පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් හඳුන්වා දුන් “ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුව” මාස 6 කට වරක් යාවත්කාලීන කිරීමේ පටිපාටියට අනුව “ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුව” ට නවතම වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ.
මෙම නවතම වෙනස්කම් පසුගිය ජනවාරි 17 වන දින සිට ක්‍රියාත්මක වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
මෙය බලපාන්නේ කා හටද?
“ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුව” ට අදාළව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා තමන්ගේ අයදුම්පත් 2018 වසරේ ජනවාරි 17 වන දින යොමු කළ හෝ ඊට පසුව යොමු කරන අයදුම්කරුවන්ට මෙම නව වෙනස්කම් අදාළ වන බව සඳහන්.
නමුත් ඊට පෙර අයදුම්කළ අයදුම්කරුවන්ට මෙම නව වෙනස්කම් අදාළ නොවන බවද වාර්තා වේ.
කෙසේනමුත්, ප්‍රසාද ලකුණු ක්‍රමයට ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී (189, 190 Visa) 2018 වසරේ ජනවාරි 17 වන දිනට පසුව නිකුත්කරනු ලබන ආරධනා පත්‍ර සඳහාද මෙය බලපාන බව සඳහන්.
පහත සඳහන් වන්නේ මෙවර සිදු කළ ප්‍රධාන වෙනස්කම්ය.
ලැයිස්තුවට අලුතින් එක් කළ රැකියා
මීට පෙර කෙටි කාලීන ලැයිස්තුවේ (Short-term Skilled Occupation List (STSOL)) හෝ මධ්‍ය හා දිගු කාලීන රැකියා ලැයිස්තුවේ (Medium and Long-term Strategic Skills List (MLTSSL)) ඇතුළත් නොවූ රැකියා තුනක් මෙවර කෙටි කාලීන ලැයිස්තුවට එකතු කර තිබේ.
පහත දැක්වෙන්නේ එම රැකියාය.

ලැයිස්තු දෙක අතර මාරුවූ රැකියා
පහත සඳහන් රැකියා ද්විත්වය කෙටි කාලීන ලැයිස්තුවේ සිට මධ්‍ය හා දිගු කාලීන රැකියා ලැයිස්තුවට මෙවර මාරු කර තිබේ.

ලැයිස්තුවෙන් ඉවත් කළ රැකියා
පහත සඳහන් රැකියා ද්විත්වය සියලු නිපුණතා වීසා වැඩසටහන් වලට අදාළ රැකියා ලැයිස්තු වලින් 2018 ජනවාරි 17 දින සිට ඉවත් කර ඇත.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

