ඔස්ට්‍රේලියාව ගැන ඔබ දැනගත යුතුම දේවල් ටිකක් (පළමු කොටස) (SBS සිංහල/ වාර්තා)

ලොව සිටින විෂකුරුම සර්පයින් 25 දෙනාගෙන් 21 ක්ම සිටින්නේ ඔස්ට්‍රේලියාව වාස භූමිය කරගෙනය.

Things you must know about Australia.

Source: SBS

ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි ගැන දැනගන්න.

ඔස්ට්‍රේලියනුවන් ගේ ප්‍රධාන බස ඉංග්‍රීසි වුවද ඔවුන් භාවිතා කරන්නේ ඔවුන්ටම ආවේනික වූ ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසිය.

හිරු ගැන විමසිල්ලෙන් සිටීම.

ඔස්ට්‍රේලියාව ඉක්මණින් රත් නොවන නමුත් ග්‍රීෂ්ම කාලයේදී හිරු එළියෙන් ප්‍රවේශම් විය යුතුය.

වන සතුන් හැම තැනම දක්නට නොමැත.

ඔබට කැන්ගරුවන් සහ කෝලා වළසුන් සැම තැනම දක්නට නොලැබේ.

BBQ වලට හිස් අතින් නොයන්න.

ඔස්ට්‍රේලියාවේ ඔබට කව්රුන් හෝ කුමන ස්ථානයකදී හෝ පැවත්වෙන BBQ සාදයකට කිසිම දිනෙක හිස් අතින් නොයන්න.

අවම වශයෙන් වයින් බෝතලයක් හෝ සලාද සහිත බඳුනක් හෝ රැගෙන යන්න.

ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු වර්ණවත් සහ ප්ලාස්ටික්.

ඔස්ට්‍රේලියාවේ සියලුම මුදල් නෝට්ටු වර්ණවත් සහ ප්ලාස්ටික් වන අතර එහි අගය වැඩිවන තරමට ප්‍රමාණයේ තරමද වැඩිවේ.

වාහන පැදවීම වමෙන්.

ඔස්ට්‍රේලියාව තුළ රිය ධාවනය වමෙන් සිදු කෙරේ.

පාපන්දු නොව Footy

ලොව ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු වන නමුත් ඔස්ට්‍රේලියාවේ එය Footy වේ.

සැමවිටම කොඩි අතර පිහිනන්න.

ඔබ ඔස්ට්‍රේලියාවේ ඕනෑම මුහුදු වෙරළක හෝ ජලාශයක පිහිනනවානම් දමා ඇති ආරක්ෂක කොඩි අතර පිහිනීමට මතක තබා ගන්න.

නිවාස කුලිය මසකට නොව සතියකට දැක්වෙයි.

ඔස්ට්‍රේලියාවේ බොහෝ විට නිවාස කුලිය දැක්වෙන්නේ මසකට නොව සතියකටය.

ලොව විෂකුරුම සර්පයින්ගෙන් ප්‍රවේශම් වන්න.

ලොව සිටින විෂකුරුම සර්පයින් 25 දෙනාගෙන් 21 ක්ම සිටින්නේ ඔස්ට්‍රේලියාව වාස භූමිය කරගෙනය.

කෝපි හෝ මධ්‍යසාර

ඔස්ට්‍රේලියානුවන් සැමවිටම කෝපි හෝ මධ්‍යසාර පානය කිරීමට රුචිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now