කොරෝනා වසංගතය නිසා වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල පාසල් මේ සතියේ සිට යළි විවෘත කෙරේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාසල් වල මුහුණට මුහුණ සිදුකෙරෙන අධ්‍යාපන කටයුතු මේ සතියේ සිට සිදු කෙරෙන නමුත් කොරෝනා වයිරසය හමුවේ පන්තිකාමර වල සහ පාසල් භූමිය තුළ වෙනස් අත්දැකීම් සිසුන්ට අත්දකින්නට ලැබෙනු ඇතැයි ප්‍රාන්ත අධ්‍යාපන බලධාරීහු පවසති.

වික්ටෝරියා ප්‍රාන්තය
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්, ඉගෙනීම් කටයුතු සඳහා යළි විවෘත කිරීම අදියර දෙකකින් සිදුවේ.
මැයි 26 වන දින පළමු අදියර ක්‍රියාත්මක වන අතර ජුනි 09 වන දින දෙවැනි අදියර ක්‍රියාත්මක වේ.
එම අදියර දෙකට අනුව ඒ ඒ වසර වල පන්ති ආරම්භ වන දින පහත පරිදි වේ.
- මැයි 26 - prep, 1, 2, 11 සහ 12 වසර වල පන්ති
- ජුනි 09 - 3,4,5,6,7,8,9 සහ 10 වසර වල පන්ති
වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂ පාසල් ද (specialist schools) මුහුණට මුහුණ ඉගැන්වීම් කටයුතු සඳහා මැයි 26 වන දින විවෘත කෙරෙනු ඇත.
VCE විභාගය
වික්ටෝරියානු ප්‍රාන්ත පාසල් අධ්‍යාපනයේ අවසන් කඩඉම් විභාගය වන 12 වසර සිසුන් මුහුණ දෙන VCE විභාගය මේ වසරේ නොවැම්බර් 09 වන දින ආරම්භ වන බව වාර්තා වේ.
ඒ අනුව මෙවර VCE විභාගය දෙසැම්බර් 02 වන දින දක්වා පැවැත්වෙනු ඇත.
සාමාන්‍යයෙන් මෙවර VCE විභාගය අනෙක් වසර වලට වඩා සති දෙකකින් ප්‍රමාද වන නමුත් කලින් සැලසුම් කළ අන්දමට වඩා පෙරාතුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී තිබේ.
මේ නිසා VCE සිසුන් හට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේදී ප්‍රමාද වීම් මත අසාධාරණයක් නොවන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය James Merlino පැවසීය.
VCE සිසුන් හට තම ATAR ලකුණු මේ වසර නිමවීමට පෙර ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
General Achievement පරීක්ෂණය (GAT) සැප්තැම්බර් 09 පැවැත්වේ.

වෙනස් පාසල් වටපිටාවක්
මේ සතියේ සිට වික්ටෝරියානු පාසල් සිසුන් තම පාසල් වෙත ගිය පසු ඔවුන්ට වෙනස්ම පාසල් වටපිටාවක් මෙන්ම වෙනස්ම පන්ති කාමර සැලස්මක් අත්දකින්නට ලැබෙනු ඇතැයි ප්‍රාන්ත රජය පවසයි.
කොරෝනා වයිරසය මැඩලීම සඳහා පාසල් දැඩිව පිරිසිදු කිරීමේ කටයුතු උදෙසා ඩොලර් මිලියන 45 ක අමතර මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
පාසල් භූමිය තුළ පුද්ගල දුරස්ථභාවය සැමවිටම අනුගමනය කළ යුතු අතර රැස්වීම්, කඳවුරු බැඳීම් වැනි ක්‍රියාකාරකම් දැනට අත්හිටුවා තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
අද (25/05) සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් යළි විවෘත කෙරෙන අතර සෑම දෙමාපියෙක්ම තම දරුවාව පාසල් එවිය යුතු බවට ප්‍රාන්ත රජය අවධාරණය කරයි.
හේතු නොදක්වන සිසුන්ගේ නොපැමිණීම් පිළිබඳ සොයාබලා පියවර ගන්නා බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන ඇමතිනී Sarah Mitchell පැවසුවාය.
කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් පාසල් වල නොමැති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
මේ අතර පාසල් ළමුන්ව ඇරලවීම සහ නැවත ගැනීම සිදු කළ යුත්තේ පාසල් ගේට්ටුව අසළින් බවද ඇය අවධාරණය කළාය.
එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 12 වසර පාසල් සිසුන්ගේ HSC විභාගය ඔක්තෝබර් මස 20 වන දින ආරම්භ වන අතර එහි ප්‍රතිඵල දෙසැම්බර් 18 වන දින ලැබෙන බව ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

පොදු ප්‍රවාහන සේවා වල මගී සීමා
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ක්‍රමිකව සිය ප්‍රාන්තයේ වැඩ කටයුතු යළි ආරම්භ කරමින් පවතින බැවින් පොදු ප්‍රවාහන සේවා වල තදබදයද ක්‍රමිකව වර්ධනය වන බවක් පෙනෙන්නට තිබේ.
නමුත් පුද්ගල දුරස්ථභාවය සැමවිටම පිළිපැදිය යුතු නිසා පොදු ප්‍රවාහන සේවා වල මගී සීමාවන් පහත පරිදි පනවා ඇත.
- බස් රථ - එකවර මගීන් 12
- දුම්රිය මැදිරියක - එකවර 32
- සිඩ්නි ෆෙරී යාත්‍රාවක - එකවර 45


