නැගෙනහිර සිඩ්නි කලාපයේ පිහිටි පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (26/05) පෙරවරුවේ තහවුරු වී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ සමගම අදාළ පාසල් ද්විත්වයේ සියලු සිසුන් වහාම නිවෙස් කරා පිටත් කර හැරී බව වාර්තා වේ.

Waverley විද්‍යාලය
නිව් සවුත් වේල්ස් දෙවැනි වාරය සඳහා පාසල් ආරම්භ කොට දෙවැනි දිනය වන අද දින පෙරවරුවේ නැගෙනහිර සිඩ්නි කලාපයේ පිහිටි Waverley විද්‍යාලයේ සිසුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග පාසල වසා දැමීමට තීරණය කෙරුණි.
7 වසරේ සිසුවෙකු හට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බවට සඳහන්.
මෙම සිදුවීමත් සමග පාසලේ සිසුන්ව වහාම ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට පාසල් බලධාරීන් කටයුතු කළ අතර දෙමාපියන්ට සෘජුව පැමිණ රැගෙන යා නොහැකි දරුවන්ව පාසල විසින් සංවිධානය කළ පුද්ගලික බස් රථ මගින් නිවෙස් වෙත රැගෙන ගිය බව Waverley විද්‍යාලයේ නියෝජිතයෙකු SBS පුවත් සේවයට පැවසීය.
පාසල සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කළ බවද වාර්තා වේ.
මේ අතර Waverley ප්‍රදේශයේ පිහිටි St Charles විද්‍යාලයේ යම් සිසුවෙකුට Waverley විද්‍යාලයේ ඉගෙනුම ලබන සොයුරන් සිටීනම් ඔවුන් සමග අද දිනයේ වේලාසනින් නිවෙස් වෙත යාමට St Charles විද්‍යාලයේ සිසුන් හටද අවස්ථාව සලසා දී තිබුණි.
Moriah විද්‍යාලය
සිඩ්නි කලාපයේ Queens Park හි පිහිටා ඇති Moriah විද්‍යාලය ද අද පෙරවරුවේ වසා දැමීමට පාසල් බලධාරීහු තීරණය කළහ.
එහි ප්‍රථමික පාසලේ සිසුවෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙලෙස Moriah විද්‍යාලය ද වසා දැමුණි.
එය Waverley විද්‍යාලය අසල පිහිටා ඇති බවද වාර්තා වේ.
මේ වන විට Moriah විද්‍යාලය දැඩි ලෙස පිරිසිදු කිරීමේ කටයුතු වලට භාජනය කර ඇති අතර ලබන සතිය වනතුරු පාසල වසා දමන බව එහි නියෝජිතයෙකු ABC පුවත් සේවයට පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් ආරම්භ කිරීම
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම රජයේ පාසල් වල මුහුණට මුහුණ සිදු කරන අධ්‍යන කටයුතු ඊයේ (25/05) සිට යළි ඇරඹිණි.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ දෙවැනි වාරය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් වල මුහුණට මුහුණ සිදු කරන පන්ති කාමර අධ්‍යන කටයුතු ඇරඹීම මසකට වැඩි කාලයක් ප්‍රමාද විය.
ඒ අනුව පසුගිය සතියේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian දරුවන්ව පාසලට එවන ලෙස දෙමාපියන් වෙත නැවත නැවත දැනුම් දෙන්නට වූවාය.
රජයේ පාසල් පද්ධතිය තුළ කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඉතා හොඳ වැඩපිළිවෙලක් ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යපාන ඇමතිනී Sarah Mitchell පැවසුවාය.
"තවමත් අප මේ ගෙවන්නේ වසංගතය සමයක් බවත් මෙම කාලය අතරේ පාසල් කාර්ය මණ්ඩලයේ හෝ දෙමාපියන් අතරේ හෝ දරුවන් අතරේ හෝ වයිරසය ආසාදනය වී ඇති අය සිටීමට පුළුවන්. පවතින තත්ත්වය හමුවේ ඊට මුහුණ දිය යුතුයි." යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවාය.
කෙසේවෙතත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් ආරම්භ කරනු ලැබුවේ නියම දින වකවානු සලකා බලා බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යපාන ඇමතිනී Sarah Mitchell පැවසුවාය.
මේ සතියේදී පූර්ණ වශයෙන් ඉගෙනුම් කටයුතු ආරම්භ කරන බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කිරීමට පෙර ඒ පිළිබඳ වෘත්තීය සමිති දැනුවත් නොකළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගුරුවරුන්ගේ සම්මේලනයේ සභාපති Angelo Gavrielatos පැවසුවේය.

