වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ලබා දීමට පොරොන්දුවූ $1,100 දීමනාවට අයදුම්පත් විවෘත කෙරේ (SBS සිංහල/ වාර්තා)

Victorian Government’s International Student Emergency Relief Fund

Source: Pixabay

කොරෝනා වසංගතයෙන් ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ලබා දෙන ආර්ථික සහන දීමනාව ලබා දීම සඳහා අදාළ අයදුම්පත් ඊයේ (19/05) සිට විවෘත කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට මෙම ආර්ථික සහන දීමනාව ලබාදීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 45 ක මුදලක් වෙන්කොට ඇත.

Victorian Government’s International Student Emergency Relief Fund
Source: Pixabay

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ලබා දෙන ආර්ථික සහන දීමනාව

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන හරහා මෙම ආර්ථික දීමනාව ජාත්‍යන්තර සිසුන් හට ලබාදීමට නියමිතය.

මෙහිදී එක් ජාත්‍යන්තර ශිෂ්‍යයෙකුට එක්වරක් පමණක් ඩොලර් 1,100 ක මුදලක් හිමිවනු ඇත.

මේ සඳහා අයදුම් කිරීමට කැමති ජාත්‍යන්තර සිසුන්ට මෙම ආර්ථික දීමනාව ලබා ගැනීමට කැමති බව පවසා මුලින්ම ලියාපදිංචිවීමට සිදුවිය.

ඉන් අනතුරුව ඊයේ දිනයේදී මේ සඳහා අදාළ අයදුම්පත් විවෘත කරන ලදී.

Victorian Government’s International Student Emergency Relief Fund
Source: AAP

මේ සඳහා අයදුම් කරන්නේ කෙලෙසද?

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ලබා දෙන ආර්ථික සහන දීමනාව ධාරාවන් දෙකකින් ලබාදේ.

පළමු ධාරාව:

විශ්ව විද්‍යාල සහ TAFE විද්‍යාල වල සිසුන්ට අයදුම් කිරීමට හැකියාව ලැබීම.

ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක හෝ TAFE විද්‍යාලයක අධ්‍යාපනය ලබයිනම් මෙම ආර්ථික සහන දීමනාව ලබාගැනීම සඳහා අයදුම් කිරීමට මෙම වෙබ් යොමුවෙන් හැකිය.

දෙවැනි ධාරාව:

පුද්ගලික විද්‍යාල සහ පුද්ගලික අධ්‍යාපනික ආයතන වල සිසුන්ට අයදුම් කිරීමට හැකියාව ලැබීම.

ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික විද්‍යාල සහ පුද්ගලික අධ්‍යාපනික ආයතන වල අධ්‍යාපනය ලබයිනම් මෙම ආර්ථික සහන දීමනාව ලබාගැනීම සඳහා අයදුම් කිරීමට මෙම වෙබ් යොමුවෙන් හැකිය.

මේ සඳහා සුදුසුකම් ලැබු සියලුම අධ්‍යාපනික ආයතන සහ විද්‍යාල මෙම වෙබ් යොමුවෙන් ඔබට දැකබලාගත හැකිය.

Victorian Government’s International Student Emergency Relief Fund
Source: Pixabay

මෙම ආර්ථික දීමනාව ලබා ගැනීමට සැපිරිය යුතු සුදුසුකම් මොනවාද?

මෙම ආර්ථික දීමනාව ලබා ගැනීමට ඔබට පහත සඳහන් සුදුසුකම් සැපිරිය යුතු වේ.

  • 2020 ජුනි 30 ට පසුව ඔබේ වත්මන් ශිෂ්‍ය වීසාව කල් ඉකුත්වන ජාත්‍යන්තර සිසුවෙක් වීම.
  • ඔබ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරන අයෙකු විය යුතු අතර වර්තමානයේ ඔබ ශාරීරිකව ද වික්ටෝරියා ප්‍රාන්තය තුළ විසිය යුතුය.
  • 2020 මාර්තු වන විට ඔබ යම් රැකියාවක් කළ කළ යුතුව තිබුණද ඔබේ රැකියාවට කොරෝනා වසංගතය නිසා පහත සඳහන් ක්‍රියාවන් සිදුවී ඇත්නම්;
  1. ඔබේ සේවා පැය ගණන බරපතල ලෙස කප්පාදු කිරීම හෝ
  2. ව්‍යාපාර වසා දැමීම නිසා රැකියාව අහිමිවීම හෝ
  3. ඔබේ හිඟ වැටුප් අනෙක් මුල්‍ය සහන සේවා වලින් පිරිමසා ගත නොහැකිවීම.
Sinhalese
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now