙනට් සභාවේදී අනුමත නොවීය.

ඒ අනුව මේ වසර මැද භාගය වන විට ටර්න්බුල් රජය එම යෝජිත වෙනස්කම් සංශෝධන සහිතව නැවත සෙනට් සභාවට ඉදිරිපත් කරන බව ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

Pauline Hanson proposed that migrants to wait  8 years to become Australian citizens.
Source: AAP

One Nation පක්ෂයේ නායිකා Pauline Hanson විසින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පනතට යෝජනා කළ සංශෝධන පහත පරිදි වන බව migration alliance වෙබ් අඩවිය පවසයි.

 

  • ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය උදෙසා අයදුම් කිරීමට දැනට බලා සිටිය යුතු වසරක කාලය වෙනුවට වසර 8 ක් බලා සිටිය යුතු වීම.
  • ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය උදෙසා අයදුම් කිරීමේදී සුදුසුකම් ලත් අයදුම්කරුවෙකු වීම සඳහා කාර්යක්ෂම මට්ටමේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයක් තිබිය යුතු වීම.
  • Australian Values Statement හෙවත් ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ ප්‍රකාශනයකට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කරන අයදුම්කරුවන් පෙරාතුව අත්සන් කළ යුතු වීම.
  • අයදුම්කරුවන් ඔස්ට්‍රේලියානු වටිනාකම් වලට අනුව ඔස්ට්‍රේලියානු සමාජයත් සමග ඉතා යහපත් කල් ක්‍රියාවෙන් මනා සම්බන්ධකම් ඇති කරගනිමින් ජීවත් වී තිබීම.

 

කෙසේවෙතත්, One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ගේ මෙම යෝජිත පනත් සංශෝධනය ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වූ දරදඬුම එකක් බව ද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now