ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වෙනස සතියට ඩොලර් 251.20 යි. (SBS සිංහල/වාර්තා)

Workplace Gender Equality නියෝජිත ආයතනයේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව සේවය කරන ස්ත්‍රියකගේ සතියක සාමාන්‍ය වැටුප ඩොලර් 1387 ක් බවත් එය පූර්ණ කාලීනව සේවය කරන පිරිමියෙකුගේ ඩොලර් 1638 ක් බවත් සඳහන්.

Diferencias entre hombres y mujeres en pagos salariales.

Diferencias entre hombres y mujeres en pagos salariales. Source: AAP

ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව සේවය කරන ස්ත්‍රියක්, පූර්ණ කාලීනව සේවය කරන පිරිමියෙකුට වඩා සතියකට ඩොලර් 251.20 ක හෙවත් 15.3% ක අඩු වැටුපක් ලබන බව හෙළිවී තිබේ.

ඊයේට (04/09) යෙදී තිබූ “equal pay day” හෙවත් “වැටුප් සමානාත්මතා දිනය” නිමිත්තෙන් Workplace Gender Equality නියෝජිත ආයතනය ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත උපයෝගී කරගනිමින් සිදු කළ විශ්ලේෂනයකදී මේ බව හෙළිවී ඇත.

මේ අතර ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් හා පූර්ව ළමා විය අධ්‍යාපනික ආයතන වල සේවය කරන උදවියගේ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව ජාතික මට්ටමේ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව මෙන් දෙගුණයක් බවද වාර්තා වේ.

මෙම ක්ෂේත්‍රයන්හි 89.3% ක් ම සේවය කරනුයේ කාන්තා පාර්ශවය බවද හෙළිවී ඇත.

ඒ අනුව පෙර පාසල් වල පූර්ණ කාලීනව සේවය කරන කාන්තාවකගේ වැටුප එම ක්ෂේත්‍රයේම පූර්ණ කාලීනව සේවය කරන පිරිමි පුද්ගලයෙකුගේ වැටුපට වඩා සාමන්‍යයෙන් 31.9% ක හිඟයක් තිබෙන බව එම දත්ත පෙන්වා දෙන අතර සාමන්‍යයෙන් ජාතික මට්ටමේ මෙම අගය 15.3% ක් බවද එය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම සතිය තුළදී ඔස්ට්‍රේලියාව පුරා සිටින පෙර පාසල් හා පූර්ව ළමා විය අධ්‍යාපනික ආයතන වල සේවය කරන කාන්තා සේවකයින් විරෝධතාවක නිරත වීමටද සූදානමින් සිටින බවට තොරතුරු අනවරණය වී තිබේ.

එළඹෙන බ්‍රහස්පතින්දා පස්වරු 3.20 ට ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල සේවය කරන කාන්තා සේවකයින් 3000 ක් පමණ වැඩ වැරීමට අපේක්ෂා කරන බවද හෙළිවී ඇත.

ඉහත ක්ෂේත්‍රයට පසුව ඔස්ට්‍රේලියාව තුළ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව දෙවැනියට ඉහළින්ම පවතින්න්නේ මුල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍රයේ බවත් එය 29.6% ක් බවත් අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව වෘත්තිමය, විද්‍යා හා තාක්ෂණික අංශ වල 24.2% ක් ලෙසද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 23.3 % ක් ලෙසද එය වාර්තා වේ.

ඔස්ට්‍රේලියාව තුළ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව අඩුවෙන්ම දැකිය හැක්කේ රාජ්‍ය පරිපාලන හා ආරක්ෂණ ක්ෂේත්‍රයේ බවත් එය 5.9% ක් බවත් වාර්තා වේ.

ඉන් අනතුරුව සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ එම අගය 9.0% ක් ගන්නා බවත් හෙළිවී ඇත.

Workplace Gender Equality නියෝජිත ආයතනයේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව සේවය කරන ස්ත්‍රියකගේ සතියක සාමාන්‍ය වැටුප ඩොලර් 1387 ක් බවත් එය පූර්ණ කාලීනව සේවය කරන පිරිමියෙකුගේ ඩොලර් 1638 ක් බවත් සඳහන්.


2 min read

Published

By Madhura Seneviratne

Source: The Guardian



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now