IS ත්‍රස්ත ලයිස්තුවේ සිටින ඔස්ට්‍ර්ලියානුවෙකුගේ පුරවැසි භාවය අහෝසි කිරීම නිසා ඕස්ට්‍රේලියානු රජය විවේචනයට බඳුන්වෙයි

Australian-born Islamic State terrorist Neil Prakash,

Australian-born Islamic State terrorist Neil Prakash, Source: AAP

දැනට IS ත්‍රස්ත ක්‍රියාකාරී ලයිස්තුවේ සිටින ඕස්ට්‍රේලියානු ජාතික නීල් ප්‍රකාශ් ගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරලිම සම්බන්ද තීරණය මතභේදයට ලක්වෙයි. 27 හැවිරිදි නීල් ප්‍රකාශ මේ වන විට තුර්කියේ බන්දනාගරගතව සිටි. ඔහු IS සංවිධානයට පුද්ගලයින් බඳවා ගැනීමට ක්‍රියාකොට ඇති අතර පසුගිය සමයේදී මෙල්බෙර්න් හි පොලිස් නිලධාරියකුගේ ගෙල සිඳීමට තැත්කිරීමේ සිදුවීම සම්බන්දයෙන් ද චෝදනා ලැබ සිටි. ඔහු මේ වන විට ඔස්ට්‍ර්ලියාවේ භයානකම පුද්ගලයා ලෙසටද හඳුන්වනු ලැබේ. එසේම රජය විසින් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරන ලද 12 වන පුද්ගලයා ද වෙයි.

නීල් ප්‍රකාශ ගේ පියා ෆිජි සම්භවයක් ඇති පුද්ගලයෙකු බැවින් ඔහුට එහි පුරවැසි භාවයද ඇති හෙයින් ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බද ද්විත්ව පුරවැසියන්ගේ ඔස්ට්‍ර්ලියානු පුරවැසිභාවය අහෝසි කරලීමේ නව නීති යටතේ ඔහුගේ මෙරට පුරවැසිභාවය අහෝසි කරලීමට රජය පසුගිය සති අන්තයේදී ක්‍රියා කළේය. 

කෙසේවෙතත් මේ සම්බදයෙන් ෆිජි හි ආගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ෆිජි පුවත්පතකට ප්‍රකාශ කොට ඇත්තේ නීල් ප්‍රකාශ නැමැත්තෙකු හට ෆිජි පුරවැසිභාවයක් ලබාදී නොමැති බවයි. මෙය සැලවීමත් සමඟම නීල් ප්‍රකෂ්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරලීමට Home Affairs හෙවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ගත තීරණ මතභේදයට ලක්ව තිබේ. ඔස්ට්‍ර්ලියාවේ දැනට පවතින නිතිය අනුව රජයට යම් පුද්ගලයෙකුගේ පුරවැසිභාවය අහෝසි කරලීමට හැකිවනුයේ එම පුද්ගලයා ද්විත්ව පුරවැසි ලාභියෙකු නම් පමණකි.

මේ ගැන අදහස් දක්වා සිටි සංක්‍රමන අමාත්‍ය ඩේවිඩ් කොල්මන් පැවසුයේ පුරවැසිභාවය සම්බන්ද කමිටුව නිවැරදි තීරණයකට එළඹ ඇති බවයි. යමෙකු සදාචාර විරෝධිව හැසිරී ඇත්නම් එම පුද්ගලයාගේ පුරවැසිභාවය අහෝසි කිරීමට රජයට බලය ඇති බව පුරවැසි පනතේ පැහැදිලිව සඳහන් කොට ඇතැයි අමාත්‍ය ඩේවිඩ් කොල්මන් වැඩිදුරටත් පවසා සිටි.


Share

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now