SKIP TO MAIN CONTENT

මෙල්බන් සහ සිඩ්නි නගර වල උෂ්ණත්වය සෙල්සියස් 50 දක්වා ඉහළට. (SBS සිංහල/වාර්තා)

වැඩිවන උෂ්ණත්වයට මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියාව දැන් සිටම සූදානම් විය යුතු බව ආචාර්ය Sophie Lewis පවසයි.

Heatwaves
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne, James Elton-Pym

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ අධික ජනගහනයක් සිටින නගර වල හදිසියේ ඇතිවන තාප තරංග තත්ත්වයන් මත ඒවායේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නගින බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය පළ කළ නවතම පර්යේෂණ වාර්තාවක් පවසයි.

ඒවා අතරින් මෙල්බන් සහ සිඩිනි නගර විශේෂ බව ද පැවසේ.

2050 වන විට මේ තත්ත්වය උදා විය හැකි බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය Sophie Lewis පවසයි.

ඉදිරියෙදේ ගෝලීය උෂ්ණත්වය සමස්තයක් වශයෙන් සෙල්සියස් අංශක 2 බැගින් ඉහළ නගින බව කාළගුණ විද්‍යාඥයින් අනුමාන කර තිබේ.

ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍ර ලෙස වැඩි නොවී සීමා සහිත මට්ටමක පවත්වාගෙන යාමට දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියක් ප්‍රංශයේ පැරිස් නුවර දී එළි දක්වනු ලැබීය.

පැරිස් සම්මුතිය සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් 166 ක් අත්සන් තබා එකඟ වී තිබේ.

නමුත් සමස්තයක් වශයෙන් වැඩිවනවා යනුවෙන් අනුමාන ගෝලීය උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 2 කෙහි අගය ඔස්ට්‍රේලියාවේ උණුසුම් දිනවල සෙල්සියස් අංශක 3.8 කින් පමණ ඉහළ යන බව පර්යේෂකයින් පවසයි.

වැඩිවන උෂ්ණත්වයට මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියාව දැන් සිටම සූදානම් විය යුතු බව ආචාර්ය Sophie Lewis පවසයි.

“ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 බැගින් වැඩි වුවහොත් ඔස්ට්‍රේලියාව තුළ අපට අධික උෂ්ණ දවස් අත්දකින්නට ඉඩ තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල භයානකයි. එවැනි දවස් පිළිබඳ කලින් අනතුරු ඇඟවීමේ ක්‍රම නිර්මාණය කරගත යුතු වෙනවා. උදාහරණ වශෙයන් උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ වගේ.” යනුවෙන් ආචාර්ය Lewis පැවසුවාය.

අධික උෂ්ණත්වය මානව සෞඛ්‍ය කෙරෙහි අහිතකර බලපෑම් බරපතල තත්ත්වයෙන් ඇති කරන අතර යටිතල පහසුකම් සහ මහා බාධක කොරල් පරය වැනි  සුමුදු පාරිසරික පද්ධති වලට දැඩි බලපෑම් එල්ල කරන බව ඇය පෙන්වා දෙයි.

අධික උණුසුම් දිනවල දී පාසල් දරුවන් නිවසේ රැදී සිටීම වඩා වැදගත් වන බවත් එළිමහනේ නිතර සේවය කරන වැඩිහිටියන් තාප ආරක්ෂක ඇඳුම් පැළඳුම් වලින් සැරසී තම සේවාවන් කිරීම යෝග්‍ය බවත් ආචාර්ය Lewis පැවසුවාය.

කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය මත වසර 2040 ත් 2050 ත් අතර කාලයේදී ප්‍රධාන නගර වල සෙල්සියස් අංශක 50 පමණවූ තාප තරංග ඇතිවීමට ඉඩ ඇති බවද ඇය පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now