ඔස්ට්‍රේලියාව තුළ වර්ගවාදය (racism) තවමත් ක්‍රියාත්මකය.
කොරෝනා වසංගතයත් සමග චීන පසුබිමක් සහිත පුද්ගලයින්ට එරෙහිව මෙම වර්ගවාදී ක්‍රියා තරමක වැඩිවීමක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙවැනි ආකාරයේ වර්ගවාදී ක්‍රියා පැමිණිලි කිරීමට ඔස්ට්‍රේලියාව තුළ මාර්ග ගණනාවක් ඇති නමුත් බහුතරයක් සිදුවීම් සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් නොවන බව වාර්තා වේ.
කොරෝනා වසංගතය පවතින සමයේ හෝ අන් ඕනෑම කාලයකදී ඔස්ට්‍රේලියාව තුළ වර්ගවාදී ක්‍රියා පැමිණිලි කිරීමට හැකි ආකාර පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

කොරෝනා වසංගතය හා වර්ගවාදය
කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවේ පැතිරී යාම ආරම්භයත් සමග චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන්ට වර්ගවාදී ක්‍රියා විශාල සංඛ්‍යාවකට මුහුණ පෑමට සිදුවිය.
වාචිකව, ශාරීරිකව, අන්තර්ජාලය ඔස්සේ සහ පොදු හා පුද්ගලික ස්ථාන වල කුරුටු ගෑම් ආශ්‍රයෙන් මෙවැනි වර්ගවාදී ක්‍රියා ඔස්ට්‍රේලියාව පුරා සිදුවන්නට විය.
මෙම කොරෝනා වසංගත සමයේදී අන් කෙදිනටත් වඩා වර්ගවාදී ක්‍රියා සම්බන්ධව පැමිණිලි වැඩි වශයෙන් ලැබෙන්නට පටන් ගත් බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම පවසයි.
මෙම ගෙවී යන මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට වර්ගවාදී ක්‍රියා සම්බන්ධව වැඩිපුරම පැමිණිලි ලැබී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ දී බව හෙළිවිය.
නමුත් ඔස්ට්‍රේලියාවේ පැවති lockdown තත්ත්වයත් සමග මේ වර්ගවාදී ක්‍රියා සිදුවීමේ වාතාවරණය ක්‍රමිකව අඩුවූ බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම පවසයි.
යම් ගැටළුවක් නිර්මාණය වූ අලුත එය මුල් කරගනිමින් වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට චෝදනා කිරීමට මිනිසුන් පෙළඹෙන බව ඔස්ට්‍රේලියාවේ Race Discrimination කොමසාරිස් Chin Tan, SBS පුවත් වෙත පැවසීය.
නමුත්, කොරෝනා වසංගතයට පෙර සහ ඒ අතරේදී ඒ හා සම්බන්ධ සිදුවූ වර්ගවාදී ක්‍රියා පිළිබඳ පැමිණිලි කිරීම් අඩුවෙන් සිදු කර ඇති බව ඒ සම්බන්ධ උපදේශකයෝ පවසති.
සෑම වසරකම වර්ගවාදී ක්‍රියා පිළිබඳ පැමිණිලි 500 ක් පමණ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම වෙත ලැබෙන නමුත් සත්‍ය වශයෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වර්ගවාදී ක්‍රියා ඊට වඩා වැඩි බව All Together සංවිධානයේ Priscilla Brice, SBS පුවත් වෙත පැවසුවාය.
Scanlon පදනමේ සමාජ බැඳීම පිළිබඳ වාර්තාවේ සඳහන් වන පරිදි සෑම ඔස්ට්‍රේලියානුවාසීන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම වර්ගවාදී ක්‍රියාවකට මුහුණ දෙයි.
ඒ අනුව වාර්ෂිකව ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වර්ගවාදී ක්‍රියා ප්‍රමාණය 500 ක් නොව මිලියනයකට අධික විය යුතු බව Priscilla Brice පෙන්වා දුන්නාය.

වර්ගවාදී ක්‍රියාවකට මුහුණ දුන් විට පැමිණිලි කළ යුත්තේ කා හටද?
ඔස්ට්‍රේලියාව තුළ වර්ගවාදී ක්‍රියාවකට මුහුණ දුන් විට පැමිණිලි කළ යුතු ප්‍රධානතම ආයතනය ලෙස ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම හැඳින්වේ.
එම පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ හෝ 1300 656 419 යන දුරකතන අංකය ඔස්සේ සිදු කළ හැකිය.
එය හැරුණු කොට Anti-Discrimination NSW හෝ The Victorian Equal Opportunity and Human Rights Commission යන ආයතන වෙතද ඔබට පැමිණිලි කළ හැකිය.
ඔස්ට්‍රේලියාව තුළ වර්ගවාදී ක්‍රියාවකට මුහුණ දුන් පුද්ගලයෙකු හට ඒ පිළිබඳ පොලීසියට ද පැමිණිලි කළ හැකි බව ආසියානු - ඔස්ට්‍රේලියානු සන්ධානය පවසයි.
ඔස්ට්‍රේලියාව තුළ වර්ගවාදී ක්‍රියාවකට මුහුණ දුන් අයෙකු කළ යුත්තේ කුමක්ද සහ පැමිණිලි කළ යුත්තේ ක හටද යන සියලු විස්තර මෙම වෙබ් අඩවියේ එකට කැටි කොට තිබේ.

වර්ගවාදී ක්‍රියා පිළිබඳ සමීක්ෂණයක්
කොරෝනා වසංගතය පවතින සමයේදී ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වර්ගවාදී ක්‍රියා පිළිබඳ අන්තර්ජාල සමීක්ෂණයක් පවත්වාගෙන යාමට ආසියානු - ඔස්ට්‍රේලියානු සන්ධානය, Being Asian Australian සහ Per Capita සංවිධානයේ Osmond Chiu කටයුතු කර ඇත.
ආසියානු සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් හට කොරෝනා සමයේදී ඔස්ට්‍රේලියාව තුළ මුහුණ දීමට සිදුවන විවිධ වර්ගවාදී ක්‍රියා පිළිබඳ මෙම සමීක්ෂණයට පැමිණිලි කළ හැකිය.
මේ තාක් දුරට පුද්ගලයින් 370 දෙනෙකු මේ සඳහා පැමිණිලි කර ඇත.
එයින් 85% ක ප්‍රතිශතයක් තමන්ට අත්විඳීමට සිදුවූ වර්ගවාදී ක්‍රියාව පිළිබඳ පොලීසියට පැමිණිලි කර නැති බව හෙළිවී තිබේ.
එම අත්දැකීම එතරම් ගණන් නොගත යුතු බව බොහෝ දෙනෙක් සිතීම එට ප්‍රධාන හේතුව වී තිබේ. එමෙන්ම පැමිණිලි කළද පොලීසිය ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් නොගනු ඇතැයි තවත් පිරිසක් සිතන බව ඒ හරහා හෙළිවී ඇත.
එම දත්ත වලට අනුව වර්ගවාදී ක්‍රියා වලට මුහුණ දුන් මුළු පිරිසෙන් 65% ක් කාන්තාවන් වේ.
එමෙන්ම එම වර්ගවාදී ක්‍රියා වලින් 50% ක් පමණ සිදුව ඇත්තේ පොදු මාර්ග වලදීය.

