මේ ග්‍රීෂ්ම සෘතුවේ අධික උණුසුම් රාත්‍රි වල සුව නින්දකට සරල උපදෙස් ටිකක්. (SBS සිංහල / වාර්තා)

සුවදායි නින්දක් ලබා ගැනීමට ඔබේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ඔබ මනාව පවත්වාගෙන යා යුතු බව ඔහු පවසයි.

Useful tips to sleep through hot summer nights.

Source: AAP

තවමත් ගෙවී යන ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලය අතරතුරේ අධික උෂ්ණත්වය සහිත දිනයන් අපට හමුවේ.

පසුගිය සති අන්තයද සමස්ත ඔස්ට්‍රේලියාවම දැඩි ලෙස උණුසුම් කළ සති අන්තයක් බවට පත්වුයේ බොහෝ ප්‍රාන්ත වලට සෙල්සියස් අංශක 40 ද ඉක්මවන උෂ්ණත්වයක් ලබා දෙමිනි.

මෙවැනි වූ අධික උණුසුම් දිනයන් හිදී රාත්‍රියේ නිදා ගැනීම බොහෝ දෙනෙකුට මහත් ගැටළුවක් ඇති කරවන්නකි.

Adelaide Institute of Sleep Health හි පර්යේෂක Michael Gradisar එම අර්බුදය මග හරවාගැනීමට අපට පිළි පඩිය හැකි සරළ උපදෙස් ටිකක් ලබා දෙයි.

සුවදායි නින්දක් ලබා ගැනීමට ඔබේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ඔබ මනාව පවත්වාගෙන යා යුතු බව ඔහු පවසයි.

සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 36.5 - 37.5 අතර පවතියි.

ග්‍රීෂ්ම සමයේ අධික උණුසුම් දින වලදී පහත පිළිවෙත් සුවදායී නින්දකට උදව් වනු ඇත.

  1. නින්දට යාමට පෙර සිසිල් වතුරෙන් ඇඟ සෝදාගන්න.
  2. ඔබේ කාමරයේ වායු සමීකරණයක් ඇතිනම් එය සෙල්සියස් 20 ට සකසාගන්න.
  3. වායු සමීකරණය අලුයම 4 පමණ වන තෙක් ක්‍රියාත්මක කර තබන්න.
  4. ඔබට වායු සමීකරණයක් නොමැති නම් ජලය පිරවූ spray බෝතලයක් හෝ සිසිල් දියෙන් තෙත් කරගත් රෙදි කැබැල්ලක් ළඟ තබා ගන්න.
  5. නින්දට යාමට පෙර කැෆේන් අඩංගු හෝ උණුසුම් දියර වර්ග පානය කිරීමෙන් වළකින්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now