මෙවර ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සෘතුවේදී වික්ටෝරියානුවාසීන් වැඩිපුර පරෙස්සම් විය යුතු බවට අනතුරු ඇඟවේ. (SBS සිංහල/වාර්තා)

Sunburn

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වීමත් සමග UV හෙවත් පාර ජම්බූල කිරණ අවදානම පිළිබඳ බහුලව කතා බහට ලක්වේ.

තත්ත්වය එසේ නමුත් බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් UV කිරණ අවදානම නොතකන බව වාර්තා වේ.

Sunburn
Source: SBS

වික්ටෝරියානුවාසීන් දැඩි අවදානමක

නවතම සමීක්ෂණයට අනුව වික්ටෝරියානු වාසීන් අහිතකර UV කිරණ අවදානම සඳහා බහුලව විවෘතව ඇතැයි වාර්තා වේ.

ජනවාරි සහ පෙබරවාරි මාස වලදී පිහිණුම් තටාක වලට හෝ මුහුදු තීර වලට පිවිසෙන විටදී අත් වසාගෙන 5% ක් පමණ ප්‍රතිශතයක් යන බව වික්ටෝරියානු පිළිකා සභාව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙයි.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය


 

මේ අතර උද්‍යාන වල සහ වනොන්ද්‍යාන වලදී තම අත් වසාගෙන යන පිරිස 15% ක් බවත් 39% ක ප්‍රතිශතයක් තමන්ගේ කකුල් වැසෙන සේ ඇඳුම් ඇඳගෙන යන බවත් එම වාර්තාවෙන් හෙළි කරයි.

Sunburn
Source: AAP

මේ අතර වික්ටෝරියානු වාසීන් 18% ක් වීථි වල ගමන් කරන විටත් 49% ක් අවන්හල් වල සිටින විටත් තම සිරුර ආවරණය කරගෙන යන බව හෙළිවී තිබේ.

තුනෙන් එකක් පමණ පිරිසක් උද්‍යාන වල සහ වනොන්ද්‍යාන වලදී හෝ පිහිණුම් තටාක වලදී සහ මුහුදු තීර වලදී තොප්පියක් පළඳින නමුත් බොහෝ දෙනෙකු තම මුහුණ, බෙල්ල හෝ කන් ප්‍රමාණවත් පරිදි ආවරණය නොකර සිටින බවද එයින් අනාවරණය වී ඇත.

මේ අතර උද්‍යාන වල, පිහිණුම් තටාකවල සහ මුහුදු තීරවල හෝ අවන්හල් වල සිටින විට බහුතරයක් දෙනා සෙවනකට නොයන බවද පැවසේ.

නමුත් පිහිණුම් තටාකවල සහ මුහුදු තීරවල සිටින අඩකට ආසන්න පිරිසක් අව් කන්නාඩි පලඳින බවත් තුනෙන් එකක් පමණ පිරිසක් උද්‍යාන වල, වීථි වල හෝ අවන්හල් වලදී අව් කන්නාඩි පලඳින බවත් හෙළිවී තිබේ.

Sunburn
Source: AAP

Sunburn

දෙසැම්බර් මැද භාගය පසුවූ විගස ඔස්ට්‍රේලියාවට දැඩි හිරු රශ්මිය පතිත වන අතරම UV කිරණ අවදානමද ඉහළ යයි.

මිනිත්තු 11 ක් පමණ කාලයක් තුළ Sunburn එකක් සිදුවිය හැකි අතර එහි හානිය දීර්ග කාලීන වීමේ වැඩි ඉඩක් පවතින බව SunSmart කළමණාකරු Heather Walker පැවසීය.

2017 පටන් මේ දක්වා වික්ටෝරියානුවාසීන් 3000 කට පමණ melanoma වැළඳ ඇති බව විනිශ්චය කර ඇති අතර ඉන් 270 ක් පමණ මිය ගොස් තිබේ.

Sunburn වලින් මිදීමට සැහැල්ලු ඇඳුම්, තොප්පියක් පැළඳීම, අව් කන්නාඩි පැළඳීම, සෙවනකට යාම සහ sunscreen ආලේප කිරීම සිදු කළ යුතුය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now