SKIP TO MAIN CONTENT

එංගලන්තය පරාජයට පත් කරමින් ක්‍රෝඒශියාව පලමු වතාවට පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට

Croatia England 2018 FIFA World Cup Mario Mandzukic
Mario Mandzukic celebrates after netting Croatia's winner Source: Getty Images

1 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News


Skip to article content

එංගලන්ත පාපන්දු කණ්ඩායම සහ ක්‍රෝඒශියාව අතර අද (ජුලි 12) උදැසන පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන් පුර්ව තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින් ක්‍රෝඒශියාව පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සමත් විය. තරඟයේ අතිරේක කාලය තුළදී මාරියෝ මැන්ඩ්සූකිච් ලබාගත් විශිෂ්ට ගෝලය ක්‍රොයේෂියානු පිලට මෙම ජයග්‍රහණය අත්පත්කරදීමට සමත් විණ.

පස් වතාවක් පාපන්දු ලෝක කුසලානයට සහභාගී වී ඇති ක්‍රෝඒශියානු කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබූ ප්‍රථම වතාව මෙයයි. එසේම මෙවර තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණු ක්‍රොඒෂියාව අපරාජිතවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ විශේෂයෙන් කැපී පෙනුණු සිදුවීමක් විය.

ඒ අනුව මේ මස 15 වැනිදා මොස්කව් නුවරදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ක්‍රොයේෂියාව, ප්‍රංශයට එරෙහිව පාපන්දු ලෝක කුසලානය සඳහා තරඟ වැදීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now