ඇබෝර්ජීනියානු දේශය (1788 ට පෙර)
වර්තමාන ඔස්ට්‍රේලියානු මහද්වීපයේ ස්වදේශිකයින් වන්නේ ඇබෝර්ජීනියානු ජනතාව බව ලෝක ඉතිහාසය අපට කියා පායි.
ජාතික ඔස්ට්‍රේලියා දිනය සඳහාවූ සභාවට (National Australia Day Council) අනුව එම ස්වදේශික ජනතාව මෙම මහාද්වීපයේ වසර 60,000 කටත් වඩා වාසය කර ඇත.
13 වන සියවසේදී යුරෝපා ජාතිකයින් ආසියාව සහ නැගෙනහිර දූපත් පිළිබඳ විස්තර සෙවීමට උනන්දු වූ අතර ඔවුන්ගේ නාවුක කණ්ඩායම් එම ප්‍රදේශ කරා පිටත්ව යැවීමට කටයුතු කළේය.

1770 අගෝස්තු 22
වසර 1770 අගෝස්තු 22 වන දින කපිතාන් James Cook, ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ගොඩ බට අතර වර්තමානයේ Possession දූපත ලෙස හැඳින්වෙන ස්ථානයේ බ්‍රිතාන්‍ය ධජය එසවූ බව වාර්තා වේ.

1788 ජනවාරි 26
වසර 1788 ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් සිඩ්නි බොක්කට ගොඩ බට අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය ජනාවාස නිල වශයෙන් පිහිටුවනු ලැබූ දිනය ලෙස එදින හැඳින්විය.
මෙම ප්‍රථම නැව් කණ්ඩායමේ නායකත්වය දැරුවේ කපිතාන් Arthur Philip වූ අතර ඔහු මෙම ජනපද පිහිටුවීම නිල වශයෙන් සනිටුහන් කිරීමට සිඩ්නි බොක්කේ බ්‍රිතාන්‍ය ධජය එසවීය.

වසර 1804
ජනවාරි 26 වන දිනය “First landing day” හෝ “Foundation day” ලෙස සිඩ්නි ගැසට් පත්‍රය 1804 දී පටන් නිල වශයෙන් හඳුන්වන්නට ආරම්භ කළ බව ජාතික ඔස්ට්‍රේලියා දිනය සඳහාවූ සභාව පවසයි.
සිඩ්නි නුවර වැසියන් මෙම දිනය සැමරීමට එසමයෙහි විවධ රාත්‍රී භෝජන සමග මධු විත සැමරුම් උත්සව පවත්වන්නට විය.
පසුව එම රාත්‍රී භෝජන සාම්ප්‍රදායික සැමරුම් රාත්‍රී භෝජන ලෙස පැවත්විණි.

වසර 1817
මෙම මහාද්වීපය “ඔස්ට්‍රේලියාව” ලෙස හැඳින්වීමට 1817 දී කපිතාන් Mathew Flinders නිර්දේශ කළේය.

වසර 1818
වසර 1818 දී බ්‍රිතාන්‍යයන් මෙහි සේන්දු වී 30 වන සංවත්සරය පවත්වන්නට විය.
මෙම මහාද්වීපය “ඔස්ට්‍රේලියාව” ලෙස හැඳින්වීමට පසුගිය වසරේදී කපිතාන් Mathew Flinders ගේ නිර්දේශය එවකට සිටි Macquarie ආණ්ඩුකාරවරයා නිල වශයෙන් අනුමත කළ අතර ජනවාරි 26 වන දින ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවටද පත් කළේය.

වසර 1838
වසර 1818 දී බ්‍රිතාන්‍යයන් මෙහි සේන්දු වී 50 වන සංවත්සරය පවත්වන්නට විය.
වසර 1888
බ්‍රිතාන්‍යයේ පළමු නැව් කණ්ඩායම, ඔස්ට්‍රේලියාවට පැමිණි 100 වන සංවත්සරය වසර 1888 දී සමරන්නට විය.
එම සැමරුම් එතෙක් කලක් පැවතියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් වුවද 1888 සැමරුමට ටස්මේනියාව, වික්ටෝරියාව, ක්වීන්ස්ලන්තය, බටහිර ඔස්ට්‍රේලියාව, දකුණු ඔස්ට්‍රේලියාව මෙන්ම නවසීලන්තයද සහභාගී වූ බව වාර්තා වේ.
ඉන් අනතුරුව එම සැමරුම “Foundation day” නමින් ජාතික සැමරුමක් බවට පත් විය.

වසර 1994
ජාතික ඔස්ට්‍රේලියා දිනය සඳහාවූ සභාවට අනුව 1994 දී “Australia Day” හෙවත් “ඔස්ට්‍රේලියා දිනය” සැමරීම නිල වශයෙන් ස්ථාපිත කරන ලදී.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

