ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ යෝජිත වෙනස්කම් වල අවසන් ඉරණම ලබන බදාදා තීරණය වෙයි. (SBS සිංහල/වාර්තා)

යම් හෙයකින්, අදාළ යෝජිත වෙනස්කම් සෙනට් සභාව මගින් සම්මත වුවහොත් පසුගිය අප්‍රේල් 20 වන දින සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ සෑම අයදුම් පතක්ම එම නව නීති වලට යටත් වන බවද වාර්තා වේ.

Australian citizenship

An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ යෝජිත වෙනස්කම් ලබන බදාදා සෙනට් සභාවේදී සම්මත නොවුණහොත් පසුගිය අප්‍රේල් 20 වන දින සිට තාවකාලිකව නතර කරගෙන සිටින පුරවැසිභාවය ලබා ගැනීමට යොමු කළ අයදුම්පත් වහාම සැළකිල්ලට ගන්නා ලෙස කම්කරු පක්ෂය රජයට කියා සිටියි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී දැනට අනුගමනය කරනු ලබන නීති වෙනස් කරමින් නව නීති මාලාවක් හඳුන්වා දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය අප්‍රේල් 20 වන දින  නිල වශෙයන් නිවේදනය කළේය.

එම යෝජිත වෙනස්කම් වලට අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා වසර 4 ක් ඔස්ට්‍රේලියාව තුළ වාසය කළ යුතු වීම,ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බලන අසීරු පරීක්ෂණයකට මුහුණ දිය යුතු වීම සහ ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ දැනුම පරීක්ෂණයකට මුහුණ දිය යුතු වීම වැනි අවශ්‍යතා අඩංගු වේ.

නමුත් මෙම යෝජිත වෙනස්කම් සඳහා කම්කරු පක්ෂය මෙන්ම Nick Xenophon ගේ කණ්ඩායමේ සෙනට් සාමාජිකයින්ද ග්‍රීන්ස් පක්ෂයද විරුද්ධ වී ඇත.

මෙම යෝජිත වෙනස්කම් මාලාව අසාමාන්‍ය සංවිධිත එකක් බවත් එය පෙර නොවූ විරූ ආකාරයේ එකක් බවත් කම්කරු පක්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ නියෝජිත Tony Burke පැවසීය.

ඩාවින් නුවර අද (09/10) පැවති Federation of Ethnic Communities සභාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මෙම යෝජනා සෙනට් සභාවේදී සම්මත නොවුණහොත් ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ගොඩ ගැසී ඇති සෑම අයදුම්පතක්ම හැකි ඉක්මණින් සැළකිල්ලට ගෙන අදාළ කටයුතු සිදු කළ යුතුයි. මෙය ඇත්තෙන්ම ප්‍රජාත්නත්‍රවාදය නොවෙයි.” යනුවෙන් Tony Burke වැඩි දුරටත් පැවසීය.

White Australia policy හෙවත් ඔස්ට්‍රේලියාවේ සුදු ජාතික ප්‍රතිපත්තිය අහෝසි කළ දිනයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ නූතන බහු සංස්කෘතිකත්වයට එල්ල කළ සෘජු පහරක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

යම් හෙයකින්, අදාළ යෝජිත වෙනස්කම් සෙනට් සභාව මගින් සම්මත වුවහොත් පසුගිය අප්‍රේල් 20 වන දින සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ සෑම අයදුම් පතක්ම එම නව නීති වලට යටත් වන බවද වාර්තා වේ. 

-------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne, Rashida Yosufzai




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now