2019-20 මුල්‍ය වර්ෂය සඳහා වූ වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන වසා දමා තිබේ.
සවන්දෙන්න SBS සිංහල සේවයට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඊයේ මේ පිළිබඳ දැනුම් දුන්නේය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන වසා දැමීම
ඔස්ට්‍රේලියාවේ ජාතික නිපුණතා වැඩසටහනට අමතරව එක් එක් ප්‍රාන්ත වලට වෙන්වූ නිපුණතා සංක්‍රමණික වැඩසටහන් පවතියි.
අදාළ ප්‍රාන්ත වල ආර්ථිකයට සහ ශ්‍රම හිඟයට අනුව ඒ ඒ ප්‍රාන්ත වල නිපුණතා වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මේ අනුව 2019-20 මුල්‍ය වර්ෂය සඳහා වූ වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන ඊයේ සිට වසා දැමුණු බව වික්ටෝරියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2019-20 මුල්‍ය වර්ෂය සඳහා වූ වික්ටෝරියා ප්‍රාන්තයේ නිපුණතා වැඩසටහන වෙනුවෙන් වෙන් කරන ලද කෝටාව අවසන් වීම නිසා මෙලෙස එය වසා දැමීමට සිදුවූ බව ප්‍රාන්ත රජය පවසයි.
මෙම වසා දැමීම නිසා වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ පිරිනැමෙන Skilled Nominated (Permanent) වීසා (subclass 190) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) යන වීසා වර්ග ද්විත්වයම නිකුත් කිරීම 2019-20 මුල්‍ය වර්ෂය අවසන් වන තෙක් අත්හිටුවා තිබේ.
2020 මැයි 28 වන තෙක් ලැබුණු අයදුම්පත් සලකා බලා ඒවායේ තීන්දු ප්‍රකාශ කරන බවත් නව අයදුම්පත් එළඹෙන මුල්‍ය වර්ෂයේදී බාරගන්නා බවත් වික්ටෝරියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන 2020-21 මුල්‍ය වර්ෂය සඳහා යළි ආරම්භ කිරීමට අපේක්ෂිතය.

වික්ටෝරියානු ප්‍රාන්තය සඳහා මේ වන විට අයදුම්පත් බාරගන්නා අනෙකුත් වීසා ඛාණ්ඩ
වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ පිරිනැමෙන Skilled Nominated (Permanent) වීසා (subclass 190) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) යන වීසා ඛාණ්ඩ සඳහා අයදුම්පත් මෙම මුල්‍ය වර්ෂය සඳහා බාර නොගත්තද පහත සඳහන් වීසා ඛාණ්ඩ සඳහා තවමත් අයදුම්පත් බාරගන්නා බව වික්ටෝරියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
- Business Innovation – Extension only(subclass 188A Extension)
- Significant Investor – Extension only(subclass 188C Extension)
- Permanent Business Innovation(subclass 888A)
- Permanent Investor (subclass 888B)
- Permanent Significant Investor (subclass 888C)


