SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වැඩිම ආහාර නාස්තියක් සිදු කරන ප්‍රාන්තය, වික්ටෝරියානු ප්‍රාන්තය බව හෙළි වේ. (SBS සිංහල/වාර්තා)

වසරකට එක් මෙල්බන් වැසියෙකු ඉවත දමන ආහාර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 207 ක් පමණ වන බවත් එය සමස්තයක් වශයෙන් ගතහොත් ආහාරයට සුදුසු මට්ටමේ ටොන් මිලියන 1ක් බවද "The Age" පුවත් පත වාර්තා කරයි.

More food waste than other states
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: The Age


Skip to article content

මිලයන 2කට ආසන්න පිරිසකට පර්භෝජනය කළ හැකි ආහාර ප්‍රමාණයක් මෙල්බන් වැසියන් ඉවත දමන බව ඔස්ට්‍රේලියාවේ "The Age" පුවත් පත පවසයි.

වසරකට එක් මෙල්බන් වැසියෙකු ඉවත දමන ආහාර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 207 ක් පමණ වන බවත් එය සමස්තයක් වශයෙන් ගතහොත් ආහාරයට සුදුසු මට්ටමේ ටොන් මිලියන 1ක් බවද "The Age" පුවත් පත වාර්තා කරයි.

අනෙක් පසින් මෙම ආහාර නාස්තිය එක් නිවෙසකට වසරකට සාමාන්‍යයෙන් ඩොලර් 2200 ක් පමණ විනාශ කරන බවද සඳහන්.

මෙම දත්ත සොයාගැනුනේ මෙල්බන් නුවර ආහාර නාස්තිය පිළිබඳ සිදු කෙරුණු "Foodprint Melbourne" නමැති ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස බව මෙල්බන් විශ්ව විද්‍යාලයේ පර්යේෂක Seona Candy පැවසුවාය.

මෙල්බන් නුවර ජනගහනය ශීඝ්‍රව ඉහළ යමින් පවතින අතර 2050 වන විට එය මිලයන 10 දක්වා ලඟා වනු ඇති බවට අනුමාන කෙරේ.

ඒ අනුව බලන කළ ආහාර නාස්තිය විශාලතම ගැටළුවක් බවට පත්වන බවට සමාජ පර්යේෂකයින් උපකල්පනය කරයි.

මෙල්බන් නුවර වැසියන් ගේ ආහාර පිළිබඳ පර්යේෂණය කිරීම Foodprint Melbourne ව්‍යාපෘතියේ මූලික අරමුණ විය.

මෙල්බන් නගරයේ දිනකට එක් පුද්ගලයෙකු හට ආහාර නිෂ්පාදනය කිරීමට ජලය ලීටර් 113 ක් පමණ අවශ්‍ය වන බව ත් එමගින් ටොන් මිලියන 13.5 ක හරිතාගාර වායු විමෝචනය වන බවත් එහිදී හෙළිවී ඇත.

2030 වන විට ඔස්ට්‍රේලියාවේ සිදු වන ආහාර නාස්තිය හරි අඩකින් අවම කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි.

මේ අතර ලොව විශාලතම නාගරික සැලසුම් පිළිබඳ සමුළුවලින් එකක් වන Ecocity ලෝක සමුළුව මෙම සතියේදී මෙල්බන් නුවර පැවැත්වීමට කටයුතු යොදා තිබීමද තවත් වැදගත් කරුණකි.

මෙම ආහාර නාස්තිය අවම කරගැනීමට ආහාර වෙළෙඳුන් හට හැකියාවක් පවතින බව ආචාර්ය Candy , එම සමුළුවේදී පැවසීමට යයි.

පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර මිලට නොගැනීමෙන් අදාළ වෙළෙඳුන් හට මෙම ආහාර නාස්තිය අවම කරගැනීමට ඉතා පහසුවෙන් හැකි බව ඇය පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා බලන කල වැඩිම ආහාර නාස්තියක් සිදු කරන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයේ බව Docklands  හි Blue Environment කසල කළමණාකරන ආයතනයේ අධ්‍යක්ෂ Joe Pickin පවසයි.

අනෙකුත් ප්‍රාන්ත වලට වඩා වික්ටෝරියා ප්‍රාන්තයේ ඉතා විශාල සංඛ්‍යාවක අවන්හල් සහ ආහාර සැකසුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීම ඊට ප්‍රධාන හේතුව ලෙස ඔහු දක්වයි.

මෙල්බන් නුවර ජනගහනයට වඩා ශීඝ්‍රව ආහාර නාස්තිය ඉහළ යන බවද ඔහු පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now