2018 වසරේ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාවත්. (SBS සිංහල/වාර්තා)

Most popular destinations for Australians in 2018

Source: Flickr

2018 වසරේ තැබූ වාර්තා පිළිබඳ මේ දිනවල බොහෝ සෙයින් කතා බහ කරයි.

ඔස්ට්‍රේලියනුවන් සම්බන්ධ වාර්තා පිළිබඳ අනතර්ජාල වෙබ් අඩවි විවිධ වාර්තා සපයයි.

ඔස්ට්‍රේලියානුවාසීන් කවදත් සංචාරය කිරීමට වැඩි කැමැත්තක් දක්වන පිරිසකි.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය


 

ඔවුන් රට අභ්‍යන්තරයේ මෙන්ම විදෙස් රටවලද එක ලෙස සංචාරය කිරීමට දැඩි රුචිකත්වයක් දක්වයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංචාරක වෙබ් අඩවියක් වන Traveller වෙබ් අඩවිය, සංචාරය කිරීම සඳහා 2018 වසරේ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ වඩාත් ප්‍රියතම ගමනාන්ත  10 නම් කර තිබේ.

Most popular destinations for Australians in 2018
Source: Flickr

ශ්‍රී ලංකාවත් ජනප්‍රිය 10 අතරට.

2019 වසරේ ලොව සංචාරය කිරීමට සුදුසුතම රට ලෙස ලෝක ප්‍රකට Lonely Planet සඟරාව පසුගිය වසර අග භාගයේදී ශ්‍රී ලංකාව නම් කළේය.

30 වසරක කුරිරු යුද්ධය නිමවීමත් සමග ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක නැවතුම්පොළක් විය.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, ප්‍රෞඩ ඉතිහාසය, විස්මිත නටඹුන්, දිව පිනවන ආහාර පාන මෙන්ම අව්‍යාජ ශ්‍රී ලාංකිකයින්ගේ අද්විතීය ආගන්තුක සත්කාරකත්වය ශ්‍රී ලංකාව අංක එකට ඔසවා තැබීමට හේතු විය.

ඔස්ට්‍රේලියාවේ Traveller වෙබ් අඩවියට අනුව සංචාරය කිරීම සඳහා 2018 වසරේ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ වඩාත් ප්‍රියතම ගමනාන්ත 10 අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයට පත්ව තිබේ.

ලොව සංචාරකයින් අතර මහත් ජනප්‍රියත්වයට පත් Hawaii, Hong Kong, Italy සහ New York යන ගමනාන්ත එම ලයිස්තුවේ ශ්‍රී ලංකාවට වඩා පහළින් තිබීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයක් වීමට බලපෑ ප්‍රධානතම හේතුවක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙල්බර්න් සිට කොළඹ දක්වා ආරම්භ කළ සෘජු ගුවන් සේවය සැලකිය හැකි බව ඔස්ට්‍රේලියාවේ Traveller වෙබ් අඩවිය වාර්තා කරයි.

Most popular destinations for Australians in 2018
Sri Lanka Source: Flickr

2018 වසරේ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්ත.

  1. Japan
  2. Singapore
  3. Bali
  4. Vietnam
  5. London
  6. Sri Lanka
  7. Hawaii
  8. Hong Kong
  9. Italy
  10. New York

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now