ජුනි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් වන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

Victorian Premier Daniel Andrews

Victorian Premier Daniel Andrews. Source: AAP

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පනවා ඇති නීති හා සීමාවන් එළඹෙන ජුනි 01 වන දින සිට තවත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැරසෙයි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් මේ පිළිබඳ ඊයේ නිවේදනය කරන ලදී.
Coronavirus
Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති

වික්ටෝරියානු ප්‍රාන්ත රජය තවමත් hospitality ව්‍යාපාර විවෘත කිරීමට අවසර ලබා දී නොමැති අතර නිවසින් පිටවීමට හේතු 5 ක් ප්‍රාන්තවාසීන්ට සපයා ඇත.

එම හේතු 5 පහත පරිදි වේ.

  1. අවශ්‍ය ආහාර පාන මිලට ගැනීම සඳහා සාප්පු යාම
  2. සෞඛ්‍ය අවශ්‍යතා සහ රැකබලා ගැනීම් සඳහා යාම
  3. ව්‍යායාම් කිරීමට යාම
  4. රැකියා කිරීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා යාම
  5. පවුලේ සහ හිතවතුන් බැලීමට යාම
ඒ අනුව තවමත් වික්ටෝරියා ප්‍රාන්තයේ තුන්වන මට්ටමේ කොරෝනා නීති බොහොමයක් ක්‍රියාත්මක කෙරේ.

නමුත් එළඹෙන ජුනි 01 වන දින සිට එම නීති හා සීමාවන් තවත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර ඇත.

ජුනි 01 වන දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් වන කොරෝනා නීති

  • නිවසේ වෙසෙන පුද්ගලයින් සමග ඔබේ නිවසේ 20 දෙනෙකු දක්වා එක්රැස්වීමට අවසර ලැබේ.
  • එළිමහනේ ද පුද්ගලයින් 20 දෙනෙකු දක්වා රැස්වීමට අවසර ලැබේ.
  • නිවසින් පිටත රැයක් ගත කිරීමට අවසර ලැබේ.
  • එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව රූපලාවන්‍යාගාර, නියපොතු සැලුන් සහ පච්ච කෙටීමේ ස්ථාන විවෘත කිරීමට අවසර ලැබේ.
  • එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව අවන්හල්, ආපන ශාලා වල අසුන්ගෙන ආහාර පාන ගැනීමට අවසර ලැබේ.
  • එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව කලාගාර, කෞතුකාගාර, පුස්තකාල සහ ප්‍රජා පහසුකම් මධ්‍යස්ථාන ද විවෘත කළ හැකිය.
  • එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව Bootcamps, ආගමික සේවාවන් සහ නිවාස හා දේපළ වෙන්දේසි කටයුතු ද ආරම්භ කළ හැකිය.
  • දේව මෙහෙය පවත්වන්නා සහ විවාහ වන යුවළට අමතරව විවාහ මංගල්‍ය උත්සව සඳහා අමුත්තන් 20 දෙනෙකු දක්වා සහභාගී විය හැකිය.
  • අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස 50 දක්වා ඉහළ දැමේ.
මැයි 26 වන දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රීඩා පිටි සහ skate උද්‍යානද යළි විවෘත කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ පාසල් යළි ඇරඹීම

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්, ඉගෙනීම් කටයුතු සඳහා යළි විවෘත කිරීම අදියර දෙකකින් සිදුවේ.

මැයි 26 වන දින පළමු අදියර ක්‍රියාත්මක වන අතර ජුනි 09 වන දින දෙවැනි අදියර ක්‍රියාත්මක වේ.

එම අදියර දෙකට අනුව ඒ ඒ වසර වල පන්ති ආරම්භ වන දින පහත පරිදි වේ.

  • මැයි 26 - prep, 1, 2, 11 සහ 12 වසර වල පන්ති
  • ජුනි 09 - 3,4,5,6,7,8,9 සහ 10 වසර වල පන්ති
වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂ පාසල් ද (specialist schools) මුහුණට මුහුණ ඉගැන්වීම් කටයුතු සඳහා මැයි 26 වන දින විවෘත කෙරෙනු ඇත.
වික්ටෝරියානු ප්‍රාන්ත පාසල් අධ්‍යාපනයේ අවසන් කඩඉම් විභාගය වන 12 වසර සිසුන් මුහුණ දෙන VCE විභාගය මේ වසරේ නොවැම්බර් 09 වන දින ආරම්භ වන බව වාර්තා වේ.

ඒ අනුව මෙවර  VCE විභාගය දෙසැම්බර් 02 වන දින දක්වා පැවැත්වෙනු ඇත.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Maani Truu, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ජුනි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් වන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala