ඉකුත් සැප්තැම්බර් මාසයේ 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුව ආරම්භ විය.
සෑම වසරකම සැප්තැම්බර් 01 වන දින සිට නොවැම්බර් 30 දක්වා කාලය සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුව ලෙස සැළකේ.
ශීත සෘතුවෙන් පසුව පැමිණෙන වසන්ත සෘතුවේදී නැවතත් පරිසරය ආලෝකමත් වී උණුසුම් හිරු එළිය ලැබෙන්නට පටන්ගන්නා අතර ශීත කාලයේදී කොළ හැලුණු තුරු ලතා නැවත දළුලන්නට පටන් ගනී.
මුළු මහත් ස්වභාවධර්මයාම නැවත පිබිදෙන ඔස්ට්‍රේලියාවේ මෙම වසන්ත කාලය තුළ ඔබ දත යුතු ප්‍රධාන අංග 6 ක් පිළිබඳ මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එයි.
01. Royal Melbourne Show.

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලයේ පාසල් නිවාඩුවත් සමග මෙල්බන් නුවර ආරම්භ වන මෙම Royal Melbourne Show දැවැන්ත සැණකෙළිය, වාර්ෂිකව වසන්ත සමයේදී පැවැත්වේ.
කුඩා ළමුන් ඇතුළු පවුලේ සැමට විනෝද විය හැකි අයුරින් සංවිධානය කරන මෙම සැණකෙළියේ විනෝද ක්‍රීඩා, විවිධ ආහාර පාන, ඇඳුම් විලාසිතා, සත්ත්වයින් වැනි බොහෝ අංග දැකබලා ගත හැකිය.
මෙම වසරේ Royal Melbourne Show සැණකෙලිය පසුගිය සැප්තැම්බර් 23 වන දින ආරම්භවූ අතර එළඹෙන ඔක්තෝබර් 03 වන දින දක්වා Ascot Vale හි Melbourne Showgrounds හිදී පැවැත්වේ.
02. මල් සැණකෙළි. (Flower Festivals)
ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භයත් සමග ප්‍රාන්ත කිහිපයකම පාහේ දැවැන්ත මල් ප්‍රදර්ශන සහ මල් සැණකෙළි පැවැත්වේ.
කැන්බරා හි වාර්ෂිකව පවත්වන Floriade මල් සැණකෙළිය සහ මෙල්බන් නුවර වාර්ෂිකව පවත්වන Tesselaar Tulip Festival මල් සැණකෙළිය, වසන්ත කාලයේදී ඔස්ට්‍රේලියාවේ පවත්වන දැවැන්තම මල් සැණකෙළි ද්විත්වය වේ.
Floriade මල් සැණකෙළිය

කැන්බරා නුවර පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ විශාලතම මල් සැණකෙළිය වන මෙය මීට වසර 30 කට පෙර ආරම්භ කරන ලද්දකි.
සෑම වසරකම මිලියනයකට වඩා විවිධ වර්ග වල විවිධ වර්ණයන්ගෙන් යුත් පිපුණු මල් මෙහිදී ඔබට දැක බලා ගත හැකි වන අතර සංස්කෘතික සන්දර්ශන, ගෙවතු සහ උයන් වතු සම්බන්ධ වැඩ මුළු, ආහාර පාන සල්පිල් සහ සංගීත අංග වලින් මෙය සමන්විත වේ.
දැනට වාර්තා වන දත්ත වලට අනුව මෙය නැරඹීමට වාර්ෂිකව ලක්ෂ 5 කට ආසන්න පිරිසක් පැමිණෙයි.
මෙවර Floriade මල් සැණකෙළිය පසුගිය සැප්තැම්බර් 16 වන දින ආරම්භ වූ අතර එළඹෙන ඔක්තෝබර් 15 වන දින දක්වා පැවැත්වේ.
Tesselaar Tulip Festival

වික්ටෝරියා ප්‍රාන්තයේ මනස්කාන්තම මල් සැණකෙළිය වන Tesselaar Tulip Festival 1954 වසරේ ආරම්භ කරන ලද්දකි.
අක්කර 55 ක ගොවි පොළ භූමියක වර්ග 120 ක පමණ ටියුලිප් මල් වර්ග ඔබට මෙහිදී දැක බලා ගත හැකිවේ.
වාර්ෂිකව මිලියනයකට ආසන්න ටියුලිප් මල් සංඛ්‍යාවක් මෙම සැණකෙළියේදී ඔබට නැරඹිය හැකි අතර ටියුලිප් මල් වලට අමතරව විවිධ ක්‍රීඩා, සංස්කෘතික අංග, ආහාර පාන සහ විවිධ විනෝදාංග වලින් මෙම සැණකෙළිය සමන්විත වේ.
මෙවර Tesselaar Tulip Festival ඉකුත් සැප්තැම්බර් 14 වන දින ආරම්භ වූ අතර එළඹෙන ඔක්තෝබර් 15 වන දින දක්වා පැවැත්වේ.
03. AFL අවසාන මහා තරගය

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම සහ උන්මාදනීයම ක්‍රීඩාව වන Australian Footy ක්‍රීඩාවේ මහා මංගල්‍යයය ලෙස හැඳින්වෙන Australian FootyLeague අවසාන මහා තරගය ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලයේ පැවැත්වෙන තවත් දැවැන්ත ඉසව්වකි.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තම අවසාන මහා තරගය වන මෙය සෑම වසරකම සැප්තැම්බර් මාසයේ අවසාන සෙනසුරාදා හෝ ඔක්තෝබර් මාසයේ පළමුවන සෙනසුරාදා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙවත් MCG හි පැවැත්වේ.
ලක්ෂයකට අසුන් ගත හැකි ප්‍රේක්ෂකාගාර පවතින මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය සෑම AFL අවසාන මහා තරගයකදීම එම අසුන් ලක්ෂයම පිරී යන බව සඳහන්.
මෙවර AFL අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ Adelaide Crows සහ Richmond Tigers යන කණ්ඩායම් වේ.
එම කණ්ඩායම් ද්විත්වය තරගවදින 2017 AFL අවසාන මහා තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට (30/09) පස්වරු 2.30 ට ආරම්භ වේ.
04. Spring Racing Carnival සහ Melbourne Cup.

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය උදාවෙත්ම මෙල්බන් නුවර ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී තවත් වසන්ත සැණකෙළියක් ආරම්භ වේ.
තුරඟ තරග වලින් සහ ඇඳුම් විලාසිතා වලින් සමන්විත වූ මෙය Spring Racing Carnival ලෙස හැඳින්වේ.
Flemington, Caulfiled, Moonee valley, Cranbourne, Geelong, Bendigo, Sandown Park සහ Ballarat යන තුරඟ තරග පිටිවලදී පුරා මාස දෙකක් පැවැත්වෙන මෙම තුරඟ තරග ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධම තුරග තරග ලෙස වාර්තා වේ.
මෙම තරග නැරඹීමට පැමිණෙන කාන්තාවන් සහ පුරුෂයින් නොයෙක් වර්ගයේ ඇඳුම් පැළඳුම් වලින් සැරසී පැමිණෙන අතර විලාසිතා ප්‍රදර්ශනයක් ද ඊට සමගාමීව පැවැත්වේ.
Melbourne Cup

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම තුරඟ තරගය Melbourne Cup ලෙස හැඳින් වේ.
සෑම වසරකම නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා පවත්වනු ලබන මෙම තරගය Flemington තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
‘Race that stops a nation’ හෙවත් “ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවන තරගය” ලෙස විරුදාවලිය ලත් මෙම තරගය මෙම වසරේ නොවැම්බර් 07 වන දා අඟහරුවාදා Flemington තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
05. Hey Fever හෙවත් පරාග ආසාත්මිකතාව

ඔස්ට්‍රේලියාවේ ශීත කාලය අවසන් වී වසන්ත කාලය එළඹෙත්ම බොහෝ දෙනෙකු හට Hey Fever හෙවත් පරාග ආසාත්මිකතාව වැළඳීමේ සම්භාවිතාවක් පවතී.
වසන්ත කාලය උදාවෙත්ම මල් හටගැනීමත් සමග පරාග බහුල වශයෙන් පරිසරයේ සැරිසරයි.
එම පරාග වලට අසාත්මිකතාවක් දක්වන උදවිය මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙයි.
මෙය පරාග නිසා පමණක් නොව දූවිලි සහ සතුන්ගේ රෝම නිසාද ඇතිවීමට ඉඩ ඇත.
එනිසා ඔස්ට්‍රේලියාවේ වසන්ත සමයේදී මේ රෝගී තත්ත්වය පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතු වේ.
06. උන සෙම්ප්‍රතිශ්‍යා රෝගය හෙවාත් ඉන්ෆ්ලුවන්සා රෝගය.

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භයත් සමග උන සෙම්ප්‍රතිශ්‍යා රෝගය හෙවාත් ඉන්ෆ්ලුවන්සා රෝගයේ වැඩිවීමක් දක්නට ලැබේ.
මේ වසර තුලදී ඕස්ට්‍රේලියාව තුළ උන සෙම්පතිශ්‍යා රෝග අසාධනය වීමේ සිද්ධීන් 160,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සදහන්.
මේ අතරින් සමහරක් සිද්ධීන් මාරාන්තික සිද්ධීන් බව වැඩි දුරටත් වාර්තා වෙයි.
පුද්ගලයින් 12 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් පසු ගිය මාස කීපය තුල ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන් හේතුවෙන් ජිවිතක්ෂයට පත් වූ බව වාර්තා විය.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

