ඔස්ට්‍රේලියානුවන් හට ජාත්‍යන්තර ගුවන් ගමන් වල යෙදීමට හැකි දින වකවානු පිළිබඳ Tourism Australia ආයතනය සැලසුම් සකස් කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එම කාල සටහන් වලට අනුව එළඹෙන ජූලි 01 වන දින සිට ඔස්ට්‍රේලියානුවන් හට නවසීලන්තයට සහ පැසිෆික් කලාපයේ රටවල් වෙත සංචාරය කිරීමට අවසර ලැබෙනු ඇත.

ජාත්‍යන්තර සංචාර සඳහා ඔස්ට්‍රේලියානුවන්ට අවසර ලැබීම
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට කිසිදු ඔස්ට්‍රේලියානුවෙකුට ජාත්‍යන්තර සංචාරයක යෙදීමට අවසර නොලැබේ.
පසුගිය මාර්තු මස අග භාගයේ පටන් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වල් සහ නැව් තොටුපොළවල් මගී ප්‍රවාහනය සඳහා වසා දැමිණි.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මෙන්ම ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපීය රටවල් අතර නැවතත් සංචාරක කටයුතු ඇරඹීමට ඒ ඒ රටවල රාජ්‍ය නායකයෝ තීරණය කර ඇත.
ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්න, නවසීලන්ත අගමැතිනී ජසින්තා ආර්ඩන් ඇතුළු පැසිෆික් කලාපීය රටවල නායකයින් ඊයේ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
පැසිෆික් කලාපයේ කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට මේ හරහා උත්සහ ගැනෙයි.
මේ සඳහා වෙනමම සංචාරක ශ්‍රම බලකායක් පිහිටවූ අතර පසුගිය මැයි 22 වන දින පැවැත්වූ රැස්වීමේදී පැසිෆික් කලාපයේ සංචාරක කටයුතු ඇරඹීම සඳහා ඔස්ට්‍රේලියානු කාල සටහන අදාළ ශ්‍රම බලකාය විසින් අනුමත කළේය.
එම රැස්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය Simon Birmingham සහභාගී වුයේය.

සංචාරක කාල සටහන
ඉහත සඳහන් කළ සංචාරක කාල සටහන අනුව කොරෝනා වසංගතයෙන් පසුව සිදු කෙරෙන ප්‍රථම සංචාරක ගුවන් ගමන ජූලි 01 වන දින කැන්බරා නුවර සහ නවසීලන්තයේ වෙලිංටන් නුවර අතර සිදුවනු ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියා - නවසීලන්ත සංචාරක බුබුල (Travel Bubble) ජූලි 01 වන දින ආරම්භ කෙරෙන අතර අනෙක් සංචාරක බුබුළු පිළිබඳ සැප්තැම්බර් 10 සිට සලකා බැලෙන බව ඔස්ට්‍රේලියානු වානිජ හා සංචාරක මණ්ඩලයේ ප්‍රධානී John Hart, චැනල් 7 පුවත් සේවයට පැවසුවේය.
පැසිෆික් රටවල් ද නවසීලන්ත සංචාරක බුබුල යටතේ ම සලකා බැලෙන බව වාර්තා වේ.

සංචාරක බුබුළු
කොරෝනා වසංගතයත් සමග මෙම "සංචාරක බුබුළු" යන වදනද නිරතුරුව අසන්නට ලැබේ.
"සංචාරක බුබුළු" යනු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටවල් දෙකක් අතර සිදු කෙරෙන සංචාරක ක්‍රියාකාරකම් ය.
මෙම "සංචාරක බුබුළු" සංකල්පය යටතේ සංචාරය කරන මගීන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු නොවී ඒ ඒ රටවල් දෙක අතර මුහුදින්, ගොඩබිමෙන් හෝ ගුවනින් ගමන් කිරීමට දෙරටේ වැසියන්ට අවස්ථාව උදා වේ.
කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කරමින් සිටින රටවල් අතර මේ වන විට මෙවැනි ආකාරයේ "සංචාරක බුබුළු" නිර්මාණය කෙරෙමින් පවතී.
ඒවා අතරින් ඔස්ට්‍රේලියා - නවසීලන්ත සංචාරක බුබුල මේ වන විට ලොව පුරා අතිශය ප්‍රසිද්ධ වී ඇත.
ජූලි 01 වන දින පිටත්වන ගුවන් ගමනේ බොහෝ විට දේශපාලකයින්, මාධ්‍යවේදීන් සහ ව්‍යාපාරිකයින් පමණක් ගමන් කරනු ඇතැයි ඔස්ට්‍රේලියානු වානිජ හා සංචාරක මණ්ඩලයේ ප්‍රධානී John Hart පැවසුවේය.


