ඔස්ට්‍රේලියානුවාසීන් ගේ දුම්පානය කිරීම සහ මත්පැන් පානය කිරීම අඩුවී ඇති නමුත් තමන්ගේ ආහාර රටාව පිළිබද සැලකිල්ලක් දක්වා එය දියුණු කර නොගතහොත් රටේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට නොහැරෙනු ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර පෝෂ්‍යදායී ආහාර පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බව ද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම ජාතික සෞඛ්‍ය සමීක්ෂණයේ දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය
ඔස්ට්‍රේලියානුවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මේ වසරේ සිදුකළ අවසාන සමීක්ෂණයේ ප්‍රතිඵල ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් පසුගිය සතියේදී එළි දක්වනු ලැබීය.
සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවාසියෙකු ගේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි බවක් හෝ ස්ථුලතාවයෙන් පෙළෙන බවක් හෝ ප්‍රමාණවත් තරම් එළවලු ආහාරයට නොගන්නා බවත් එහිදී ප්‍රධාන වශයෙන් හෙළිවී තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ අතර ඔස්ට්‍රේලියානුවාසියෙකු සාමාන්‍යයෙන් දිනකට මිනිත්තු 42 ක පමණ කාලයක් ව්‍යායාම් වල යෙදෙන නමුත් බහුතරයක් දෙනා ප්‍රමාණවත් තරමේ ව්‍යායාම් වල නොයෙදෙන බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සෞඛ්‍ය සංඛ්‍යාලේඛන පිළිබඳ අධ්‍යක්ෂ Louise Gates පැවසීය.
ඊට අමතරව වැඩ කරන දිනවලදී ඔස්ට්‍රේලියාවේ 44% ක් දෙනා බොහෝ කාලයක් වාඩිවී සිටින බවද එහිදී හෙළිවී තිබේ.
එමෙන්ම පසුගිය වසර තුන ඇතුළතදී ඔස්ට්‍රේලියාවේ වයස අවුරදු 18 ත් 24 ත් අතරේ පසුවන පුද්ගලයින්ගේ බර වැඩිවීම් හෝ ස්ථුලතාවය 18% කින් වැඩිවී ඇති බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම ජාතික සෞඛ්‍ය සමීක්ෂණයේ දත්ත පෙන්වා දෙයි.

අයහපත් සෞඛ්‍ය පුරුදු අඩුව්වීමේ ප්‍රවණතාවක්
ඔස්ට්‍රේලියානුවාසීන්ගේ අයහපත් සෞඛ්‍ය පුරුදු අඩුව්වීමේ ප්‍රවණතාවක් ක්‍රමිකව දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සභාපති වෛද්‍ය Kean-Seng Lim, SBS පුවත් වෙත පැවසීය.
දුම්පානය කිරීමේ අඩුවීමක් දක්නට ලැබීම ඊට කදිම නිදසුනක් ලෙස ඔහු පෙන්වා දෙයි.
දුම්පානය අඩු වීමට ප්‍රධානතම හේතු ලෙස සිගරට් හා දුම්කොළ සඳහා බදු ඉහළ දැමීම, දුම්පානයේ ආදීනව පිළිබඳ දැනුවත් කිරීම, සේවා ස්ථාන වල දුම්පානය කිරෙමේ සංස්කෘතිය වෙනස් කිරීම දකිව්‍ය හැකි බව සඳහන්.
මේ ක්‍රමයම අපට අහිතකර ආහාර පාන වලින් ජනතාව ඈත් කරවීමට පෙළඹවීම සඳහා යොදාගත හැකි බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සභාපති වෛද්‍ය Kean-Seng Lim පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියානුවාසීන්ගේ මත්පැන් පානය කිරීමද 16% කින් අඩුවී ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දත්ත
එක් නිධන්ගත රෝගයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සමග 47% ක ඔස්ට්‍රේලියානුවාසීන් වාසය කරයි.
පසුගිය වසර 4 ඇතුළත මානසික හෝ හැසිරීමේ ආබාධ 20% දක්වා 2.6% කින් වැඩිවී තිබේ.
ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් 13% ක් අධික මානසික පීඩාවන්ගෙන් පෙළෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

