කොරෝනා නිසා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් සැප්තැම්බර් මාසයෙනුත් එපිටට වසා දැමෙන ලකුණු (SBS සිංහල/ වාර්තා)

A road block in Queensland last month.

A road block in Queensland last month. Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදනය වීම් පාලනය කරගැනීමට නොහැකි වුවහොත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමාවන් තව දුරටත් වසා දැමීමට සිදුවනු ඇතැයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


එසේ වුවහොත් එළඹෙන සැප්තැම්බර් මාසයටත් එහා වුවද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් වසා දැමීමට සිදුවනු ඇතැයි සඳහන්.

A police officer stops a driver at a checkpoint at Coolangatta on the Queensland - New South Wales border
A police officer stops a driver at a checkpoint at Coolangatta on the Queensland - New South Wales border Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් වසා දැමීම

සානුකම්පිත හේතු මත විනා කිසිදු පිටස්තරයකුට මේ කාලයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසා තිබුණි.

එම තීරණයට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී වෛද්‍ය Jeannette Young ද සිය සහයෝගය පළ කළාය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් විවෘත කරන ලෙසට ප්‍රාන්තයේ සංචාරක කර්මාන්ත දැඩි ලෙස ප්‍රාන්ත රජයට බල කර සිටියි.

මන්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තය වන නිසාවෙනි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් පාලනය කිරීම මේ කාලයේදී ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතු බවද ඇය පැවසුවාය.

එළඹෙන ජූලි මාසයේ සිට ප්‍රාන්ත සීමාවන් විවෘත කිරීම සඳහා කුඩා හෝ අවස්ථාවක් ඇති නමුත් දැනට පවතින තත්ත්වය අනුව එය විය නොහැකි බවද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී වෛද්‍ය Jeannette Young පැවසුවාය.

සංචාරක කර්මාන්තයට මෙය යථාවක් කරගැනීමට අවශ්‍යනම් සැප්තැම්බර් මාසය තෙක් ඉවසා සිටිය යුතු වන බවද ඇය අවධාරණය කළාය.

Queensland Chief Health Officer Dr Jeannette Young on Wednesday.
Queensland Chief Health Officer Dr Jeannette Young on Wednesday. Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය කොරෝනා නීති ලිහිල් කරයි

පසුගිය මැයි 15 වන දිනෙන් පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තම ප්‍රාන්තය වෙත පනවා තිබූ ඇතැම් කොරෝනා නීති ලිහිල් කළේය.

ඒ අනුව නිවසේ වෙසෙන පුද්ගලයින් හැර තම නිවසට අමුත්තන් 5 දෙනෙකු දක්වා ගෙන්වා ගත හැකි අතර එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකු දක්වා රැස්වීමට අවසර ලැබේ.

තවද විනෝදාස්වාදය සඳහා තම නිවසේ සිට කිලෝමීටර් 150 ක දුරක් යා හැකි අතර Outback කලාප වාසීන්ට තම නිවසේ සිට කිලෝ මීටර් 500 ක් දක්වා යා හැකිය.

මේ වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සිටින අතර මෙතෙක් වාර්තාවූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1058 කි.

කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට සහන පැකේජ කිහිපයක් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එහිදී ඩොලර් මිලියන 50 ක් සංචාරක කර්මාන්තය සඳහාද ඩොලර් මිලියන 10 ක් ජාත්‍යන්තර සිසුන් සහ සුළු පරිමාන ව්‍යාපාර සඳහාද වෙන් කෙරුණි.

Sinhalese
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now