UPDATE - 2 pm in AEST time
ජපානයේ බටහිර ප්‍රදේශයේ ඇතිවූ ජල ගැලීම් සහ නාය යෑම් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස 126 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. තවත් පුද්ගලයන් 44 දෙනකු අතුරුදන් වී ඇතැයිද ජපාන රජය ප්‍රකාශ කරයි. මෙය වසර 30 කට පසුව වර්ෂාව හේතුවෙන් ජපානයේ සිදුවූ වැඩිම මරණ සංක්‍යාව ලෙසට වාර්තා ගතවෙයි.
මේවන විට ප්‍රදේශයේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන මිලියන 2 කට අධික සංක්‍යාවක් එම ප්‍රදේශවලින් ඉවත්කොට ආරක්‍ෂිත ස්ථාන කර රැගෙන ගොස් ඇත. ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් 12, 000 ක පමණ සංක්‍යාවක් අපදා මධ්‍යස්ථානවල මේවන විට රැඳී සිටි.
නිවාස දහස් ගණනක්ද ජලයෙන් යටවී ඇති අතර එයින් නිවාස එකසිය පනහකට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශවී ඇති බවද වාර්තා වෙයි.
ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට මඩ තට්ටු හාරමින් දිවිගලවා ගත් පුද්ගලයින් සිටීදැයි පරික්ෂාවේ යෙදී සිටින බව ජපාන ආපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කරයි.

!!...පෙර පුවත ...!!
.......ජපානයට තද වැසි : පුද්ගලයින් රැසක් මරුට...... 09.7.2018
ජපානයේ බටහිර ප්‍රදේශයට අද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තවත් දහසක් පමණ අවතැන් වී ඇති බව වාර්තා වෙයි.
ගංවතුර සහ නාය යාම් හේතුවෙන් ඉතා අධික පිරිසක් තම නිවෙස් තුල සිර වී ඇති බවද මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මෙම හදිසි තත්වයට ප්‍රතිචාර ලෙස ජපාන අගමැති කාර්යාලය විශේෂ හදිසි තත්ත්ව කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර ආරක්ෂක අංශ වලින් සහ ගිනි නිවීමේ සේවා වල සේවකයින්ගෙන් සැදුම් ලත් 54,000 ක පිරිසක් විපතට පත් ජනතාව මුදා ගැනීමේ සේවා සදහා යොමු කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.
විපතට පත් ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව ජපාන අගමැති පවසයි.

