SKIP TO MAIN CONTENT

මෙල්බර්න් හි සති අන්තවල පැය 24 පුරා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවයෙන් ආරක්ෂාවට විශේෂ සෙතක් වී නැහැ : සමීක්ෂණයක් හෙළිකරයි

A Metro train approaches Parliament station in Melbourne
A Metro train approaches Parliament station in Melbourne Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

මෙල්බර්න් හි සති අන්තවල පැය 24 පුරා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවය, මෙල්බර්න් නගරයේ රාත්‍රී කාලයේ ආරක්ෂාව වැඩි දියුණු කරලීමට සමත්ව නොමැති බව නව අධ්‍යයනයකින් හෙළිව තිබේ.

මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳව මෙල්බර්න් හි Deakin විශ්ව විද්‍යාලය මඟින් සිදුකරන ලද පර්යේෂණයකදී මේ බව හෙළිව තිබේ. එහිදී වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මෙම සති අන්ත පැය 24 පුරා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක ප්‍රදේශවල සිදුවන පහරදීම්, අඩන්තේට්ටම් කිරීම් , ගිලන්රථ පැමිණීමේ කාර්යක්ෂමතාව හෝ හදිසි අනතුරු සිදුවීමේ ප්‍රවනතාවයෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති බවයි.

මාස 12 ක අත්හදාබැලීමේ කාලසිමාවකින් පසුව වසර 2017 දී මෙම සති අන්ත පැය 24 පුරා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවය වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදෙනු ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now