SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හඳුන්වා දුන් අලුත්ම මාර්ග නීති මෙන්න. (SBS සිංහල/වාර්තා)

පසුගිය ජූලි 01 වන දින සිට හදිසි සංඥා එළි සහ අනතුරු ඇඟවීමේ නලා හඬවල් සහිත පොලිස් වාහන හා අනෙකුත් හදිසි වාහන ධාවනය වන විට මාර්ගයේ ධාවනය වන අනෙකුත් සියලුම රථවල වේගය පැයට කිලෝ මීටර් 40 ක් උපරිම වේගයකට යටත් විය යුතු බව දැනටමත් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඊට එරෙහිවූ විට ඩොලර් 277 ක දඩ මුදලක් එම ස්ථානයේදීම ගෙවීමට සිදු වන අතර නැතහොත් අධිකරණය තෙක් ගිය විට ඩොලර් 793 දක්වා වූ දඩ මුදලකට යටත් වීමට සිදු වන බවත් වාර්තා වේ.

The latest changes to the road rules in Victoria.
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age


Skip to article content

වසර 8 කට පසුව ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය මාර්ග සඳහා නව නීති කිහිපයක් හඳුන්වා දී ඇති බව "The Age" පුවත් පත වාර්තා කරයි.

පසුගිය ජූලි 01 වන දින සිට හදිසි සංඥා එළි සහ අනතුරු ඇඟවීමේ නලා හඬවල් සහිත පොලිස් වාහන හා අනෙකුත් හදිසි වාහන ධාවනය වන විට මාර්ගයේ ධාවනය වන අනෙකුත් සියලුම රථවල වේගය පැයට කිලෝ මීටර් 40 ක් උපරිම වේගයකට යටත් විය යුතු බව දැනටමත් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඊට එරෙහිවූ විට ඩොලර් 277 ක දඩ මුදලක් එම ස්ථානයේදීම ගෙවීමට සිදු වන අතර නැතහොත්  අධිකරණය තෙක් ගිය විට ඩොලර් 793 දක්වා වූ දඩ මුදලකට යටත් වීමට සිදු වන බවත් වාර්තා වේ.

මීට අමතරව ධාවනය කරන විට පාපැදි සහ යතුරු පැදිකරුවන් තම ජංගම දුරකථනය භාවිතා කළහොත් එම ස්ථානයේම ඩොලර් 476 ක දඩ මුදලක් ලබා දීම වැනි නව නීති මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබේ.

කෙසේවෙතත්, මෙම නව නීති ද ඇතුළත් සම්පූර්ණ මාර්ග නීති 408 ක් ඇතුළත් පිටු 547 ක පොතක් මේ වන විට සම්පාදනය කර තිබෙන බව වාර්තා වේ.

පහත දැක්වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තය සඳහා මෑතකදී හඳුන්වා දෙනු ලැබූ අවධානය වැඩි වශයෙන්ම යොමු විය යුතු නව නීති කිහිපයකි.

300 වන මාර්ග නීතිය - ජංගම දුරකථන භාවිතය.

ඉහත සඳහන් කළ පරිදි පාපැදි සහ යතුරු පැදිකරුවන් මෙන්ම skateboard හෝ scooter ධාවකයින් හට මින් පසුව ධාවනයේ යෙදෙමින් ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් වේ.

යතුරු පැදිය හෝ පා පැදිය නවතා සිටින විට පවා එම නීතිය අදාළ වන බව සඳහන්.

270 වන මාර්ග නීතිය - යතුරු පැදිකරුවන් හෙල්මට් පැළඳීම.

යතුරු පැදිකරුවන් තම යතුරු පැදිය තල්ලු කරන විට හෝ එන්ජිම නිවා දමා ඇති විට තම යතුරු පැදිය චලනය කිරීමට හෙල්මට් නොමැතිව අවසර ඇති බව නව නීති මගින් පෙන්වා දෙයි.

271 වන මාර්ග නීතිය - යතුරු පැදි ධාවනය.

මෙම නීතිය ප්‍රතිසංස්කරණය ට ලක්ව ඇති අතර ඒ අනුව යතුරු පැදි කරුවන් හට තම යතුරු පැදිය ධාවනය වන අවස්තාවේදී සිට ගැනීමට අවසර ලැබේ.

නමුත් එම මොහොතේ ධාවකයාගේ පාද ද්විත්වයම යතුරු පැදියේ පා පුවරුවේ තිබිය යුතු වේ.

මේ අතර යතුරු පැදි ආසනය රත්ව ඇති විට යතුරු පැදි කරුවන් හට එක් පාදයක් ලිහිල් කිරීමටද අවස්ථාව හිමිවේ.

179 වන මාර්ග නීතිය - භාණ්ඩ පටවන ස්ථාන වල නැවැත්වීම.

මෙම නීතියට අනුව  භාණ්ඩ පටවන ස්ථාන වල නවත්වනු ලබන වාහන වල  "courier"  යනුවෙන් නාම පුවරුවක් අනිවාර්යෙන් තිබිය යුතු අතර එය එවැනි  ඝනයේ වාහනයක් විය යුතුය.

213 වන මාර්ග නීතිය - වාහන වල ආරක්ෂාව සැලසීම.

ආහාර වල සුරක්ෂිත බව උදෙසා රියදුරු නොමැතිව වුවද ආහාර ප්‍රවාහනය කරන ශීතකරණ සහිත වාහන වල එන්ජිම පන ගන්වා තැබීමට මෙමගින් අවසර ලැබේ.

154 වන මාර්ග නීතිය - බස් රථ ධාවන තීරු.

බස් රථ ධාවන තීරු භාවිතා කිරීමට පාපැදි කරුවන් හට දැන් අවසර ලැබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now