ඕස්ට්‍රේලියාවේ අධික ආදායම් ලබන සමාගම් වලට බදු සහන ලබාදීමට මෙරට ජනතාවට අවශ්‍යතාවක් නැහැ: පොලින් හැන්සන් තදින් සිටී

Pauline Hanson speaks to the media

Pauline Hanson at a press conference Source: AAP

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කොට ඇති සමාගම් බදු කප්පාදුව සඳහා වන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත නොවන ලකුණු පලවෙමින් පවතින බව වාර්තා වේ. පෝලින් හැන්සන් ප්‍රමුඛ One Nation's පක්ෂය මෙයට විරෝධතාව පළකිරීමත් සමඟ මෙම තත්වය උද්ගතව ඇතැයි සඳහන්.

රජය විසින් ඉදිරිපත් කොට ඇති මෙම සමාගම් බදු කප්පාදුකිරීමේ සැලසුම අවංක සද්භාවයෙන් ඉදිරිපත් කරන ලද්දක් නොවන බව සෙනෙට් සභික පෝලින් හැන්සන් පවසයි. එසේම ඇය මෙම කෙටුම්පත සඳහා සංශෝධනය මාලාවක් ද ඉදිරිපත්කොට ඇත. බහුජාතික සමාගම් ඇතුළු ප්‍රධාන පෙලේ සමාගම් වලට බදු සහන ලබාදීමට මෙරට ජනතාවට අවශ්‍යතාවක් නොමැති බවද , රජය මෙම සමාගම් බදු පනත නිසියාකාරව ජනතාව අතරට ගෙනගොස් නොමැති බවද පෝලින් හැන්සන් චෝදනා කොට සිටී.

කෙසේවෙතත් පෝලින් හැන්සන් මිට පෙර රජයේ මෙම යෝජනාවට කැමැත්ත පලකොට තිබිණ. එහිදී ඇය පවසා තිබුනේ ඇමරිකාවේද මෙවැනිම වුනු සමාගම් බදු කප්පාදු පනතක් හේතුවෙන්, එරට සමාගම් තමනට රජයෙන් ලැබෙන බදු සහන, වැඩි රැකියා ප්‍රමාණයක් ලබාදීමට යෙදවූ නිසා රට තුල රැකියා උත්පාදනයක් සිදුවුණු වුනු බවයි. එම ක්‍රමය ඔස්ට්‍රේලියාවටද ආදර්ශයක් බවද මිට පෙර ඇය පවසා තිබිණ.

පෝලින් හැන්සන් ප්‍රමුඛ One Nation's පක්ෂය මෙයට විරෝධතාව දැක්වීමත් සමඟ මෙම සමාගම් බදු කප්පාදු පනත පාරිමේන්තුව තුල සම්මත කරගැනීමට රජයට අවශ්‍ය චන්ද සංඛ්‍යාවෙහි අඩුවක් සිදුවීම නිසා මෙය බොහෝදුරට සම්මත කරගැනීමට රජයට අපහසුවනු ඇතැයි වාර්තාවේ. එහෙත් මෙය සම්මතකරගැනීම අත් නොහරින බව රජය පවසයි. මේ පිලිබඳ අදහස් පලකොට සිටි මධ්‍යම රජයේ මුදල් අමාත්‍ය මතියාස් කෝමන් පවසා සිටියේ සෙනෙට් මන්ත්‍රිනී පෝලින් හැන්සන් සමඟ තවදුරටත් මේ පිළිබඳව සාකච්චා කොට පොදු එකඟතාවකට එළඹීමට බලාපොරොත්තුවන බවයි.


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now