ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුවේ මාර්තු මස සිදු කළ සංශෝධන වල අවසන් තීන්දු පිළිබඳ නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කර තිබේ.
සවන්දෙන්න SBS සිංහල සේවයට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ප්‍රමාද වීම සිදුවන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුවේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

වසර මැද නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු සමාලෝචනය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු සෑම මුල්‍ය වර්ෂයකම මැද බාගයේදී සමාලෝචනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගනී.
ඒ අනුව එම රැකියා ලැයිස්තු වල අඩංගු රැකියා සහ වෘත්තීන් වත්මන් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළට සහ ආර්ථිකයට ගැලපෙනවද යන්න එහිදී මූලික වශයෙන් නිරීක්ෂණය කරනු ඇත.
මෙම සමාලෝචනයෙන් අනතුරුව ඒ ඒ රැකියා ලැයිස්තු වලට සිදුකරන සංශෝධන වල අවසන් තීන්දු පිළිබඳ මාර්තු මාසයේදී සාමාන්‍යයෙන් නිවේදනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගනී.
නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එම සංශෝධන නිවේදනය කිරීම කල් යනු ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුවේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු ප්‍රධාන වශයෙන් තුනකි.
එම රැකියා ලැයිස්තු පහත පරිදි වේ.
- Short-term Skilled Occupation List (STSOL)
- Medium and Long-term Strategic Skills List (MLTSSL)
- Regional Occupation List (ROL)
මෙම රැකියා ලැයිස්තු වල අඩංගු රැකියා හා වෘත්තීන්ගෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ කෙටි කාලීන සහ මධ්‍ය/ දිගු කාලීන අවශ්‍යතා සපුරා ගැනෙයි.

2020 -21 මුල්‍ය වර්ෂය සඳහා යෝජිත වෙනස්කම්
2020 -21 මුල්‍ය වර්ෂයට බලපාන අයුරින් ඉහත රැකියා ලැයිස්තු ත්‍රිත්වය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් යෝජිත වෙනස්කම් කිහිපයක් මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුවේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.
එයට අනුව Short-term Skilled Occupation List හෙවත් STSOL ලැයිස්තුවේ දැනට ඇති වෘත්තීන් 11 ක් 2020 -21 මුල්‍ය වර්ෂයේදී ඉවත් කිරීමට යෝජනා වී තිබේ.
එමෙන්ම තවත් වෘත්තීන් 17 ක් STSOL, MLTSSL සහ ROL අතරේ මාරු කිරීමට යෝජනා වී ඇත.
මීට අමතරව තවත් වෘත්තීන් 4 ක් අලුතින් hort-term Skilled Occupation List හෙවත් STSOL ලැයිස්තුවට එකතු කිරීමටද යෝජනා වී තිබේ.
2020 -21 මුල්‍ය වර්ෂය සඳහා STSOL, MLTSSL සහ ROL වලට යෝජිත සියලු වෙනස්කම් පහත පරිදි වේ.

රැකියා ලැයිස්තු වලින් ඉවත් කිරීමට යෝජනා වී ඇති වෘත්තීන්
Image
රැකියා ලැයිස්තු අතර මාරු කිරීමට යෝජනා වී ඇති වෘත්තීන්
Image
රැකියා ලැයිස්තු වලට එකතු කිරීමට යෝජනා වී ඇති වෘත්තීන්



