Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඉදිරියේදී පඩි වැඩිවීමක් : ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු ප්‍රධානියාගෙන් ඉඟියක්. (SBS සිංහල/වාර්තා)

පසුගිය මාස කිහිපය තුළ සේවායෝජකත්වය ඉහළ ගොස් ඇති අතර විරැකියාව ක්‍රමයෙන් පහළ බැස යන බවත් පෙනුණු අතර ආයෝජන වල සුබදායී බවක් ද පෙනෙන්නට තිබෙන බවද ඔහු සඳහන් කළේය.

The economy is picking up, and wages are about to climb
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ඉදිරියේදී වඩා සුබදායි ලෙස දියුණුවේ යැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විශ්වාස කරයි.

ඒ අනුව කඩිනම් වැටුප් වැඩිවීමක් සමගම පොලී අනුපාතික ඉහළ යාමක්ද සිදුවනු ඇති බවට මධ්‍යම බැංකුව අපේක්ෂා කරයි.

පෙරේදා (04/09) රාත්‍රියේ බ්‍රිසබන් නුවර පැවැත්වූ ප්‍රජා රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව සිටින අතරේ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe මේ බව ප්‍රකාශ කර ඇත.

තවමත් ඔස්ට්‍රේලියානු ආර්ථිකය යම් ගැටලුකාරී මට්ටමක පවතින නිසා නොකඩවා 13 වන මාසයටත් පොලී අනුපාතික වෙනස් නොකර 1.5% මට්ටමේම පවත්වා ගැනීමට මධ්‍යම බැංකුව අදහස් කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

නමුත් පසුගිය මාස කිහිපය තුළ සේවායෝජකත්වය ඉහළ ගොස් ඇති අතර විරැකියාව ක්‍රමයෙන් පහළ බැස යන බවත් පෙනුණු අතර ආයෝජන වල සුබදායී බවක් ද පෙනෙන්නට තිබෙන බවද ඔහු සඳහන් කළේය.

නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය 1.9% ක වැනි පහළ මට්ටමක වාර්තා වේ.

මේ අතර පාසුගිය සිව්වසර පුරාවට මහජනතාව ණය ලබා ගැනීමේ සාමාන්‍ය අනුපාතය 6.5% කින් වැඩිවී ඇති නමුත් ඔවුන්ගේ ආදායම වැඩිවී ඇත්තේ සාමන්‍යයෙන් 3.5% කිනි.

නමුත් ඔස්ට්‍රේලියාවේ ජාතික ගිණුම් වලට අනුව පසුගිය ජුනි කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය 0.7% සිට 0.9% දක්වා ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මේ අතර පසුගිය වසරේදී රැකියා සඳහා වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය 13.3% කින් ඉහළ ගොස් ඇති අතර නව රැකියා 240,000 ක් පමණ නිර්මාණය වී තිබෙන බව ද සඳහන්.

ඉන් 80% ක්ම පූර්ණ කාලීන රැකියා බවද වාර්තා වේ.

1978 වසරේ සිට පූර්ණ කාලීන රැකියා වර්ධනයේ වාර්තා වූ ඉහළම වර්ධනය මෙය බවද අනාවරණය වී තිබේ.


2 min read

Published

By Madhura Seneviratne

Source: The Age



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now