ඔස්ට්‍රේලියානුවාසීන් තමන්ගේ නිවාස කුලියට දීම 2017–18 මුල්‍ය වර්ෂයේදී 32% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ නිවාස පිළිබඳ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පලකළ නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලියට දීම
2017–18 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානුවාසීන් තමන්ගේ නිවාස කුලියට දීම 32% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඊට දශක දෙකකට පෙර අගයන් සමග සංසන්දනය කරන විට 10% ක ඉහළ යාමකි.
එනම් 1997–98 වසරේ දී ඔස්ට්‍රේලියානුවාසීන් තමන්ගේ නිවාස කුලියට දීම 27% ක් බවට වාර්තා විය.
මේ අතර ඔස්ට්‍රේලියානුවාසීන් තමන්ගේ නිවාස, ඒජන්තවරයෙකු හරහා නොව පුද්ගලිකවම කුලියට දීම පසුගිය විසි වසර තුළ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
1997–98 වසරේ දී එම අගය 20% ක්ව පැවති අතර 2017–18 දී එය 27% දක්වා වර්ධනය වී තිබේ.
එමෙන්ම රජයේ නිවාස ලබාගන්නන් 6% සිට 3% දක්වා පහත බැස ඇති බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පලකළ නවතම වාර්තාවේ දැක්වෙයි.

නිවාස හිමිකාරීත්වය පහළට
තමන්ටම කියා නිවසක් හිමි ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ප්‍රතිශතය 2017–18 වන විට පහත බැස ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bruce Hockman පවසයි.
1997-98 දී එම ප්‍රතිශතය 70% ක්ව පැවති අතර 2017–18 වන විට එය 66% දක්වා පහත බැස තිබේ.
මේ අතර නිවාස ණයක් නොමැතිව නිවසක් හිමි ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය ද පසුගිය දශක දෙක තුළ 10% කින් පහත වැටී ඇත.
1997-98 දී එම ප්‍රතිශතය 40% ක්ව පැවති අතර 2017–18 වන විට එය 30% දක්වා පහත බැස තිබේ.
නමුත් නිවාස ණයක් සහිතව නිවසක් හිමි ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය පසුගිය දශක දෙක තුළ 6% කින් ඉහළ ගොස් ඇත.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව 1997-98 දී එම ප්‍රතිශතය 31% ක්ව පැවති අතර 2017–18 වන විට එය 37% දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර තමන් වාසය කරන නිවසට අමතරව තවත් එක් හෝ ඊට වැඩි නිවාස ප්‍රමාණයක් හිමි ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය 20% ක් බවද සඳහන්.

නිවාස කුලිය සහ නිවාස ණය
2017-18 වසරේදී කුලී නිවාසයක් සඳහා සතියකට ගෙවනු ලබන සාමාන්‍ය කුලී මුදල $366 ක් ලෙස වාර්තා වන අතර නිවාස ණය ලෙස සතියකට ගෙවනු ලබන ණය වාරිකය $484 ක් වෙයි.
මේ අතර පසුගිය සමයේදී ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතික කප්පාදු කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල කුලී නිවාස වෙළෙඳ පොළ යම් මෘදු බවකට පරිවර්තනය වීමක් දක්නට ලැබුණු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bruce Hockman පවසයි.
එමෙන්ම තමන්ගේ ආදායමින් 20% ක් පමණ නිවාස කුලිය සඳහා කුලී නිවැසියෙකු වැය කරන බවත් තමන්ගේ ආදායමින් 16% ක් පමණ නිවාස ණය සඳහා නිවෙස් හිමිකරුවෙකු වැය කරන බවත් වාර්තා වේ.


