ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට වාර්තාගත සංක්‍රමණික පැමිණීමක්. ශ්‍රී ලංකාවත් ප්‍රථම 10 අතරට. (SBS සිංහල/වාර්තා)

Migrants

Source: AAP

පසුගිය වසර කිහිපයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මෙල්බර්න් සහ සිඩ්නි නගර වලින් බැහැරව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වල ස්ථාපිත වීමේ වැඩි ප්‍රවනතාවක් පෙනී යයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

එම කරුණ සනාථ කරමින් පසුගිය මුල්‍ය වර්ෂ දෙක තුළ සැලකිය යුතු සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් කැන්බරා නුවර ප්‍රධාන කරගෙන Australian Capital Territory (ACT) වෙත ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරයි.

Migrants
Source: AAP

සංක්‍රමණිකයින් වැඩි වශයෙන් කැන්බරා නුවරට

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව පසුගිය මුල්‍ය වර්ෂ දෙක තුළ කැන්බරා නුවර ප්‍රධාන කරගෙන Australian Capital Territory (ACT) වෙත සංක්‍රමණිකයින් 10,000 පමණ බැගින් ගොස් තිබේ.

2017-18 මුල්‍ය වර්ෂයේදී සංක්‍රමණිකයින් 10,920 ක් කැන්බරා නුවරට පදිංචියට පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.

2004-05 මුල්‍ය වර්ෂය තුළ කැන්බරා නුවරට සංක්‍රමණය කළ සංක්‍රමණිකයින් සංඛ්‍යාව 5,410 ක් බවත් ඒ අනුව පසුගිය වසර ද්විත්වය තුළ එය දෙගුණයකින් වැඩිවී ඇති බවත් පෙනී යයි.

Migrants
Source: Google Maps

සංක්‍රමණිකයින්ගේ පදිංචිය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ජනගහනයට අනුව සංක්‍රමණිකයින්ගේ ස්ථාපිත වීම පිළිබඳ සලකා බැලීමේදී සිව්වන විශාලතම සංක්‍රමණික පිරිස ස්ථාපිත වී ඇත්තේ Australian Capital Territory හිය.

ඒ අනුව වර්තමාන ACT ජනගහනයෙන් සංක්‍රමණික ප්‍රජාව 28% ක ප්‍රතිශතයක් නියෝජනය කරයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ජනගහනයට අනුව සංක්‍රමණිකයින් වැඩිම ප්‍රතිශතයක් ස්ථාපිත වී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ වන අතර එය 35% ක ප්‍රතිශතයකි.

ලැයිස්තුවේ දෙවැනි තැන වික්ටෝරියානු ප්‍රාන්තයටද (31%) තුන්වන තැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටද (30%) හිමිව තිබේ.

Migrants
Source: AAP

ACT සංක්‍රමණික සංයුතිය

ACT හි පදිංචි සංක්‍රමණිකයින්ගෙන් වැඩිම පිරිසක් එංගලන්තයේ සිට පැමිණි සංක්‍රමණිකයින් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරයි.

එම ප්‍රමාණය 13,300 ක් පමණ වන බව සඳහන්.

ACT හි දෙවැනි විශාලතම සංක්‍රමණික ප්‍රජාව චීන ජාතිකයින් වන අතර එය 11,900 කි.

ඉන්දියානු සංක්‍රමණිකයින් ACT හි වෙසෙන තුන්වන විශාලතම සංක්‍රමණික ප්‍රජාව වන අතර එය 10,900 කි.

නවසීලන්ත සංක්‍රමණිකයින් 5,000 ක්ද පිලිපීන සංක්‍රමණිකයින් 4,000 ක්ද වියට්නාම සංක්‍රමණිකයින් 3,600 ක්ද ඇමෙරිකානු සංක්‍රමණිකයින් 3,100 ක්ද ACT හි පදිංචි බව සඳහන්.

ACT හි පදිංචි 8 වන විශාලතම සංක්‍රමණික ප්‍රජාව ලෙස ශ්‍රී ලාංකේය ප්‍රජාව හැඳින්වෙන අතර එම ප්‍රමාණය 3,100 ක් බව වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයින් බහුතරයක් සිටින ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වන අතර 2016 දී පැවැත්වූ අවසන් ඔස්ට්‍රේලියානු ජන හා නිවාස සංගණනයට අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ පමණක් ශ්‍රී ලාංකිකයෝ 63,200 ක් පදිංචිවී සිටිති.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now