SKIP TO MAIN CONTENT

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන තීරණය කරයි

President Maithripala Sirisena
Source: Sri Lanka President media

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Sanjaya Dissanayake


Skip to article content

මත්ද්‍රව්‍ය ජාවාරම වලට දායකත්වය ලබාදීම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වන අයට මරණීය දණ්ඩනය ලබාදීමට තමන් ඉදිරියේදී අත්සන් තබන බව ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

අදාල යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කල බවත් ඒ පිලිබදව වැඩි දුර පියවර ගැනීමට අධිකරණ අමාත්‍යංශයට උපදෙස් දී ඇති බවද ඊයේ (ජුලි 11දා ) මහනුවර පැවති උත්සවයකදී ජනධිපතිවරයා වැඩි දුරටත් සදහන් කළේය.

මේ අතර මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත ඇතැම් බලතල පැවරෙන පරිදි සකස් කරනු ලැබූ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව අමත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන අයවලුන් විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

මත් කුඩු ජාවාරමට සම්බන්ධය පුද්ගලයින් හට මරණීය දඬුවම ලබා දීමේ ක්‍රම වේදයක් සකසන බව පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී යොජනාවු බවත් කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා එම යෝජනාව ඒකමතිකව අනුමත කළ බවත් ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘති සාකච්චාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් හෙළිකොට සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now