ආසන පරතරය අවම ගුවන් යානා වල ගමන් කිරීම පිළිබඳ දෙවරක් සිතන්න. (SBS සිංහල/වාර්තා)

ආසන පරතරය අඟල් 30 කට (76.2cm) වඩා අඩු නම් ඔබ සාමාන්‍ය උසකින් හෙබි පුද්ගලයෙකු වුවද ඔබට නියමිත අන්දමින් brace කිරීමට ඉඩ නොලැබේ.

Air Travel

Source: Getty Images

ඇතැම් වාණිජ ගුවන් යානා වල මගී ආසන අතර ඇති අඩු පරතරය හේතුවෙන් හදිසි ගුවන් යානා අනතුරකදී අනුගමනය කළ යුතු brace කිරීම සඳහා අවශ්‍ය තරමේ ඉඩක් නොලැබෙන බව ගුවන් යානා පර්යේෂක සහ විශේෂඥයෙකු වන Jan Davies පැවසුවාය.

කැන්බරා නුවර පැවති SafeSkies නැමති ගුවන් යානා සංචාර ආරක්ෂණය පිළිබඳ සමුළුවට සහභාගී වීමට පැමිණ සිටි Jan Davies මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ එම ක්ෂේත්‍රයේම තවත් විශේෂඥයින් පිරිසක් විසින් සිදු කළ අධ්‍යනයක ප්‍රතිඵල ද සමගිනි.

උඩු ගුවනේදී ගුවන් යානය යම් හදිසි තත්ත්වයකට මුහුණ දුනහොත් එහි සිටින ගුවන් මගීන් හට අනතුරක් නොවීම සඳහා අනුගමනය කරන සුලභ ආරක්ෂක ක්‍රියා මාර්ගයක් වන brace කිරීම සඳහා ආසන අතර අවශ්‍ය තරමේ ඉඩක් නොලැබීමෙන් ඔවුන්ගේ ජීවිත වලට මහත්වූ අවදානමක් ඇති කරන බව ඇය එහිදී පෙන්වා දුන්නාය.

“ගුවන් යානයක ආසන පේළි දෙකක් අතර සැලකිය යුතුවූ සම්මත පරතරයක් තැබිය යුතු නමුදු ගුවන් සේවාවන් තම ගුවන් යානා තුළ වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙන යාමේ අරමුණින් එම පරතරය අඩු කර වැඩි ආසන සංඛ්‍යාවක් ස්ථාපනය කරන බව පසුගිය දශකය තුළ පෙනී ගොස් තිබෙනවා.” යනුවෙන් Jan Davies පැවසුවාය.

එමගින් සිදුවන්නේ හදිසි අවස්ථාවකදී ගුවන් මගීන් හට brace කිරීම සඳහා අවශ්‍ය තරමේ ඉඩක් නොලැබී ඔවුන් අවදානයට පත්වීම බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

“ආසන පරතරය අඟල් 30 කට (76.2cm) වඩා අඩු නම් ඔබ සාමාන්‍ය උසකින් හෙබි පුද්ගලයෙකු වුවද ඔබට නියමිත අන්දමින් brace කිරීමට ඉඩ නොලැබෙන බව Jan Davies පෙන්වා දුන්නාය.

ආසන අතර අවම පරතරයක් ඇත්තේ කුමන ඔස්ට්‍රේලියානු ගුවන් සේවා වලද?

බොහෝ ඔස්ට්‍රේලියානු ගුවන් සේවා වලට අයත් ගුවන් යානා වල ආසන පරතරය අඟල් 30 කට වඩා වැඩි වුවද Jetstar හි Airbus A320 සහ A321 යන ගුවන් යානා වල ඇතැම් economy පන්ති ආසන අතර පරතරය පිළිවෙලින් අඟල් 29 ක් හා 28 ක් වන බව වාර්තා වේ.

ඊට අමතරව Tigerair Australia හි Airbus A320 යන ගුවන් යානා වල ඇතැම් economy පන්ති ආසන අතර පරතරය අඟල් 29 ට වඩා අඩු බවද සඳහන්.

Tigerair Australia හි අනෙක් economy පන්ති වල ආසන පරතරය සැලකිය යුතු ලෙස විශාල වශයෙන් ඇති නමුත් ඔවුන් ඒ සඳහා අමතර ගාස්තු අය කරයි.

ABC පුවත් ඇසුරෙනි.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now