ඔස්ට්‍රේලියාවේ ඇතැම් සංක්‍රමණිකයින් හට තම පවුලේ උදවියව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට වසර 56 ක් පමණ බලා සිටීමට සිදුවන බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියාවේ විවිධ වීසා ඛාණ්ඩ සඳහා අයදුම්පත් සලකා බැලීමේ සහ වීසා පිරි නැමීමේ කාලය පිළිබඳ සෙනට් කමිටුව හමුවේ ඔස්ට්‍රේලියාවේ ආගමන බලධාරීන් ඉදිරිපත් කළ කරුණු ආශ්‍රයෙන් මේ බව අනාවරණය වී ඇත.

සහකරුවන්ගේ සහ පවුලේ උදවියගේ වීසා අයදුම්පත් සලකා බැලීම
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් ගේ සහකරුවන්ගේ වීසා අයදුම්පත් (partner applications) වලින් 75%ක් පමණ මාස 14 ත් 21 ත් අතර කාලයකදී සලකා බැලෙන බව වාර්තා වේ.
ඊට අමතරව සංක්‍රමණිකයින් ගේ දරුවන්ගේ වීසා අයදුම්පත් (child applications) වලින් 75%ක් පමණ මාස 10 ත් 12 ත් අතර කාලයකදී සලකා බැලෙන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුවේ පළමු සහාකාර ලේකම් Peta Dunn පැවසීය.
මේ අතර Contributory parent වීසා (වීසා උප ඛාණ්ඩ 143) හෝ $47,455 ගාස්තුව ගෙවීමට හැකි අයදුම්කරුවන්ට තම වීසා අයදුම්පත සලකා බලන තෙක් මාස 45 ක් පමණ බලා සිටිය යුතු බවටද වාර්තා වේ.
නමුත් non-contributory parent වීසා (වීසා උප ඛාණ්ඩ 103) සඳහා වීසා අයදුම්පත් සලකා බලන කාලය වසර 30 කට අධික බව ද සෙනට් කමිටු විමර්ශනයේදී හෙළිවිය.
එමෙන්ම "other family" ඛාණ්ඩයේ අයදුම්පත් සඳහා වසර 56 ක් දක්වා කාලයක් තෙක් බලා සිටිය යුතු බවටද එහිදී අනාවරණය විය.
මේ වන විට non-contributory parent වීසා අයදුම්පත් 49,983 ක් පවතින බවත් "other family" ඛාණ්ඩයේ අයදුම්පත් 8,111 ක් පවතින බවත් වාර්තා වේ.

ප්‍රමාද වීම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඉලක්ක නිසා
ඉහත සඳහන් පවුල් වීසා අයදුම්පත් සලකා බැලීමේ දැඩි ප්‍රමාදයට ප්‍රධානතම හේතුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිපුණතා සංක්‍රමණිකයින්ගේ අයදුම්පත් සලකා බැලීම ප්‍රමුඛ කොට සැලකීම බව ඔස්ට්‍රේලියාවේ ආගමන සහ පුරවැසිභාව සේවාහි වැඩබලන නියෝජ්‍ය ලේකම් Luke Mansfield, සෙනට් විමර්ශන කමිටුව හමුවේ පැවසුවේය.
ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීම සඳහා ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ යොදවා ඇති සේවක ප්‍රමාණය සහ සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට චෝදනා පසුගිය සමයේදී එල්ල වන්නට විය.
නමුත් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් සම්පත් ඇති බවත් මෙම ප්‍රමාදයට හේතුව විශාල සංඛ්‍යාවක අයදුම්පත් සලකා බැලීමේ ක්‍රම වේදය බවත් Luke Mansfield පැහැදිලි කළේය.

බලා සිටීමේ කාලය වැඩි වීම
ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින් සමග නැවත එකතුවීමට අපේක්ෂාවෙන් සිටින ඔවුන්ගේ සහකරුවන්ට සහ පවුලේ උදවියට වසර 56 ක් දක්වා වූ කාලයක් දක්වා බලා සිටීම භයානක තත්ත්ව්යාක් බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim පැවසීය.
මෙය ප්‍රයෝගික තත්ත්වයක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය හමුවේ තමන්ගේ ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පතේ අවසන් තීන්දුව ලැබෙන විට බොහෝ අයදුම්කරුවන් මියගොස් ඇති බව Federation of Ethnic Communities Councils හි ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පැවසුවේය.
මෙම ප්‍රමාදය අද ඊයේ සිදුවූවක් නොවන බවත් පසුගිය සාමය පුරාවටම ඉදිරියට පැමිණි ගැටළුවක් බවත් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

Family වීසා කප්පාදුව
ඔස්ට්‍රේලියාවේ එළඹෙන නව මුල්‍ය වර්ෂයේ සිට 190,000 කව පැවතුණු වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට තීරණය කර තිබේ.
එහිදී Family වීසා ද කප්පාදු කිරීමට අදහස් කර තිබේ.
ගෙවී යන මුල්‍ය වර්ෂයේ Family වීසා ඛාණ්ඩය සඳහා 60,750 ක කෝටාවක් තිබෙන නමුත් ඉදිරි මුල්‍ය වර්ෂයේදී එය 47,732 දක්වා කප්පාදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 13,000 ක පමණ Family වීසා කප්පාදුවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සිදු කරන බව පැහැදිලිය.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ කිසිදු අදහසක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

