ඔස්ට්‍රේලියාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන ලකුණු. (SBS සිංහල/වාර්තා)

ඊට පෙර වසර සමග සසඳන කල එය 16.1% කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය 7 වසර තුළ වාර්තා වූ ඉහළම රැකියා ඇබෑර්තු ප්‍රතිශතය ලෙසද එය වාර්තා වන බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන Ryan Felsman පවසයි.

Australia's unemployment rate rises to 3.5 per cent in August, 2022.

Australia's unemployment rate rises to 3.5 per cent in August, 2022. Source: AAP

පසුගිය නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය වාර්තාගත අන්දමින් ඉහළගොස් ඇති බව වාර්තා වන අතර එය 2018 වසරේදී තවත් වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළ කළ හැකි බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේදී ඇබෑර්තු 210,300 ක් සඳහා සේවකයින් සොයා ඇති අතර පසුගිය අගෝස්තු මස සමග බලන කල එය 2.7% ක වර්ධනයකි.

ඊට පෙර වසර සමග සසඳන කල එය 16.1% කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය 7 වසර තුළ වාර්තා වූ ඉහළම රැකියා ඇබෑර්තු ප්‍රතිශතය ලෙසද එය වාර්තා වන බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන Ryan Felsman පවසයි.

නමුත් ඉදිරියේදී මෙහි මද වශයෙන් මන්දගාමී වන ස්වභාවයක් ද අපේක්ෂා කළ හැකි බව ඔහු පවසයි.
පුද්ගලික අංශයේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය පසුගිය අගෝස්තු සිට 192,000 දක්වා 3.8% කින් වැඩිවී ඇති බව වාර්තා වේ.
මෙම වාර්තාවේ නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියානු ප්‍රාන්ත පෙරමුණ ගෙන ඇති අතර ජනගහන වර්ධනය, අඩු පොලී අනුපාතිකය සහ සිඩ්නි හා මෙල්බන් නැමති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණීය ම නගර ද්විත්වය පිහිටීමද ඊට හේතු ලෙස දැක්විය හැකි බව Felsman පවසයි.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ පතල් කර්මාන්තයේ ද ඇබෑර්තු ප්‍රමාණය ඉහළ නගිමින් පවතී.

පසුගිය නොවැම්බර් මාසයේදී පසුගිය 5 වසර තුළ ක්වීන්ස්ල්න්තයේ ඉහළම රැකියා ඇබෑර්තු ප්‍රමාණය වාර්තා වී ඇති අතර එය 35,000 ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර රාජ්‍ය අංශයේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය පසුගිය නොවැම්බර් මාසයේදී 7.5% කින් අඩුවී ඇති අතර එය 18,300 ක් ලෙස වාර්තා විය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන ලකුණු. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala