මෙල්බන් නගරයට වාහනයක යනවානම් අනිවාර්යෙන් මේ ලිපිය කියවන්න. (SBS සිංහල/වාර්තා)

2018 වසර ආරම්භයේදී ම ඔබ මෙල්බන් නුවරට පිව්සෙනවානම් මෙය ඔබට වැදගත් පුවතක් වනු ඇත.

AAP

Source: AAP

මෙල්බන් නුවර ප්‍රධාන මාර්ගයක් වන  Hoddle වීදිය Eastern Freeway මාර්ගයේ සිට Victoria Parade දක්වා තාවකාලිකව වසා ඇති බව Vicroads වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉකුත් ජනවාරි 07 වන දින සිට එළඹෙන 14 වන දින දක්වා ඉහත සඳහන් කළ මාර්ග කොටසේ දෙදිශාවටම වාහන ගමනාගමනය අත්හිටුවා තිබේ.

2018 වසර ආරම්භයේදී ම ඔබ මෙල්බන් නුවරට පිව්සෙනවානම් මෙය ඔබට වැදගත් පුවතක් වනු ඇත.

මක් නිසාද Eastern Freeway හෙවත් M3 මාර්ගය භාවිතා කර Hoddle වීදියෙන් පිටවුම ලබා මෙල්බන් නගරයට පිවිසෙන ඔබට ජනවාරි 14 තෙක් මෙල්බන් නගරයට පිවිසීමට විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදු වේ.

අදාළ මාර්ගයේ මෙන්ම එම කොටසේ පවතින ට්‍රෑම් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙසේ Hoddle වීදිය Eastern Freeway මාර්ගයේ සිට Victoria Parade දක්වා තාවකාලිකව වසා දමා තිබේ.

ඊට අමතරව Hoddle වීදියේ සිට Eastern Freeway මාර්ගයට පිවිසීමට තුන්වන මං තීරුවක් එක් කිරීමද මෙහිදී සිදුවේ.

Hoddle වීදිය සහ Punt මාර්ගය දිනපතා පුද්ගලයින් 330,000 ක් භාවිතා කරන බව ABC පුවත් සේවය වාර්තා කරයි.

එනිසාම ජනවාරි 14 තෙක් අදාළ රියදුරන් සහ මගියන්ට අමතර කාලයක් වැය කිරීමට සිදුවනු ඇති බව Vicroads ආයතනය පවසයි.

මීට අමතරව සෑම දිනකම Hoddle වීදිය සහ Punt මාර්ගය ඔස්සේ බස් රථ 1000 ක් පමණ ධාවනය වන බවද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now