සරණාගත පුද්ගලයෙකු ඕස්ට්‍රේලියාවේ වැඩිම මුදලක් පිරිනැමෙන සාහිත්‍යය සම්මානය දිනාගැනීමේ කතාව (SBS සිංහල/වාර්තා)

Behrouz Boochani

Asylum seeker Behrouz Boochani's novel, written in detention, has won Victoria's top literary prize. (AAP) Source: AAP

ඔස්ට්‍රේලියානුවෙකු නොවුනද, ඉරාන-කුර්දිශ් ජතික ජනමාධ්‍යවේදියෙකු වන Behrouz Boochani  ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000 ක තෑගි මුදලක් පිරිනැමෙන වික්ටොරියනු සාහිත්‍යය සම්මානය පසු ගිය බ්‍රහස්පතින්දා (ජනවාරී 31) දිනා ගත්තේය.

 


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 


 

මොහු විසින් ලියූ "No Friend But the Mountains: Writing from Manus Prison" පොත සඳහා පාදක කර ගෙන ඇත්තේ තමන් මානුස් දිවයිනේ සරණාගත පුද්ගලයෙකු ලෙස ගත කල කාලයයි.

Boochani මෙම පොත පාසි භාශාවෙන්  ලියූ අතර එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ කාර්ය සිදුකොට ඇත්තේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ආචාර්ය Omid Tofighian විසින්. මෙම පරිවර්තන කාර්ය සඳහා ඔහුට මාස 12 ක කලයක් ගතව ඇති බවද වාර්තා වේ. Boochani විසින් මානුස් දුපතේ සරණාගත කඳවුරේ සිට අන්තර්ජාලය හරහා තම ග්‍රන්ථයේ කොටස් පරිවර්තනය කිරීම සඳහා ආචාර්ය Omid වෙත යොමුකොට ඇත්තේ මානුස් දුපතේදී ඔහුට විඳීමට සිදුවූ නොයෙකුත් සන්නිවේදන බාධක මධ්‍යයේ වීම ද විශේෂත්වයක්.

ඔහු තම ග්‍රන්ථයේ කොටස් කෙටි පණිවිඩ මාර්ගයෙන් WhatsApp messenger හරහා ආචාර්ය Omid වෙත යොමු කොට තිබීම මෙම කතාවේ ආශ්චර්යමත් කොටස වෙයි.
No Friend But the Mountains: Writing from Manus Prison
No Friend But the Mountains: Writing from Manus Prison Source: ReadingsBooks

Boochani මානුස් දිවයිනේ 2013 සිට වාසය කරන අතර, ඔහු ඉරානයෙන් පලා ඒමට පෙර Tehran විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි දෙකක් ද ලබාගෙන තිබේ.

මෙම පොත ප්‍රකාශනයට පෙර Boochani සමාජ මාධ්‍ය භාවිතා කරමින් මානුස් දිවයින තුලදී සරණාගතයින් මුහුණ දෙන තත්ත්වයන් ලොවට හෙළිදරව් කළේය.

මෙම සාහිත්‍යය සම්මානයට අමතරව $25,000 ක් පිරිනැමෙන වික්ටොරියනු අගමැතිගේ ප්‍රබන්ධ නොවන නිර්මාණ සඳහා වූ සම්මානයෙන්ද (Victorian Premier's Literary Prize for Non-Fiction) පිදුම් ලැබූහ.

Boochani ඔස්ට්‍රේලියානුවෙකු හෝ ස්ථිර පදිංචි වීසා හිමියෙකු නොවන නිසා, මෙම සම්මාන දෙකම ලබාගැනීම සඳහා සුදුසු නැති බවට මතවාද තිබුනි. නමුත් ත්‍යාග පරිපාලකයන් වන the Wheeler Centre විසින් ඔහුට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්තාවක් ලබා දුනි. ඔවුන් පවසා සිටියේ එවැනි තරඟ කොන්දේසියක් තිබීමට හේතුව වන්නේ මෙම තරඟය තුළින් "ඔස්ට්‍රේලියානු නිර්මාණ" ඇගයීමට බලාපොරොත්තු වෙන නිසා බවයි. Boochani ගේ නිර්මාණයද "ඔස්ට්‍රේලියානු නිර්මාණයක්" නිසා එය තරඟය සඳහා ඉදිරිපත් කිරීමේ වරදක් නැති බවට අනෙකුත් විනිසුරුවන්ද එකඟ විය.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


2 min read

Published

Updated

By Gamidu Agampodi


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now