2018 වසර සඳහා ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර දර්ශකය පසුගිය දිනෙක Henley Passport Index විසින් අනාවරණය කළ අතර මෙම වසරේදීද ලොව බලගතුම ගුවන් ගමන් බලපත්‍රය ලෙස වැජඹීමට ජර්මනිය සුදුසුකම් ලබා තිබේ.
ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයට වීසා නොමැතිව රටවල් 177 කට යාමට හැකි බව එහි සඳහන් වෙයි.
මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය හිමව ඇත්තේ සිංගප්පූරුවට වන අතර සිංගප්පූරු ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව රටවල් 176 කට යාමට හැකි බව පැවසේ.
ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජපානය, නොර්වේ, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන රටවල ගුවන් ගමන් බලපත්‍ර සඳහා මෙවර දර්ශකයේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ වීසා නොමැතිව රටවල් 175 කට ගමන් කිරීමට හැකියාව ලබා දීම හේතුවෙනි.
මේ අතර ඔස්ට්‍රියාව, බෙල්ජියම, ලක්ෂම්බර්ග්, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල ගුවන් ගමන් බලපත්‍ර සිව්වන ස්ථානය හිමි කරගෙන ඇති අතර එම ගුවන් ගමන් බලපත්‍ර වලින් රටවල් 174 කට වීසා නොමැතිව යා හැකි බව පැවසේ.
අයර්ලන්තය, පෘතුගාලය, දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් බලපත්‍ර පස්වන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 173 කට වීසා නොමැතිව යාමට අවස්ථාව උදා කර දෙමිනි.

ඔස්ට්‍රේලියාව කී වෙනි තැනද?
2018 Henley ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 7 වන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයට වීසා නොමැතිව රටවල් 171 කට ගමන් කළ හැකි වෙයි.
නවසීලන්තය සහ ග්‍රීසිය ද මෙවර 7 වන ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකාව?
මෙම දර්ශකයේ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට 93 වන ස්ථානය හිමිව ඇති අතර එමගින් වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 41 ක් බව දැක්වෙයි.

අවසාන ස්ථාන....
2018 Henley ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයේ අවසාන ස්ථානය (104) හිමව ඇත්තේ ඇෆ්ගනිස්ථාන ගුවන් ගමන් බලපත්‍රයට වන අතර එමගින් වීසා රහිතව යා හැක්කේ රටවල් 24 කට පමණක් බව දැක්වෙයි.
ඉරාකය 103 වන ස්ථානයේ රැදී සිටින අතර එයින් වීසා රහිතව යා හැකි රටවල් ප්‍රමාණය 27 ක් බව දැක්වෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

