ඔස්ට්‍රේලියාවේ නිවෙස්වල සවි කළ බොහෝ solar panels අනාරක්ෂිත බව සමීක්ෂණයකින් හෙළිවෙයි.

solar panels

Source: AAP

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ නිවෙස් වල වහල මත සවි කළ බොහෝ solar panels හෙවත් සූර්ය කෝෂ අනාරක්ෂිත බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මේ හේතුවෙන් අදාළ නිවසේ වෙසෙන පුද්ගලයින් මරණය පවා ඇතිවීමට හැකි බව එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

solar panels
Source: AAP

අනාරක්ෂිත සූර්ය කෝෂ

මෙම සමීක්ෂණයට අනුව මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත් එනිසාම සෑම ප්‍රාන්තයකම සහ ටෙරටරියකම බලධාරීන්ට මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ බලශක්ති අමාත්‍ය Angus Taylor පවසා තිබේ.

මෙය ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන කර්මාන්තයක් බවත් එනිසාම සූර්ය කෝෂවල ආරක්‍ෂිත භාවය පිළිබඳ නිරන්තර අවධානය යොමු කළ යුතු බවත් අමත්‍යවරයා The Australian පුවත්පතට පැවසීය.

මිනිසුන්ගේ ජීවිත මේ හරහා කිසි විටෙකත් බිලි දීමට නොහැකි බවද ඔහු පෙන්වා දී ඇත.

solar panels
Source: SBS

සමීක්ෂණ දත්ත

පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ව්‍යාපෘතිය මගින් සිදුකළ ජාතික සමීක්ෂණයකදී මේ තොරතුරු හෙළිවී තිබේ.

2001 වසරේ පටන් මේ දක්වා සෑම වසරකම 21% ත් 26% ත් අතර සූර්ය කෝෂ පිළිබඳ ඒ හරහා අධීක්ෂණය කෙරේ.

එහිදී පහත සඳහන් ප්‍රධාන දුර්වලකම් සහ අනාරක්ෂිතකම් හෙළිවී තිබේ.

  • නිසි පරිදි වයරින් නොකිරීම.
  • අනාරක්ෂිත පැනල භාවිත කිරීම.
  • නිසි පරිදි සවි නොකිරීම.

එනිසා යම් නිවැසියෙකු තම නිවසේ සූර්ය කෝෂ සවි කිරීමට අපේක්ෂා කරනවානම් ඒ පිළිබඳ පූර්ණ වශයෙන් දැනුවත්වී බලයලත් සහ දැනුවත් වෘත්තිකයින් හරහා පමණක් එම සූර්ය කෝෂ සවි කරගැනීමේ කටයුතු සිදු කරන මෙන් රජය ඉල්ලා සිටියි.

එමෙන්ම මේ වන විටත් සූර්ය කෝෂ සවි කර ඇත්නම් ඒවා නැවත බලයලත් සහ දැනුවත් වෘත්තිකයින් හරහා අධීක්ෂණය කරගැනීම වඩා යෝග්‍ය බවද ඔවුන් පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now