ඔස්ට්‍රේලියාවේ නව අගමැති පස්වරු 1 ට හෙළි කරයි. අගමැති පොරයට තුන්දෙනෙක්. (SBS සිංහල/වාර්තා)

අද දහවල් 12 ට ලිබරල් පක්ෂ මන්ත්‍රීන්ගේ රැස්වීමේදී සිදුවන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මත ලිබරල් පක්ෂයේ නව නායකයා කවුරුන්ද යන්න තීරණය වන අතර ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා කවුරුන්ද යන්න ද තීරණය වනු ඇත.

Australia’s Leadership Spill

Source: SBS

ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රය මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ හිටපු ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton, ලිබරල් පක්ෂයේ නායකයා ලෙස සහ ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට තමන්ට බහුතර බලය ඇති බව පවසා ඊයේ (23/08) දිනයේදී වත්මන් ලිබරල් පක්ෂ නායක සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් හට දෙවැනි වරටත් අභියෝග කළේය.

ඒ අනුව අද (24/08) දිනයේදී ඇතැම් විට ලිබරල් පක්ෂයේ නායකයා මෙන්ම ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයාද වෙනස් වීමේ ඉඩක් පවතී.

Australia’s Leadership Spill
Source: AAP

නායකත්වය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාව දවල් 12 ට.

Peter Dutton ගේ දෙවැනි අභියෝගය අනුව අද (24/08) දහවල් 12 ට කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ ලිබරල් පක්ෂ කාර්යාලයේදී ලිබරල් පක්ෂ මන්ත්‍රී වරුන්ගේ හමුවක් පැවැත්වීමට නියමිතය.

එහිදී ලිබරල් පක්ෂයේ නායකයා කවුරුන්ද යන්න නිසැකයෙන්ම තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් ගේ ලිබරල් පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට පසුගිය දින කිහිපයේ පටන්ම ලිබරල් පක්ෂය තුළින්ම අභියෝග එල්ල වන්නට විය.

මේ තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියාවේ හිටපු ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton, පසුගිය අඟහරුවාදා (21/08), අගමැති මැල්කම් ටර්න්බුල් හට නායකත්වය සඳහා අභියෝග කළේය.

ඒ අනුව වත්මන් ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් තම ලිබරල් පක්ෂ නායකත්වය පුරප්පාඩු කරමින් ඒ සඳහා ඡන්ද විමසීමකට යොමු විය.

කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ ලිබරල් පක්ෂ කාර්යාලයේ දී මෙම රහස් ඡන්ද විමසීම පැවති අතර එයින් 48 - 35 ක් ලෙස වැඩි ඡන්ද 13 කින් ජයගැනීමට අගමැති ටර්න්බුල් සමත් විය.

ලිබරල් පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායිකා Julie Bishop නැවතත් එම තනතුර සඳහා තේරී පත් විය.

අගමැති පොරයට අශ්වයින් තිදෙනෙකු

වතමන් ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල්, Peter Dutton ගේ දෙවැනි අභියෝගය හමුවේ ඔහුට කොන්දේසියක් පැනවීය.

එනම් Peter Dutton තමන් හට පක්ෂය තුළ බහුතරයක් ඇති බව අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් සහ අත්සන් සමග පෙත්සමකින් ඉදිරිපත් කළහොත් තමන් ඒ සඳහා පක්ෂ හමුවක් කැඳවා ඡන්දයක් කැඳවන බවය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

මේ අතර Peter Dutton ට එරෙහිව වත්මන් රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය ස්කොට් මොරිසන් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා තරග වැදීමට ඊයේ (23/08) ඉදිරිපත් විය.

එමෙන්ම ලිබරල් පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායිකා සහ ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමත්‍යවරිය ලෙස කටයුතු කරන විදේශ ඇමතිනී ජූලි බිෂොප් ද මෙම සටන සඳහා ඉදිරිපත් වන බව ඊයේ (23/08) රාත්‍රියේදී නිවේදනය කළේය.

ඇය වසර 10 කට අධික කාලයක් තිස්සේ අගමැති ටර්න්බුල්ගේ සමීපතම දේශපාලන මිතුරියක් ලෙස කටයුතු කරමින් සිටින අතර ලිබරල් පක්ෂයේ වැඩි මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත ඇයට හිමිකරගැනීමට හැකිවේවි යයි විශ්වාසයකින් පසුවෙයි.

Australia’s Leadership Spill
Source: AAP

Peter Dutton ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයි.

පක්ෂ නායකත්ව ඡන්දය හමුවේ අගමැති ටර්න්බුල් හට පරාජයට පත්වූ Peter Dutton තමන් දරමින් සිටි ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු (Home Affairs) පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

එමෙන්ම තමා දරමින් සිටි ඉදිරිපෙළ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වන බව Peter Dutton ප්‍රකාශ කළේය.

ඒ අනුව අඟහරුවාදා (21/08) සිට ඔහු පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියි.

ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු, මධ්‍යම පොලීසිය, බුද්ධි අංශය වැනි අතිශය තීරණාත්මක කේන්ද්‍රස්ථාන වල ප්‍රධාන ආයතනය ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හැඳින්වේ.

මේ අනුව වත්මන් රජයේ අගමැතිවරයාට පසුව සිටි ප්‍රබලම ඇමතිවරයා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය දරමින් සිටි Peter Dutton ව හැඳින්විණි.

ඔහු මීට පෙර ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සම්බන්ධ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ වන විට වැඩබලන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස භාණ්ඩාගාරික අමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කරමින් සිටියි.

Australia’s Leadership Spill
Source: AAP

තවත් ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙයි.

Peter Dutton ගේ ඉල්ලා අස්වීමත් සමග අඟහරුවාදා (21/08) රාත්‍රිය වන විට තවත් ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු තම අස්වීමේ ලිපි අගමැති ටර්න්බුල් වෙත යොමු කර ඇති බව වාර්තා විය.

සහකාර භාණ්ඩාගාරික අමාත්‍ය ධුරය දරමින් සිටි Michael Sukkar, සෙනට් සභිකයින් වන James McGrath සහ Concetta Fierravanti-Wells, නීති බලාත්මක කිරීමේ සහ සයිබර් ආරක්ෂක අමාත්‍ය Angus Taylor සහ විද්‍යා, රැකියා සහ නවෝත්පාදන කටයුතු පිළිබඳ සහාකාර අමාත්‍ය Zed Seselja ඒ අතර වේ.

ඊට අමතරව ප්‍රධාන කැබිනට් ධුර දැරූ Alan Tudge, Greg Hunt, Michaelia Cash, Mathias Cormann,  Mitch Fifield  ඇතුළු ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු තම අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වී Peter Dutton හට සහය පළ කර ඇත.

Australia’s Leadership Spill
Source: AAP

නව අගමැති පස්වරු 1 ට හෙළි කරයි.

අද දහවල් 12 ට ලිබරල් පක්ෂ මන්ත්‍රීන්ගේ රැස්වීමේදී සිදුවන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මත ලිබරල් පක්ෂයේ නව නායකයා කවුරුන්ද යන්න තීරණය වන අතර ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා කවුරුන්ද යන්න ද තීරණය වනු ඇත.

මෙම අවසන් තීන්දුව ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (24/08) පස්වරු 1 ට නිවේදනය කිරීමට නියමිතය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


4 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now